‘පොලීසියෙන් එල්ල කළ කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් පසු ඇතිවූ මුහුණේ දැවිල්ල නැති කරගන්නට ලිප්ටන් වටරවුමේ පොකුණකින් මුහුණ සෝදමින් සිටි මට පොලීසියෙන් වට කරගෙන පහර දුන්නා. ඔළුවේ පහර වැදුණු තැන් තවමත් වේදනාවයි. දැන් මගේ නිවසට පොලීසියෙන් කියමින් දුරකථන ඇමතුම් එනවා.’ සසිනි සංදීපනී ශිෂ්‍යාව කීවාය.
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ දී මේ ප්‍රහාරය එල්ල විය.
ප‍්‍රහාරය නිසා තමන් දින 4ක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ බව කී එම ශිෂ්‍යාව තමන්ගේ හිසේ වේදනාව අඩු නොවන නිසා නැවතත් සී.ටී ස්කෑන් පරීක්‍ෂණයක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පවසන්නේ යැයි ද සඳහන් කළාය.
ඇය මේ බව පැවසුවේ මරදාන, ඞීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ශිෂ්‍යාව පොලිස් නිලධාරියෙකුගේ පහරදීමකට ලක්වන ඡායාරූප මාධ්‍යවල පළ වූ අතර ඒවා පළවීමෙන් පසු දින මාධ්‍ය හමුවක් කැඳවූ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා පැවසුවේ ඇයට පොලීසියෙන් පහර නොදුන් බවත් පොලිස් නිලධාරියා කළේ වැටී සිටි ඇය නැගිටවීමට තැත් කළ බවද ඔහු කීවේය. ඡායාරූපය නිර්මාණය කළ එකක් බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
එම ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් තමන්ට සිදු වූ පහරදීම ගැන සසිනි මෙසේ ද අදහස් දැක්වූවාය.
‘කඳුළු ගෑස් වැදී මුහුණ දැවිල්ල නිසා අපි ලිප්ටන් වටරවුමේ පොකුණ අසල නැවතී මුහුණ සෝදමින් සිටියා. එවිටම ‘ඔතන ඉන්න එපා දුවපල්ලා’ කියමින් අපිට පිටුපසින් ආ අයියලා කෑ ගසනවා මට ඇහුණා. මම පසුපස හැරී බලන විට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පොලූ අරන් අප සිටි තැනට දුවගෙන එනවා මම දැක්කා. මම නැගිට දුවන්න හදන විටම පොලිස් නිලධාරියෙක් මගේ කොන්දට බැටන් පොල්ලකින් පහර දෙකක් එල්ල කළා. එවිට මම බිම ඇද වැටුණා. ගහන්න එපා කියා කෑ ගසද්දීත් ඔවුන් මගේ ඔළුවට පවා පහර දුන්නා. මගේ කොන්දේ පහරදීම් නිසා ඇති වූ සලකුණු පවා තිබෙනවා. පසුව අප සමග සිටි අයියලා මාව රෝහල් ගත කළා. පසුගිය 30 වැනිදා රාත‍්‍රියේ මාව රෝහලෙන් ගෙදර එව්වා. ඒත් තවමත් මගේ හිසේ කැක්කුම් ඇති වෙන නිසා මම පෞද්ගලික වෛද්‍යවරයෙක් හමුවී රෝගී තත්ත්වය පැවසුවා. ඔහු කීවේ සී.ටී ස්කෑන් පරීක්‍ෂණයක් කිරීම ස`දහා මට නැවතත් රෝහල් ගත වෙන්න කියලයි. පොලීසිය මට ගැහුවේ නැහැ. වැටුණු විට නැගිට්ටෙව්වා පමණයි කියා ඔවුන් දැන් කියනවා. ඒත් ඒවා බොරු. මාව ඇදගෙන වැටුණේත් ඔවුන්ගේ ප‍්‍රහාර නිසා‘
මෙහි දී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ අත් දෙකෙන් පොලූ දෙකක් අමෝරාගෙන, එසේ ඉහළට එසවුණු අත්වලින් බිම වැටුණු පුද්ගලයෙකු නැගිටුවන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර දෙන්නැයි තමන් පොලීසියට අභියෝගයක් කරන බවයි.
ලංකාදීප පුවත්පතේ සහ එහි වෙබ් අඩවියේ පළ වූ එම ඡායාරූප බොරු ඒවා නම් එම මාධ්‍යයන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග නොගන්නේ ඇයිදැයි තමන් එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් ප‍්‍රශ්න කරන බව අන්තරේ කැඳවුම්කරු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වියදමෙන් ඉගෙනගන්න සැළැස්සුවා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. වෙලාවට ඉගෙනීම සම්පූර්ණ කරගෙන වැදගත් පිළිවෙලට රැකියාවක් සොයාගෙන යසට පිළිවෙලක් වේවි. ඔක්කොම නිකන් ලැබෙනකොට හිතන්නේ මුළු රටේම මිනිස්සු බදු ගෙවන්නේ තමන්ගේ ණයක් ගෙවන්න කියලා. (නි)
වෙනස සැපද ?...(රේ)
ඇතැම් නුගතුන් උගතුන් කෙරෙහි ඉරිසියාවයි , (රේ)
මෙතන අදහස් දාන ගොඩක් දෙනෙක් මේ ළමයින්ටමයි චෝදනා කරන්නේ. ඒකට තමයි කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. හෙට දවසේ ඔබගේ දරුවන්ටත් පොලිසියෙන් ඔය බෙහෙතම දෙන්න පුළුවන්. (නි)
පවු මේ ළමයින්ගේ අහිංසක දෙමවුපියෝ... (නි)
මෙච්චර අමාරුවක් තියාගෙන මෙහෙම සාකච්ඡා වලට සහභාගි වෙන එක හොඳ නැහැ (නි)
මොනවා වුණත් ගැහැණු ළමයෙකුට පහරදෙද්දී මීටවඩා හිතන්න තිබුණා (නි)
අපේ අම්මාගේ ඇසේ ශල්‍යකර්මය නැවතුනා මේ පිස්සු වැඩ නිසා. මීටපස්සේ පොලිසියෙන් නෙමෙයි මෙයාලට ගහන්නේ පොදු ජනතාව. (නි)
මොනවා වුණත් ශිෂ්‍යයෝ අන්තිමට කාගේහරි ලණුවකට අහුවෙනවා. ළමයිනේ, කල්පනා කර බලන්න. උද්ඝෝෂණ වලට ගියොත් වෙන්නේ ගුටිකන එක තමා. ඔබගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට වෙනත් ක්‍රම සහ විධි භාවිතා කරන්න. (නි)
මේ ශිෂ්‍යයින් උද්ඝෝෂණ කළේ නිකම්ම නිකම් උපාධියයි ඩිප්ලෝමාවයි සමාන කරන්න කියලා නෙමෙයි. නැවත එච් එන් ඩී එක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගන්න කියලා. ඒකෙ ඇති කිසිම වැරැද්දක් නැහැනෙ. උසස් ජාතික ඩිප්ලෝමාවක් වෘත්තීය පුහුණුවක් ලෙස ලබාගෙන වැඩක් තිබෙනවද? (නි)
විජිත් හිතන්නේ මේ රටේ ඉන්න එකම උගත් දැනුම් තේරුම් ඇති කට්ටිය මේ කළුපටිධාරී තරුණයන් ටික කියලාද? වෙන උගත්තු මේ රටේ දැක්කෙම නැද්ද? උගත්තු තමන් උගතුන් කියලා බෙරිහන් දෙන්නේ නැහැ. (නි)
ඩිප්ලෝමාවක් කියන්නේ උපාධියක් නෙමෙයි. මම මේ දෙවර්ගයේම අධ්‍යයන කටයුතු කළ කෙනෙකු ලෙසයි කියන්නේ. අපි උසස් පෙළ වැඩිම ලකුණු ලබා කොළඹ දිස්ත්‍රික් කෝටා ක්‍රමයටද මුහුණදුන් උදවිය. උපාධියේ ඇති ඉතා වැදගත් සමහර විෂයන් ඩිප්ලෝමා පාඨමාලා වල නැහැ. මේගොල්ලන්ට හා කියනවා නම් අර මාලඹේ ළමයින්ටත් ඉඩදෙන්න ඕනෑ. (නි)
අපොයි! හරි උගත්තු තමයි. පාරේ හැසුරුන විදියට උගත්කම පෙනුණා. වැදගත් තැනක රස්සාවකටවත් නිර්දේශ කරන්න පුලුවන්ද මේ වගේ කට්ටිය? (නි)
මෙතැන ඉන්න පණ්ඩිතයෝ කොච්චර කෑගැහුවත් එයාලා පාරට ආවේ නිකන් නෙමෙයි කියලා තේරුම් ගන්න (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
අපොයි ඔව් මේගොල්ලෝ තමයි උගත්තු. මේ රටේ අනෙක් මිනිස්සු ඔක්කොම මෝඩයෝ. (නි)
චර්යාවක් නැති තැන උගත්කමක් කොහෙන්ද? අනෙක් කාරණාව තමයි සැබෑ උගතා තමන් උගත් කියලා පම්පෝරි ගහමින් අනෙකාට නුගතා යැයි පරිභව කරන්නේ නැහැ. (නි)
අසාධ්‍යවුණ අසල්වැසියෙකු රෝහලට අරගෙන යන්න තිබුන අපිට පාර අවහිර වුණා. එයාලාගේ කාටහරි අසනීප වුණා නම් දොස්තරලාගේ දෙමාපියන් සිහිකරාවි. අර මනුස්සයාගේ පෙර පිනකින් ගොඩ ආවේ. (නි)
ඔහොම වෙහෙස මහන්දි වෙන එක එච්චර හොඳ නැහැ නේද දැන් ඉන්න තත්ත්වයේ හැටියට?? (නි)
ඇත්තටම මේ ගැහැණු දරුවන් ගෙවල් දොරවල්,දෙමාපියන් ගැන හිතන්නේ නැද්ද මේවා කරන්න කලින්? (නි)
අපිට ළමයි නැද්ද අහනවා ? ඉන්නවා කොළඹ සරසවියේ තුන්වන වසරේ. මේ වගේ වැඩකට ගිහින් අහුවෙලා මම කෙහෙවල්ලෙන් ඇදගෙන ගෙදර එක්ක ආවේ. රට හදන්න යන්න කලින් තමන් හැදෙන්න ඕන. අන්තිමේ නොම්මරේ ප්‍රසිද්ධ වෙලා , ගෙනියන්න මිනිහෙක් නැති වුනාම එකත් අපිටමයි....(රේ)
මේ පෙන්වන්නේ උගත්කමක්ද? වෘත්තිකයෙකු වශයෙන් මම කියන්නේද එය ඉතාම අසාධාරණ ඉල්ලීමකි. (නි)
කිව්වත් වගේ ලජ්ජා නැතුව තමන් උගත් කියලා කියන්න පුලුවන්ද? රටක සිවිල් නිතිය දන්නේ නැති උදවියටද මේ උගත්තු කියන්නේ? ඕනෑම ඉල්ලීමක් කරන ශිලාචාර නීතිගරුක ක්‍රමයක් ශිෂ්ඨ සමාජයක තිබෙනවා. (නි)
රටේ ජනතාව බුද්ධිමත්. එයාලා දන්නවා ඇත්ත මොකක්ද කියලා (නි)
ජයනාත්, ඔබතුමා මේ රටේ සිවිල් නීතියක් කියලා දෙයක් තිබෙනවා කියලා දන්නේ නැද්ද? පෙනෙන්නේ නැද්ද ඉහතින් මිනිස්සු ලියා තිබෙනවා ලෙඩෙක් අරගෙන යන්න බැරි විදියට සාමාන්‍ය ජන ජීවිතයට බාධාවුණා කියලා (නි)
කොහොම නමුත් හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති (නි)
අපි අමාරුවෙන් දුක්විඳලා විශේෂ ගණකාධිකරණ උපාධිය හැදෑරුවේ. මේගොල්ලන්ටත් උපාධිය දෙනවා නම් උසස් පෙළ වාණිජ විෂයෙන් සමත්වුණ අයටත් උපාධියක් දෙන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. (නි)
සිසුන් කළ ඉල්ලීම වැරදි තමයි. ඒ උපාධි සමානව පිළිගැනීමේ වැරැද්ද දැන් කතාකරන්න ඕනෑ උසස් අධ්‍යාපන ඇමතිතුමා එක්ක මිසක් ළමයි එක්ක නෙමෙයි. වීඩියෝ සාක්ෂි, ඡායාරූප සාක්ෂි සමඟ පොලිසියෙන් මෙන්ම උද්ඝෝෂකයන්ගෙන්ද සිදුවූ නීති කඩකිරීම් වලට අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් දෙන එක තමයි දැන් කරන්න තියෙන්නේ.එහෙම නොකර පාරේදී ප්‍රශ්න විසඳන්න ගිය එක තමයි වැරැද්ද. එක වතාවක් හරිදේ කරලා පෙන්නුවා නම් ආයෙත් මේවා වෙන එකක් නැහැ. (නි)
හැමෝම තමන්ගේ සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් පාරට බැස්සොත් මොකද වෙන්නේ ආර් වික්‍රම? (නි)
මේ ළමයි කිසිම සිරිතක් විරිතක් තියා දැනඋගත් සමාජයේ හැසිරීමක්වත් දන්නේ නැහැ. තමන් හරි උගත්තු, රටේ මිනිස්සු මෝඩයෝ කියලා පොලිසියේ ඇත්තන්ටත් පෙන්වන්න යන්න ඇති. මොකෝ ඒ මිනිස්සු ගෙවල්වල පාඩම් කරමින් සිටි ළමයින්ට තඩිබාන්න ගියේ නැහැනේ (නි)
මෙතන සාකච්ඡා කරන්නේ තම තමන්ගේ අත්දැකීම්. ඉගෙනගන්න දරුවන්ට නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. මහපොළ ඉල්ලන එක සහ උපාධියට සමතැන ඉල්ලන එක සාධාරණයි. (නි)
සාකච්ඡා තිබ්බා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැනේ (නි)
කාටද ඉගෙනගන්න කාලේ ප්‍රශ්න නැත්තේ? මගේ අක්කගේ දුව පිටරට ඉගෙනගන්නේ ආපන ශාලාවක කුස්සියේ වැඩ අර්ධ කාලීනව කරමින්. කොළඹින් සරසවියට ලකුණු දෙකක් මදිවුණා. මෙහෙ ලංකාවේ ළමයින්ට උදේට බෙඩ් ටි එකේ ඉඳලා අම්මලා දීලා ඊළඟට ඉල්ලපු ගමන් ඉතිරි ටිකත් ආණ්ඩුවෙන් කරලා දෙන්න ඕනෑ. (නි)
හෙද ඩිප්ලෝමා, කෘෂි ඩිප්ලෝමා, විද්‍යාපීඨ ඩිප්ලෝමා ආදියත් වෘත්තිය අභිමුඛ පාඨමාලා. ඒ සියලුදෙනා පාරට බැහැලා මේ ඉල්ලීම කළොත් සාධාරණද? උපාධිය මට්ටමට පිළිගන්න කියයි. ඊටපස්සේ උපාධියට සරිලන රැකියා දෙන්න කියලා ආයෙත් පාරට බහියි. ලංකාවෙ ආර්ථිකය එක්කයි මේ හැමදෙයක්ම ගළපන්න වෙන්නෙ කියන එක ගණකාධිකරණය වගේ විෂයක් හදාරද්දිත් මේ ළමයින්ට නොතේරෙන එක පුදුමයි. (නි)
සමීරගේ උගත්කම රෙද්ද පල්ලෙන් බේරෙනවා. (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය උසස්පෙළ දක්වා පමණක් සිමාකළ යුතුයි. සියලුම විශ්ව විද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇතිකළ යුතුයි. අනවශ්‍ය ක්‍රියාකාරකම් වලට සහභාගි වන සිසුන්ගේ ශිෂ්‍යත්ව අහෝසි කළයුතුයි. (නි)
මම නම් සිසුවියගේ පැත්තේ (නි)
කිවුවත් වගේ මෙයාලා ඊළඟට මොන මොන ඉල්ලීම් ඉල්ලයිද දන්නෙ නැහැ (නි)
මේ වගේ අයට උසස් අධ්‍යාපනයක් ලැබුනත් වැඩක් නැහැ. දැන් මාද්‍ය සංදර්ශන පවත්වමින් ප්‍රසිද්ධ වෙන්න හදනවා. (ර)
අර කවුද කිව්වා වගේ මේගොල්ලන් කවදාහරි රැකියාවකට යන්නේ ගණකාධිකාරී වැඩට නෙවෙයි, ආයතන ගිනුමත් වහලා දාන්න තමයි. (ර)
අපිටත් උසස් අධ්‍යාපනයේදී අසාධාරණකම් සිදු වුණා. එත් අපි නම් රෙදි අතේ අරන් පාරට බැස්සේ නැහැ . (අ)
දැන් ඒකාධිපති පාලනය ඉවර නිසා ඔක්කොම වීරයෝ වෙන්නයි හදන්නේ. හැමෝම කරනකොට වීරයෝ, අහු වුණාම බබාලා. ගහල එලවන්න තමයි තියෙන්නේ බල්ලෝ වගේ හැසිරෙනකොට. (අ)
කෝ මේගොල්ලන්ගේ කළු ඇඳුම් ? රටම හොලවන්න හිතාගෙන වැඩට බැහැපු පාටයි. (ර)
අවුරුදු 4 ක් පාඨමාලාව කෙරෙන පලියට එක උපාධියක් බවට පත් කරන්න එකම නිර්ණායකය වෙන්නේ නැහැ. සමි කියන කෙනා පළමුව මෙතන ලියන්නේ අට පාස් මෝඩයන් නෙවෙයි කියලා දැන ගන්න. දියුණු රටවල සමහර උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා අවුරුදු 4ක් කෙරෙන්නේ සංකීර්ණ රිසර්ච් එකක් සමග. සමි තවම වෘත්තීය උගත් එක වෙන්න හිතලාවත් නැති බව පේන්නේ අඳ බාල කතා විලාසයෙන්. (අ)
මේ කට්ටිය හිතන්නේ මේ රටේ සිවිල් නීතියක් කියලා දෙයක් නැහැ කියලා. (ර)
නංගි කළු ඇදගෙන පටි බැඳගෙන බැරියර් පෙරළගෙන වීරයෝ වෙන්න ගිහින් ගුටිකෑවා. දැන්වත් හැදෙන්න. මගේ ළමයෙක් නම් ගෙදර ආපු ගමන් මමත් දෙනවා මතක හිටින්න (නි)
මේ අයට සාධාරණයක් කරන්න. (ර)
උසස් පෙළ පාස් අය විශ්ව විද්‍යාලයට ගන්න ඕන. නමුත් ඉඩ මදි. (ර)
මෙතන අදහස් ලියන හා මෙය කියවන පාඨක භාවතුනේ, මා මේ කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. විනය, නීතිගරුක බව, සදාචාරත්වය අකුරටම පිළිපැදිය යුතු හා සමාජයට ආදර්ශයක් දියයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා පොලිස් නිලධාරීන් ළඟ ජීවිතය පුරාම දක්නට නැති විනය වසර තුන හතරක ශිෂ්‍යභාවය තුළින් බලාපොරොත්තුවීම කුහකත්වයක් නොවේද? (නි)
දහස් ගණනක් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක් ලඟ ඔය විදියට පාරේ නිදාගෙන මාර්ග තදබදයක් ඇතිවීමෙන් එම රෝගීන්ට අත්වෙන ඉරණම ගැන හිතන්න බැරි ඔයාලට කැම්පස් යන්න බැරිවුණ හීනමානය නිසයි ඔය වගේ හැසිරෙන්නේ. ඩිප්ලෝමාවක් උපාධි මට්ටමකට පිලිගන්න කියලා කියන්නේ. (ර)
කාගේ හෝ උසිගැන්වීමකට මෙයාලා පාරට බැස්සද දන්නේ නැහැ. කවුරු හරි හෝ වැරදි උනත් පොලිසියට මෙහෙම ගහන්න අයිතියක් නැහැ. (ර)
කෙවින් හොඳයි (බ)
කෙවින් එච්එන්ඩීඒ ළමයි පිනට ඉගෙන ගන්නේ නෑ. ඔහේගේ බදු වලින් ඉගෙන ගන්නෙත් නෑ, සෙමෙස්ටේර් එකකට ක්ලාස් පීස් ගෙවල ඉගෙන ගන්නේ. දුක කියන්නේ මෙතන ඉන්න අය එ්ක නොදැන කතා කිරීම, මේ දගලන්නේ ප්‍රයිවෙට් කැම්පස්වල අගය වැඩි කරන්න, මේ වගේ දේශීය පාඨමාලා හෑල්ලු කරන්න හදන්නේ . නැත්නම් අවරුදු 73ක් පරණ පාඨමාලාවට ඇයි මෙහෙම සලකන්නේ. ඔහෙලා හොයල බලන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අලුතින් ඇතුල් කරපු පෞද්ගලික විශ්වවිද්‍යාලෙ මොකද්ද කියල එතකොට තේරෙයිමොකද්ද වෙන්නේ කියලා (බ)
ඔබගේ අරගලයට මා සුබපතමි. (ර)
මේ වගේ ප්‍රශ්න ඔඩු දුවවන්නේ වෙන කවුරුවත් නොවෙයි දේශපාලකයින් සහ ඔය කියන උසස් තනතුරු දරන නිලධාරීන්. ඒ අය කවදාවත් ප්‍රශ්නය ප්‍රාථමික අවස්ථාවේදී හොයාබලා විසඳුම් දෙන්නේ නැහැ. එහෙම කරනවා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ. (නි)
අපි ලංකාවේ ශීලාචාර මිනිස්සු. බලන්නකෝ මේ සමහර අදහස්! පොලිසිය ළමයෙකුට ගහන එක මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)
පවු අහිංසක සිසුවිය! (නි)
මම නම් කියන්නේ පොලිසිය වැරදියි (නි)
හැමදාම කාගේ හරි ලණුවකට මේ ළමයි ඔය ගැට වලට අහුවෙලා දුක් විඳිනවා. (ර)
මෙතන අදහස් කියවනකොට පෙනෙනවා ගොඩක් මිනිස්සු බුද්ධිමත් කියලා (නි)
ගැහැව්වා මදි මෙයාලට (බ)
ඡන්දෙට ඉස්සෙල්ල යූ එන් පී එක පත්තර දැන්වීම් දාල කිව්වේ මොනවද කියල දැන් මතක නැද්ද. (බ)
ස්වාමීන් වහන්සේලා නැති තැනක් නෑ ඉගෙන ගත්තාට කමක් නෑ නමුත් මෙවැනි උද්ගෝෂණවලට ගිහියොත් සමග පැමිණීම සුදුසු නෑ මොකද මේවා මාධ්‍යයෙන් දැකන දොෂාරෝපණය කරයි නමුත් මෙවැනි දේවල් සංඝ සමාජයට පිළිකුලක් එක් වෙනවා ගිහි සමාජය අත් හැර භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැහැදීම නැතිව යනවා සිල්වත් ගුණදහම් පුරණ භික්ෂූන් වහන්සේලාටත් තැනක් නැත්ව යනව (අ)
තමන්ගේ දරුවාට මෙහෙම වෙනකොට අහිංසක දෙමව්පියන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
ජනක, මමත් ඔබ සමඟයි (නි)
කවුරු හරි හෝ වැරදි උනත් පොලිසියට මෙහෙම ගහන්න අයිතියක් නැහැ. (ර)
මෙතන ළමයි අලුතෙන් ඉල්ලන දෙයක් නැහැ. තිබුන දෙයක් ඉල්ලන්නේ. බොරුවට ඇස් පියාගෙන මුකුත් නොදැන අදහස් දාන්න එපා (නි)
මොනවා වුනත් කමක් නෑ. දැන් යහපාලානේ තියෙනවනේ . (ර)
ලොක්කො නිදාගෙන ඉන්නකොට ඒ වෙනුවෙන් ක්‍රියාකරන ළමයින්ට බැනලා වැඩක් නැහැ. මේ ආයතනවල වගකිවයුතු නිලධාරින් නැද්ද මේවා ගැන හොයලා අමාත්‍යාංශ එක්ක කතාකරලා අදාළ තීරණ ගන්න. හැමදාම හැම ප්‍රශ්නයටම අපි කරන්නෙ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම. අනේ මන්දා මේ රට! (නි)
මේ අයගේ මුහුණු මම නම් මතක තියාගන්නවා. ආයතනයේ හෝ දන්නා තැනක රැකියාවකට පැමිණෙද්දී එය වැදගත් වෙන්න පුලුවන් (නි)
ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)
මෙයාලා තනිකර බොරු කියන්නේ. මමත් අද මේ කියන සිද්දිය වෙලාවේ බ්ලොක් එකටඅහුවෙලා හිටිය;සේරම අපි බලාගෙන හිටියේ, පොලිසියට පාරේ තියක ගල් ගලවල දමල ගැහුවා;කරන්න දෙයක් නැති නිසා තමයි පොලිසිය කදුළු ගෑස් ගැහැවුවෙ (බ)
දැන් මොනවා කිවුවත් අපි දැක්කා ඇත්ත (නි)
ඔබලාට සාධාරණයක් ඉටු වේවි. (ර)
උපාධියට සමාන කරන්න කියන්නේ උපාධියක් ගන්න ඕනේ නැහැනේ, මේ දෙක සමාන නම්. උ. පෙළ. කරලා ඩිප්ලෝමාවක් කරහම ඉවරයිනේ. අන්තරේ ඉන්න එවුන් හදන්නේ කාව හරි අවුස්සලා ප්‍රශ්න ඇති කරන්න. මාලඹේ ළමයින්ට ඉගෙනගන්න දෙන්නේ නැහැ. සල්ලිකාරයෝ කියල. පුදුම හීනමානයක් මුන්ට තියෙන්නේ. (රේ)
අපි ඇත්ත කතාකරලා මේ වගේ ප්‍රශ්න වෙන්න නොදී වළක්වන එක මිසක් බොරු කියලා ප්‍රශ්න වහන එක යුතුකමක් නොවෙයි. (නි)
මෙතන අදහස් දක්වන අයට දරුවෝ නැද්ද.(රේ)
මෙයාලාත් ආ හැටි අපි දැක්කා එදා හොඳට (නි)
ප්‍රසිද්ධියේ පහර දී එය වසන් කිරීමට වෙර දරණ පොලීසිය දේශපාලකයන්ටත් වඩා බංකොලොත් වී විහිලු සපයන්නන් බවට පත් වී ඇත. ගණකාධිකරණ උසස් ඩිප්ලෝමාව, වාණිජ්‍යෙයවේදී උපාධියට සමාන කළ හොත් රාජ්‍ය විශ්ව විද්‍යාල තුල තව දුරටත් එම උපාධි පාඨමාලාව පැවැත්වීමේ අර්ථයක් නැති වනු ඇත. මගේ අත්දැකීමට අනුව මා ඉතාමත් අසීරුවෙන් අ පො ස උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී නේවාසිකව ඉදිමින් දෙමාපියන්ගේ මුදල් විශාල ලෙස වියදම් කොට උපාධිය ලැබ 2013 වසරේදී උපාධිධාරියකු ලෙස පත්වීම් ලදිමි. මා සමග උසස් පෙල විශ්ව විද්‍යාල ප්‍රවේශට ඉති අඩු ලකුණු ලබා ගත් මිතුරන් 2 වන වසරින් පසු සති අන්තයේ පමණක් දේශණ වලට සහභාගී වී (රැකියා සදහා යන අතරතුර) උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව උපාධිධාරී පත්වීම ගෙන සිටී.වාණිජ්‍යෙව්දී උපාධියට විෂයයන් 26 සම්පුර්ණ කලෙමි. එවකට ඩිප්ලෝමාව සදහා විෂයයන් 16කි. මෙහි මුල් වරද සිදු කර ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උසස් ඩිප්ලෝමාව උපාධිය හා සමාන සුදුසුකමක් සේ සලකන බවට දුන් තහවුරුවයි. මෙයට වග කිව යුතු වන්නේ ඔවුන්ය. මෙම ප්‍රශ්ණයට විසදුම වන්නේ ගණකාධිකරණ ඩිප්ලෝමාවක් උපාධියකට සමාන කිරීම නොව විශ්ව විද්‍යාල ප්‍රෙව්ශයට ඇති අවස්ථාව වැඩි කිරීමයි...(රේ)
පිවිතුරු යහපාල, ඔබ නිවැරදියි (නි)
අන්තරේ කෙහෙල්මල් කතාවෙන් වැඩක් නැහැ මේ ගැණු දරුවාගේ ඔළුවට ගහපු එකාට ඔලුවක් තියෙන්න බැහැ ඔහු හෙළිදරව් කලයුතුය එවිට ගුටි කන්නේ ගෙදර ගැනිගෙන් (රේ)
අපිත් ඉතින් ලංකාවේ සහ ලෝකයේ විශ්ව විද්‍යාල කීපයකම ගැවසිලා ඒවා දැකපු අය. (නි)
අනුර මල්ලි ඔයා හරි...මේ දරුවන් උගත් අය.උගතුන්ට විතරයි දේශපාලුවෝ කරන උප්පරවැට්ටි හොඳින්ම වැටහෙන්නේ.තරුණ වයසේදී ඒ අයට අසාධාරණය , බොරුව , වංචාව පෙන්නන්න බැහැ. එවිට එයට විරුද්ධව ඔවුන් යම් යම් ප්‍රතික්‍රියා දක්වනවා.එතකොට පොලිසියේ කොස්සොත් ඒ ප්‍රතික්‍රියාවට තවත් ප්‍රතික්‍රියා දක්වනවා..ඒ තමා ඔලු පැලීම, අතපය කැඩීම ..මිනි මැරීම වගේ දේවල්...(රේ)
පොලිසියට බැන්නට එයාලා කළේ එයාලගේ රාජකාරිය (නි)
මේ ඉල්ලීම් වල කෙළවරක් තියේවිද? ඊළඟට රස්සාවක් දියවු කියලා කෑගහවී. ඊළඟට පරස්තාවට වියදම් කරන්නත් ඕනෑ ආණ්ඩුව කිව්වොත් මම පුදුම වෙන්නේ නැහැ. (නි)
වෙනත් රටවල ළමයි පාට්ටයිම් රැකියා කරමින් ගාස්තු ගෙවමින් ඉගෙන ගන්නේ. අපේ උදවියට හැම දෙයක්ම ලැබෙනකොට මුළු රටේම දේවල් අතට පයට බලාපොරොත්තු වෙනවා. මේගොල්ලන්ටත් උපාධිධාරින් කීවාම ඉහළ ලකුණු ලබා සරසවියේ ඉන්න දරුවන්ට මොන නමින්ද අමතන්නේ. වහාම අධ්‍යාපනය සාධාරණව මුදල් ගෙවා ඉගෙන ගන්න අවශඨ කාලය ඇවිත්. නිකන් දෙන අශ්වයා මදිවට මුළු ඉස්තාලයම ඉල්ලනවා (බ)
මෙතැන තියන සමහර අදහස් කියවද්දි දුකත් හිතෙනවා සිංහල බෞද්ධ රටක මේ වගේ අමුනුස්සයනුත් බිහි වනවද කියලා අද රටේ ගොඩක් මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි අනිත් මිනිහට මොනවා වුනත් කමක් නැහැ අන්තරේ කරන හැම දෙයක්ම හරියි කියලා මම කියන් නැහැ නමුත් මෙම ගැටලුව සාදාරණ එකක් මක්නිසාදයත් අවුරැදු 04 ක ක්‍රෙඩිට්128 ක පාඨමාලාවක් උපාධියක් ලෙස සලකන් නැත්නම් එහි ඇති වටිනාකම කුමක්ද එය ලෝකයේ පිළිගන්නවද ඒ හින්දයි ඒ සිසුන් කරන්න තියන හැම දෙයක්ම කරලා අන්තිමට පාරට බැස්සේ (බ)
මෙය පාඩමක් කරගන උපාධිය ඉක්මනට ඉවර කරගන්න වැඩක් කර ගත්ත නම් ගුටි කන්න ඕනි නැහැ නේ. පිනට ලැබෙන අධ්‍යාපනේ අගයක් නැහැ මුන්ට (බ)
මෙතන ඉන්න අය හරිම බුද්ධිමත්තු , ඔහෙලා වගේ ආනයනික විදේශීය ගව රැලක් දැක්කම හරි සතුටුයි , අජිත් හසිත වගේ අය මේ රටේ දියුනුවට අත්‍යවශ්‍ය මිනිස්සු , බැරිද දන්නේ නෑ ජනාධිපති උපදේශකකමක් දෙන්න. ඔහෙලා මොනවවද එච්එන්ඩීඒ ගැන දන්නේ, ඒ ළමයිනුත් අවරුදු 4ක් ඉගෙනගන්නවා. කැම්පස් එකේ වගේම හැම දෙයක්ම තියෙනවා , ගුණාත්මක නැත්නම් මොන මගුලටද රජයේ ගනකාධිකාරී සේවයට බඳවා ගන්නකොට එච්එන්ඩීඒ ඉල්ලන්නේ? මේක මේ රටේ කරුමේ , අධ්‍යාපනය ගැන පොර ටෝක් දෙන්නේ 8 වත් පාස් නැති අය . ඕන නම් හොයල බලමු මෙතන කමෙන්ට් දාපු ගොඩක් අය අනිවා උඅසස්පෙල ලාවට ගොඩ ගිය අය, (බ)
පොළිසිය සිසුන්ට පහර දී එය සාධාරණීකරණය කරන්නට නිශ්පල වෑයමක නිරත වීම අතීශය ජුගුප්සාජනක ක්‍රියාවකි.අවම බලය හා උපරිම බලය අතර වෙනස පොළිසියට පහදා දීම බලධාරීන්ගේ වගකීමකි. පහර කෑ අපේම පරපුරේ සිසු සිසුවියන් චූදිතයින් ලෙස හුවා දක්වන්නට උත්සහ කරමින් මෙහි අදහස් දක්වන සමහරක් උදවියගේ ක්‍රියා කලාපයන් දෙස බලන විට එයද පොළිස් පහරදීම හා සමානවම වූ බරපතල ඛේදවාචකයක් බව සඳහන් කල යුතුය..(රේ)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
අත් දෙකේම පොලු තියාගෙන කොහොමද මනුස්සයෙක්ව උස්සන්නේ? (නි)
ලෝකයේ කිසිම දියුණු රටක ඩිප්ලෝමාවක් උපාධියකට සමකරන්නේ නැහැ. මේ ලියන මම සරසවියට තේරුනත් එවකට 80 අග භාගයේ සරසවි ප්‍රවේශය ප්‍රමාදවීම නිසා රැකියාවක් කරන ගමන් උසස් ගණකාධිකරණය හැදෑරු කෙනෙක් වෙමි. එමනිසා මේ දෙකේ වෙනස මම හොඳින් දනිමි. කරුණාකර විෂය පථය හරියට නොදැන මේ ළමයින්ගේ වැඩේ අනුමත කරන්න එපා. (නි)
වගකීම ගන්න ඕනෑ අය කොහේ හිටියත් අන්තිමට වන්දි ගෙවන්නේ අහිංසක ළමයි (නි)