රත්නපුර සහකාර පොලිස් අධිකාරී බී එන් ආර් සේනසිංහ මහතාගෙන් රුපියල් පනස් ලක්ෂයක කප්පමක් ඉල්ලා දුරකතනයෙන් තර්ජනය කළැයි කියන බස් හිමියෙක් ඇහැළියගොඩින් අත්අඩංගුවට ගත් බව පොලීසි කියයි.
කප්පම් ඉල්ලා දින තුනකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයකුගෙන් හා ඇමැති මවකගෙන් ද කප්පම් ඉල්ලා ඇතැයි කියන පැමිණිලි ගැන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ බැලුවේ පොලිස් ලොක්කෙක් වුනත් ලක්ෂ 50 තියෙනවද ? ඒ කොහොමද? (නදී)
සාධාරණයි එයාලගෙන් කප්පන් ගත්තට කමක් නැහැ, අහිංසකයින්ගෙන් ගන්නේ නැතිව. (අ)
දැන් ලංකාවේ හැම තැනම කප්පම් ඉල්ලීම, අල්ලස් ඉල්ලීම නියමයක් වෙලා. කිසිම වැඩක් කරගන්න බැහැ නොමිලේ. අපි ඉස්සර කියනවා "මතු ආත්මයෙත් මේ රත්තරන් ශ්‍රී ලංකාවේම ඉපදීමට වාසනාව ලැබේවා කියා" දැන්නම් ඒ ප්‍රාර්ථනාව වෙනස් කල යුතුයි කියන තැනට රට ඇවිල්ලා තියෙන්නේ.රට යන විදියනම් හිතාගන්නවත් බැහැ. ඇයි මේ දහදුරා වැඩ වගකිවයුත්තන්ට නවත්වන්න පුළුවන් කම තියෙද්දීත්, එසේ නොකරන්නේ මන්ද කියන ප්‍රශ්නය,කාගෙන්වත් නොවෙයි මම මගෙන්ම අහගන්නවා. හරිම කනගාටුයි.(නදී)
මේක නිකන් කප්පම් ඉල්ලීමක් වෙන්න බැහැ. දුන් නැත්නම් කුඩු කෑ විත්තිය කියනවයි කිව්වද දන්නේ නැහැ. (නදී)
බලන් යනකොට බස් හිමියයි පොලිස් ලොක්කයි කියල වෙනසක් නැහැ. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු. පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් සාමාන්‍ය පීසී කෙනෙක් ළඟ උනත් 50 ලක්ෂයක් තියෙන්න පුළුවන්.(නදී)
ඇමතිලා කොමිස් ගන්නවා ඇමති ගෝලයෝ සියලුම දහජරා වැඩකරනවා වරෙන්තුකාරයෝ හංගනවා ඉතිරිවා පසුවට ...(අ)
පොලිසිය කරන බිස්නස් වල හැටියට ඉල්ලපු ගාන ටිකක් මදි වගේ !!(අ)
මට නම් හිතෙන්නේ සිද්ධිය "උඩු යටිකුරු" කරලා වගෙයි. අනේ! අපි නොදන්න ශ්‍රී ලංකා පොලිසිය? (අ)
වෙනදට වෙන්නේ මේකේ අනිත් පැත්තනේ ! (ත)
ඇමතිලා පගා ගන්නවා ,ම්නිස්සු කප්පම් ගන්නවා ,පොලිසියෙන් අල්ලස් ගන්නවා ....ඔහොම යං .. ආශ්චර්ය ලඟම එනවා (අ)
බස් වලට වඩා කප්පම් බස් හොඳා වගෙයි.හැබැයි කම්බස් වෙනකම් දන්නේ නැහැ.(අ)
මුළු රටම යන්නේ කප්පන් උඩ. කොතරම් ආශ්චර්ය ජනකද?(අ)
පොලීසිය සමහර මිනිසුන්ගෙන් කප්පම් ගන්නවා. දරන් කප්පම්කාරයෝ පොලිසියෙන් කප්පම් ඉල්ලනවා.(නදී)