නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති බැවින් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සොයාගැනීමෙන් පසු විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට පනවා තිබූ නියෝගය අද (27) ඉවත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය තීරණය කළාය.
මෙම නඩුව සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තුවක්කු ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක, ඇවැන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන පාලිත පියසිරි ප්‍රනාන්දු සහ මංජුල කුමාර යාපා යන පිරිසට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සිද්ද වුණ අතුරුදහන් සිදුවීම් සොයන්න. (අ)
ජාතික ආණ්ඩුවේ පෙරමග සලකුණු. තව පුදුම ආරංචි අනාගතයේදී අහන්න ලැබේවි (අ)
රන්ජිත් ඕක ජාතික ආණ්ඩුවට සම්බන්ද කරගන්න එපා. මෙය කොහොමත් ජාතික ආණ්ඩු වලට සම්බන්ද කෙනෙක් නෙවේ (අ)
අනේ පව් අප්පා හොද මහත්තයෙක්, මොනවටද මෙයට කරදර කරන්නේ, පුස් පෙටියෙක් වගේ. දැක්කහම කඳුළු එනවා.(ම)
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තුමා නැත්නම් අද අපිට රටක් නැහැ. (අ)
මේ මිනිස්සුන්ගේ නියම අගේ තේරෙන්නේ දැන් නෙමෙයි ඉදිරියට.සිංහලයා මෝඩයා කැව්ම් කන්න මෝඩයා (ම)
ගණන් ගන්න එපා, මේක තමයි ඉතිහාසයේ ඉඳලම වුණේ. ගමේ ගොඩේ අහිංසක ගැමියෙක් ළඟ කුරුල්ලෝ එලවන තුවක්කුවක් තිබිල අහු වුණානම්මෙලහටත් එල්ලුම්ගස්. (ම)
යහපාලනය සහ ලෙච්චමී පාලනයට ජයවේවා! (ම)
ඩයස්. එයා තමයි හිටපු ජනාධිපති. එයා තමයි හිටපු ආරක්ෂක ලේකම්. ඉතින් ඒ නිසා එයා නොහිටියානම් අපට රටක් නැහැ. ඔයාගේ මොලේ තමයි මොලේ. පිනි බාන්න දෙන්න එපා. පරිස්සම් කරාන්න. (බ)
ඩයස්, එතකොට යුද්ධයෙන් පසු විදෙස් මාධ්‍ය කරුවන්ට, සුදු කොඩි ඔසවාගෙන පැමිණි අහිංසක මිනිසුන්ට හමුදාව වෙඩි තැබුවා කියා කීවේ කවුද? (නදී)
ගෝඨාභය උතුමා නැත්නම් අද අපට ඉන්න රටක් නෑ. එ්ක මතක තියා ගන්න. ගුණමකු වෙන්න එපා. (බ)
සෝමාලියන් මුහුදු කොල්ලකාරයන්ගේ අවාසනාව හා බොරු මාධ්‍ය සංදර්ශණයට වශිවෙලා හිටිය අපේ මෝඩයන්ගේ බලවත් සංවෙිගය (නදී)
ඒ කියන්නේ,මින් ඉදිරියට අපටත් පුපුරන ද්‍රව්‍ය,ගල්කටස්, පිස්තෝල කඩු,කිනිසි,ටී 56 ළඟ තබාගන්න පුළුවන් ආත්මාරක්ෂාවට.ඒ වගේම අපට දැන් ඉතින් හිත හදාගන්න පුළුවන් යහපාලනයට දීපු ඡන්දෙට වටිනාකමක් ලැබුන කියල. (බ)
තුන්වෙනි පන්තියේ මිනිසුන්ගේ වැඩවලින් ශ්‍රේෂ්ඨගනයේ වැඩ බලාපොරොත්තුවෙන්න බෑ.(හේ)
මේ කොම්මෙන්ට් දැක්කම දුකයි. මොකද මේ රටේ වැඩිපුරම කාලකන්නි ඉන්නවා දැක්කම , මුන්ට ප්‍රභාකරන් වුනත් කමක් නෑ උන්ගේ පක්ෂේට එනවනම් , (බ)
සුදුවෑන් ඝාතන වලට හා එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට ඕනෑ තරම් නඩු ඉස්සරහට වැටෙයි...(ම)
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තුමා තමයි සටන් බිම ඉඳලා සටන දිනෙව්වේ. ඔය කවුරු කවුරුත් යුද්දේ කාලේ විදෙස් ගතවෙලා පස්සේ කල් යල් බලලා පැරෂුට් වලින් බැහැපු අය.(නදී)
බළලා මල්ලෙන් එළියට පැනලා වගේ. කොහොමද සංජයගේ භාෂා විලාශය ? හොඳින් කියවා බලන්න. (බ)
මිනිසුන්ට අපේ රටේ යුද්දයක් තිබුණාද කියල මතක නැහැ.(ම)
යුද්දය දිනු විරුවන්ට කළ අපහාස වලට ලැබෙන ශාපය වළක්වනු බැරිය (ම)
ලෝකයේ දරුණුම ගනයේ ත්‍රස්තවාදීන්ට අවි සහ මත්ද්‍රව්‍ය විකිණීම හොඳයිද?ලෝකය විසින් මේ ගැන වෙනම පරීක්ෂණයක් කරනවා.(නදී)
තමුන්ගේ මිනිය සවලකින් එකතුවෙන්නේ නැතුව තියෙන්න ඒ මිනිස්සු ගත්ත තීරණ නිසා. (අ)
අනිත් ඒවත් එහෙම තමයි. බොරු චෝදනා විතරයි. අනේ රත්තරන් මිනිස්සු රටට වැඩත් කරලා, අපහාස දුක් විදින තරම්. දෙවියොත් කෝප වෙනවා (අ)
ඇත්ත දකින්න බැරි මිනිස්සු ඉන්න රටක අනාගතය අවිනිශ්චිතය් මහින්ද සරත් ගෝඨා කරන්නාගොඩ හා රොෂාන් එක්ක අපේ කොල්ලෝ යුද්දය ඉවරකලා . ඒකාලේ සමහරු යුද්දෙට සපෝර්ට් කළා. අපිට ඒවා මතකයි . (අ)
ගෝඨාභය නැත්නම් අද අපට ඉන්න රටක් නෑ. තවමත් අපේ කොල්ලන්ගේ මළ කදන් එන එක නවත්තන් බෑ (අ)
හේමන්ත, රාජ්‍ය සේවය කියන්නේ එහෙම තමයි. (බ)
බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ (බ)
අනිත් ඒවත් එහෙම තමයි.දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත්තු ධනස්කන්දය දැන් විසිකරනවා.(ම)
අනේ පව් අසරණයට රට යන්න ඉඩ දෙන්න (ම)
හේමන්ත මටත් කියන්න තියෙන්නේ ඔච්චරයි (හේ)
දෙවියන්ගේ පිහිටයි.(හේ)
ඡන්දේ ගන්න කියපු කරපු දේවල්නේ, ගණන් ගන්න එපා.(හේ)
අම්මෝ ඩුබායි තිලක් දන්නා දේවල් ඔය ලංකාවේ ඉන්න ඕන මිනිහෙක් (අ)