- අංගොඩ කැලණිමුල්ලේ කැලණි ගඟ අසබඩ ලඳු කැලෑවකින් නාඳුණන පුද්ගලයකුගේ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි. හිසේ පමණක් තුවාලයක් දක්නට ඇත.
- කල්පිටිය පලාවිය පාරේ පාළු ළිඳකින් ගොඩ ගත් කළු පැහැ බෑගයක නරක් වූ මළ සිරුරක් සොයා ගත් බව කල්පිටිය පොලිසිය කියයි. සුදු පැහැ මෝටර් රථයකින් කළු බෑගය ළිඳට දමන්නට ඇතැයි ධීවරයකු පොලිසියට කියා ඇත.
- කොරලියකු උගුරේ හිරවී තංගල්ලේ ධීවරයකු මිය ගියේය. දඟලමින් සිටි කොරලියාගේ කරමල කටින් අල්ලාගෙන සිටියදී කොරලියා උගුරේ හිරවී ඇත.
- බොරැල්ලේ කිච්චි නම් පුද්ගලයකු (43) රුපියල් ලක්ෂ දහයක හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත නේන්නම් සිසිරගේ කතාව !!!දැන් බලාගෙන ගියාම කොරලියා හින්දනේ ධීවරයා මැරිලා තියෙන්නේ !!!!! (ස)
නොසන්සුන්වූ ජනතාවගේ කරමල කටින් කඩන්න යන කවුරු වුණත් දවසක හුස්ම හිරවෙලා මැරෙනවා. මාළුවා නිකම්ම මැරෙන්න සුදානම් නැහැ. මාළුන්ට ජය වේවා! (නි)
මම නම් අහලා තිබුනේ මාළුවා නහින්නේ කට නිසා කියලා. දැන් බැලුවම ඒකේ අනිත් පැත්තනේ වෙලා තියෙන්නේ. (නි)