ප‍්‍රවෘත්ති හිඟයක් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීන් දුරකතන ඇමතුම් ලබාදුන් නිසා මාධ්‍ය හමුවක් සංවිධානය කළ බවත් ඩලස් අලහප්පෙරුම මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට ප්‍රමාද වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා අද බොරැල්ල ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවට පැමිණීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් හේතු දක්වමින් පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට මන්ත්‍රීවරු නොපැමිණීම හේතුවෙන් එය ආරම්භ කිරීම පැයකුත් විනාඩි 15ක පමණ කාලයක් ප‍්‍රමාද විය.
කෙසේ වෙතත් තනිව හෝ මාධ්‍ය හමුව පවත්වන ලෙස මාධ්‍යවේදීන් කළ ඉල්ලීම අනුව ගම්මන්පිල මහතා පෙරවරු 11.15ට මාධ්‍ය හමුව ආරම්භ කළ අතර ඉන් විනාඩි පහක් පමණ ගත වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා ද පැමිණියේය.
මාධ්‍ය හමුව සඳහා මන්ත‍්‍රීවරුන් සම්බන්ධ කරගැනීම පිළිබඳ ගැටලූවක් ඇති වූයේ අනෙකුත් මන්ත‍්‍රීවරුන් බොහොමයක් නිවාඩු සතියේ කොළඹින් බැහැරව ගොස් සිටින නිසා බව ද උදය ගම්මන්පිල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකයි යථාර්තය ..මේ මිනිසා තරම් උගත් මෝඩයෙක් මම දැක නැත . (ම)
පව් සතෙක් කියල මිනිස්සු කියන්නේ මෙන්න මේ වගේ අයට (කෞ)
ගම්මන්පිල මහත්තයෝ, කාඩ්බෝඩ් වීරයෝ අපිට වැඩක් නැහැ (නි)
මන්ත්‍රීවරු පුවත් මවන්නන් ලෙස සළකන හින්දනේ මේ වගේ මත පැතිරෙන්නේ. මේ වෙලාවේදී මාධ්‍යවේදීන්ට කරන්න තිබෙන හොඳම දේ තමයි සිවිල් සංවිධාන, විද්‍යා පර්යේෂණ ආයතන සහ විශ්ව විද්‍යාල සමඟ අත්වැල් බැඳගෙන සමාජ, ආර්ථික, පාරිසරික සහ තාක්ෂණික ප්‍රවණතා සහ පර්යේෂණ පිළිබඳ පුවත් ජනතාව අතරට ගෙනයාම. (නි)
උගත්කම තිබුනාට මදි. තමන්ගේ තත්ත්වය රැකගෙන කළයුතු නොකළයුතු දෑ තෝරාබේරා ගැනීමට දැනගත යුතුයි (නි)