ශ්‍රී ලංකාවේ ස්වභාෂා පුවත්පත් ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආචාර්ය උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව වීද්‍යාලයයේ උපාධි ප්‍රධානෝත්සවයේදී රංග කලංසුරිය මහතාට හිමි විය.
උපාධි ප්‍රධානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ස්වභාෂා මාධ්‍ය ජනවාර්ගික වාර්තාකරණය මැයෙන් ඉදිරිපත් කළ නිබන්ධනයට ඔහුට මෙම ආචාර්ය උපාධිය හිමි විය.
මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ ඔහුගේ නිබන්ධනයට ලක් වුයේ යුද සමයේ කාලවකවානු තුනකදී ස්වභාෂා මාධ්‍ය වාර්තා පිළිබදව සංසන්ධනාත්මක විග්‍රහයකි.
ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදීයකු ලෙස 1990 දී පුවත්පත් කලාවට පිවිසි ඔහු ශ්‍රී ලංකා පුවත්පත් විද්‍යාලයයේ හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විය .
දැනට ඔහු ඉන්ටර් නැෂනල් මීඩීයා සපෝට් මාධ්‍ය ආයතනයේ ආසියා කලාපයේ උපදේශකයකු හා පුහුණුකරුවකු ලෙසත් සේවය කරයි.
ඔහු අභාවප්‍රාප්ත සෝමාදේවී පරණයාපා පුවත්පත් කලාවේදීනියගේ හා අභාවප්‍රාප්ත සිවිල් සේවක සිරිවර්ධන කලංසුරිය මහතාගේ පුත්‍රයාය.
ආචාර්ය රංග කලසුරිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුළපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියනට වැද නමස්කාර කරයි.
ඡායාරූප - නිසල් බදුගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දිගාසිරි වේවා ! (නි)
රංග කලන්සූරිය, ඔබට උණුසුම් සුබපැතුම්! (දී)
කලන්සුරිය මැතිතුමනි, ඔබතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් මේ සමග පිරිනමමි. (නි)
ආචාර්ය රංග කලන්සුරිය මහතාට මගේ උණුසුම් සුබ පැතුම්! මීට වසර 20 පමණ ඉහත, එනම් 80-90 දශකය තුල කොළඹ ආනන්දය, මහරගම සිරි දර්මායතන දහම් පාසැල යන ආයතන තුල සුවහසක් සිසු දරුවන්ට නායකත්වය දෙමින් රට,ජාතිය, ආගම වෙනුවෙන් කළ සේවය අප හදවත් තුල සනිටුහන්ව පවතී. (නි)
රංග, ඔබ ගැන දුර රටක හීටියත් මේ පුවත ඇහුවාම හරිම සතුටක් දැනුනා .මම ලේක්හවූස් ආයතනයයේ පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කරන අවධියේ ඔබේ මව තරුණී පුවත්පතේ උපකතුවරියක ලෙස සේවය කළා.ඇයගෙ අතේ එල්ලී ආ ඔබ ගැන මගේ යලිත් අලුත් වුනා.පිටරට වලට ගිහින් ගත්ත ආචාර්ය උපාධියකට වඩා ඔබේ උපාධිය දහස් වරක් අගය කලයුතු එකක් රංග. මා අවංක මුළු හදවතින්ම ඔබට සුබ පතනවා. (දී)
මාධය ආචාර්‍යවරුන්ව මර්දනය කරන්න දැනටමත් මැර ආචාර්‍ය ය කෙනෙක් ඉන්නවා බලාගෙන.(නදී)
සුබ පැතුම්! (නි)
දයාබර රංග,ඔබට මා හදවතින්ම සුබ පතනවා. (නි)
සුභ පැතුම්!ආනන්දයේ මිතුරෙක්ගෙන්. (නි)
සුභ පැතුම්! ගමේ මිතුරෙක්ගෙන්.(නදී)
සහෘද මාධ්‍ය සගය,ඔබට හදවතින්ම සුභ පතමි. (නි)