IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘පුවත් අහේනියට‘ පිහිට වෙන්න ගම්මන්පිලට බැරිවෙයි

ප‍්‍රවෘත්ති හිඟයක් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීන් දුරකතන ඇමතුම් ලබාදුන්  නිසා මාධ්‍ය හමුවක් සංවිධානය කළ බවත් ඩලස් අලහප්පෙරුම මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට ප්‍රමාද වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා අද බොරැල්ල ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවට පැමිණීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් හේතු දක්වමින් පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට මන්ත්‍රීවරු නොපැමිණීම හේතුවෙන් එය ආරම්භ කිරීම පැයකුත් විනාඩි 15ක පමණ කාලයක් ප‍්‍රමාද විය.

කෙසේ වෙතත් තනිව හෝ මාධ්‍ය හමුව පවත්වන ලෙස මාධ්‍යවේදීන් කළ ඉල්ලීම අනුව ගම්මන්පිල මහතා පෙරවරු 11.15ට මාධ්‍ය හමුව ආරම්භ කළ අතර ඉන් විනාඩි පහක් පමණ ගත වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා ද පැමිණියේය.

මාධ්‍ය හමුව සඳහා මන්ත‍්‍රීවරුන් සම්බන්ධ කරගැනීම පිළිබඳ ගැටලූවක් ඇති වූයේ අනෙකුත් මන්ත‍්‍රීවරුන් බොහොමයක් නිවාඩු සතියේ කොළඹින් බැහැරව ගොස් සිටින නිසා බව ද උදය ගම්මන්පිල මහතා පැවසීය.

web_gamma_201512301

           

 



අදහස් (0)

‘පුවත් අහේනියට‘ පිහිට වෙන්න ගම්මන්පිලට බැරිවෙයි

පේෂල Wednesday, 30 December 2015 09:56 AM

ඔන්න ඕකයි යථාර්තය ..මේ මිනිසා තරම් උගත් මෝඩයෙක් මම දැක නැත . (ම)

:       0       0

උපුල් Wednesday, 30 December 2015 10:50 AM

පව් සතෙක් කියල මිනිස්සු කියන්නේ මෙන්න මේ වගේ අයට (කෞ)

:       0       0

ඉරේෂ් Wednesday, 30 December 2015 11:43 AM

ගම්මන්පිල මහත්තයෝ, කාඩ්බෝඩ් වීරයෝ අපිට වැඩක් නැහැ (නි)

:       0       0

ටිකිරි Wednesday, 30 December 2015 11:42 AM

මන්ත්‍රීවරු පුවත් මවන්නන් ලෙස සළකන හින්දනේ මේ වගේ මත පැතිරෙන්නේ. මේ වෙලාවේදී මාධ්‍යවේදීන්ට කරන්න තිබෙන හොඳම දේ තමයි සිවිල් සංවිධාන, විද්‍යා පර්යේෂණ ආයතන සහ විශ්ව විද්‍යාල සමඟ අත්වැල් බැඳගෙන සමාජ, ආර්ථික, පාරිසරික සහ තාක්ෂණික ප්‍රවණතා සහ පර්යේෂණ පිළිබඳ පුවත් ජනතාව අතරට ගෙනයාම. (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 30 December 2015 01:57 PM

උගත්කම තිබුනාට මදි. තමන්ගේ තත්ත්වය රැකගෙන කළයුතු නොකළයුතු දෑ තෝරාබේරා ගැනීමට දැනගත යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site