සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාසල් සිසුවාට සහ දෙදරුපියාට කොටදෙණියාව පොලිසියේදී නිරුවත් කර පහරදී වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව සහ විවාහක පුද්ගලයාගේ බිරිඳ අද (2) පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය.
මෙම දෙදෙනා නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් සමග එහි ආහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු අලි පැටියෙක් ඉදිරිපත් වෙලා තියෙන්නේ වැඩේ කොහොමත් යට ගහයි (අ)
ලංකාවේ පොලිසියට තියා කිසිම පොලිසියකට නියම හොරාව හෝ වැරදි කාරයාව අල්ලගන්න බැහැ සැක කාරයෙක් හැටියට තමයි අත් අඩංගුවට ගන්නේ එම තැනැත්තා සාක්කි මගින් තමන්ගේ නිර්දෝෂී බාවය ඔප්පු කල යුතුයි. මේකේ ඇති වැරද්දක් නැහැ වැරද්දක් කරලා නැත්නම් සාකි අනුව නිදහස් වුනා එච්චරයි දැන් හැම එකාම පටන් ගනියි මානව හිමිකමට යන්න. (ර)
රෝහණ, ප්‍රවෘතියේ තියෙනවා පැමිනිල්ල කරලා තියෙන්නේ අත් අඩංගුවට ගැනීමට නෙමේ පහරදීමට විරුද්ධව... අනික් අතට 'නිර්දෝෂීභාවය ඔප්පුකරනවා' කියා දෙයක් නෑ.. වරදකරුවෙක් ලෙස ඔප්පු කරන තුරු හැමෝම නිර්දෝෂී... වරදකරුවෙක් ලෙස ඔප්පුකිරීම පොලීසියේ වැඩක්. (ර)
මේක හොඳ වැඩක්. මොකද ඉදිරියට රජයට පුළුවන් පවරන බලය මහජනතාවට අසාධාරන විදිහට යොදාගැනීමෙන් වළකින පනත් ගෙනෙන්න (නි)
මානව හිමිකම් කතා කරන අය නිදි. (ර)
සාධාරණ ලෙස වන්දියක් ලබාදිය යුතුය. පොලීසියද මෙවැනි අකටයුතුකම් නොකරන්නේ නම් තමයි හොඳ.. (නි)
කව්රු කව්රුත් පොලිසියට දොස්නම් කියනවා. නමුත් මොන බලවතෙක් වත් පොලිසියට ප්‍රශ්න කිරීමේ නුතන තාක්ෂනය කියලා දීලා ඒගොල්ලන්ගේ වෟත්තීය දැනුම වර්ධනය කරන්නේ නෑ. (ර)
යහපාලනය කොහෙද තියෙන්නේ. මානව හිමිකම් කාරයෝ කෝ දැන්. (ර)
මනෝ එතකොට පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් උගන්න්වන්නේ මොනවද.? (ර)
මේකත් අර රතුපස්වල වගේ දුරදිග යන ප්‍රශ්නයක් නම් නොවේවා! (නි)
පොලිසිය මේ ළමයාගෙන් ප්‍රශ්න කරපු එක හරි. නමුත් මාධ්‍ය සංදර්ශන තියලා රටේ හා ඔහුගේ ගමේ මිනිසුන් අතර වරදකරු විදියට ඔහුගේ හැම පුද්ගලිකදේම රස කර කර ප්‍රකාශ කළ නිසයි මේ හැමදේම වුණේ (නි)
ඉක්මනින් තරු පටි ගන්න කරන නරක වැඩ නිසා, ගෙන ඉන්න පිත්තල කැලි, පටි කැලි ඔක්කොම ගලවලා දඩයකුත් ගහලා ගෙදර යවන්න. එය මහජනතාව වෙනුවෙන් කරන අභිමාණයක්. (ර)
මේක සාධාරණයි (නි)