හෝමාගම ගලවිලවත්තේ ඉන්ධන පිරවුම්හල් කරුවකු බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් බැංකුව ඉදිරිපිටදී පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනා දුවද්දී ඔහු පසුපස දිවූ හමුදා කපිතාන්වරයකු ඔවුන් මෙල්ල කර සල්ලි ද මුදල් ද සමග ඔවුන් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී ඇතැයි කියති.
මේ අතර බැංකුව ඉදිරිපිට රථවාහන හසුරුවමින් සිටි පොලිස් සැරයන් බණ්ඩාර නමැත්තා මුලින්ම මෙම කලබලය දැක අවිගත් කොල්ලකරුවන් පසුපස හඹාගොස් ඇතැයි ද හමුදාවේ පිරිසක් ද ඊට එක්වී ඇතැයි ද කියති.
පිහියක් රැගත් කොල්ලකරුවකු සමග සටන් කර සල්ලි මල්ල ආපසු ලබාගැනීමට ඔහු සමත්වී ඇතැයි ද කියති.
අද උදේ 9ට පමණ මීගොඩ දී කාන්තා ණය දෙන සමිතියකට පැන රුපියල් 60,000ක් පමණ පැහැර ගන්නට ඇත්තේ මෙම කොල්ලකරුවන් විය හැකි යැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා වරදක් දුටු තැන ඔබගේ වගකීම ඉටුකළ වීරවරයන්ට මගේ හද පිරි ඉස්තුතිය සියලු දෙවි යන්ගේ පිහිටාරක්ෂාව පර්තනාකරමි. (ර)
මම මේ වෙලාවේ හෝමාගම නගරයේ හිටියා ,මම ගත්ත පින්තුර ටික පත්තරේට යැව්වා ඔයාලා බලන්ට නියම වීරයෝ. (ර)
සනීප කර ගන්ට බැරිවෙන විදියට අතක් කඩලා තමයි පොලිසියට භාර දෙන්ට ඕනේ ආයෙත් කොල්ලකෑම් වලට නොයන්න. (බ)
කාලයකට පෙර බණ්ඩාරවෙල ඉන්ධන පිරවුම් හලෙන් සල්ලි මංකොල්ල කාපු මංකොල්ල කරුවන් අල්ලන්න උන්ගේ වාහනයේ අංකය ගිය දිසාව වාහනයේ පාට වගේ තොරතුරු මම පොලිසියට දුන් නිසා පැයකින් විතර හොරු අල්ලන්න පුළුවන් උනා. එකට සන්තෝෂයි. නමුත් වචනයකින්වත් ස්තුතියක් කලේ නැහැ. එකට දුකකුත් නැහැ. (ර)
කොතන හිටියත් වැඩ පෙන්වන අපේ හමුදා වීරයින්ට මගේ සුබපැතුම්!(හේ)
මෙන්න නියම සිංහයන්. (ර)
චන්න බුවනක ඔය කරපු දේ ගැන සතුටුවෙන්න , අපේ රටේ හැටි ඔහොම තමා ,කාට හරි වැරදුනොත් හොඳට හිනාවෙන්න බලාගෙන ඉන්නේ (බ)
ජීවිතය පරදුවට තියල හමුදා බුද්ධි අංශයේ විරුවෝ කොටි අඩවි වල රිංගලා කරපු වීරකම් නිසා තමයි අද අපි මරණ බිය නැතිව ඉන්නේ. මහින්දලට බනින්න, උසාවි ගෙනියන්න බය නැතිව පාරේ යන්නේ. (ර)
පොලිසියේ එක්කෙනාට පිහි පාරක් වැදුනානම් පවුලම අනාතයි. එක හින්ද ඔවුන්ට අවදානම් දීමනාවක් හා රක්ෂණයක් තිබිය යුතුයි. මේකට දෙපාර්තමේන්තුවෙන් වෙනස් කර බලකායක් බවට පත්කළ යුතුයි. (හේ)
වීරයන්ට ජනතා උත්තමාචාරය.(හේ)
අන්න වීරයෝ ,(හේ)
අගේ කරනවා පැරිස් වලින් සුබ පැතුම් .! (ර)
හොරකම් නොකරන සාධාරණ සමාජයක් ගොඩ නැගීමට සියලුදෙනා එකතු විය යුතුයි. වුරුදු 68ක්ම රට පාලනය කළ මේ දෙගොල්ලටම ඒ දේ කරන්න බැහැ....නීති බැරිකම හා අධික තන්හාව නිසයි...මිනිසුන් මේ දේ කරන්නේ...(අ)
මම පොකැට් කාරයෙකුට ගහලා ඌ ළඟ තිබුන වොලට්ටුව අයිතිකාරයාට ගෙනත් දුන්නේ පිහියා ඇනුම් නොකා. ඒ අයිතිකාරයා මගේ මුණ දිහාවත් බැලුවේ නැත්තේ බයටද එහෙමත් නැත්නම් කෙලෙහි ගුණ නොදන්නා කමටද කියලා හිතාගන්ට අපහසු උනා. (ර)
මේ වීරයන්ට මගේ ගෞරවනීය ස්තුති ප්‍රණාමය. (ර)
අනුන්ගේ දේවල් කොල්ලකන අයට හොද පාඩමක්. (ර)
ඔන්න වීරයෝ! (බ)
වීරෝදාර සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය......(බ)
ලංකාවට අවශ්‍ය වන්නේ ඔන්න ඔය වගේ පොලිසියේ හමුදාවේ මහත්වරුන් තමයි ඔවුන් ආරක්ෂා කරගත යුතුයි (බ)
නියමයි. මෙන්න රණවිරුවෝ. (ර)
එයයි ඔබේ යුතුකම සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තුතියි. (ර)
අගේ කලයුතු වැඩක්. (ර)
මේ වීර ක්‍රියාව කල අය අගය කල යුතුය. (ර)
මම මේ වෙලාවේ හෝමාගම නගරයේ සිටියා, සාමාන්‍ය ජනතාවට කරදරයක් නොවෙන්න හොරාව මෙල්ල කරපු විදිය ප්‍රශංසනීය දෙයක්. (ර)