උද්ඝෝෂණයේ නිරතවූ සබරගමු විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීමට යෑමේදී පොලීසිය හා සිසුන් අතර ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලැබූ බවත්, ඉන් 10 දෙනකු බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
සිද්ධියෙන් තමාට සහ සහකාර පොලිස් අධිකාරීවරයකුට ද තුවාල සිදුවූ බව හෙතෙම සඳහන් කරයි.
ගැටුමෙන් තුවාල ලැබූ සිසුහු පිරිසක් ද බලංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ඉදලම අවුරුදු 42 කෙරුවේ ඕකම තමයි. ඉදිරියේදිත් මේ ලෝකේ තියෙනකම්ම කරන්නෙත් විරෝධතාවයන් විතරයි. ජීවත් වෙන්න වෙන රස්සාවක් හොයා ගනිල්ලා, දෙවියන්ගේ නාමයෙන් අහිංසක ජනතාව බිලි කොකු වලට අමුනන්නේ නැතුව. (නි)
විශ්ව විද්‍යාල වල දරුවෝ සංවර වෙන්න ඕනෑ.පොලිසියේ ඉන්නේ වැඩිහිටියෝ. හරියට තමන්ගේ දෙමව්පියෝ සහෝදරින්ට ගහනවා වගේ. (නි)
සංජු, පද්මිණි දේසපාලන වහල්බාවයෙන් තොරව හැම දෙනාම ඔබලා වගේ සිතනවා නම් (නි)
වැරැද්දක් කලාම ළමයන්ට දඩුවම් දෙන්න ඕනෑ! ළමයි එම දඩුවම් විදින්න ඕනෑ! එහෙම නැතුව ළමයින්ට ඕනෑ ඕනෑ දේවල් කරන්න ඉඩ දුන්නොත් කවදාක හරි කියයි විභාග වලට නොලිව්වත් උපාධිය දෙන්න කියලා. මේවා සේරම දේශපාලන උප්පරවැට්ටි. (නි)
උගතුන් බිහිවීම වළක්වන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ කියල මෙතන චෝදනාවක් තියෙනවනේ. හැබැයි, මේ ළමයින් අවුරුදු 3 උපාධියට අවුරු 4 ක් වත් ගත කරලා එලියට එනකොට ඔවුන්ට පුද්ගලික අංශයේ රැකියා බොහොමයක් වැහිලා. ලොකු පුද්ගලික ව්‍යාපාර කරුණු තුනක් නිසා මේ අය බඳවාගන්න කැමති නැහැ. ඉංග්‍රීසි උගත්කම මදිවීම, උපාධිය රැකියාවට අදාළ නොවීම, තමන්ගේ ආයතනවලත් පෙරළි කරන්න මොවුන් සුදානම් වෙයි කියන බය. මම පුද්ගලිකව දන්නා දෙයක් ඔය කිව්වේ. ඔය මුල් කරුණු දෙක ලබාදෙන්න කියල මේ ළමයි කවදාවත් ඉල්ලලා හරි අරගල කරල හරි තියෙනවද? (නදී)
මේ අරගල වලට හේතුව සෙවිය යුතුයි. සියලුම දේශපාලන බලපෑම් විශ්ව විද්‍යාල තුලින් තුරන් කල යුතුයි.(නදී)
රටේ දේශපාලුවෝ අමු අමුවේ රට වනසන එක පෙන්නේ නැහැ. ඒත් මේ ළමයි ඉල්ලන්නේ තවත් ළමයි 4 දෙනෙකුගේ විභාග අයිතිය.(නදී)
සිසුන්ට ගහල වැඩක් නැහැ , පොලීසියටගහල වැඩකුත් නැහැ ,,රටේ අධ්‍යාපනය දේශපාලනයෙන් තොර කරලා රටට උගත් බුද්දිමත් පිරිසක් බිහි කරන්න කැප වෙන්න ඔක්කොම, දේශපාලනයේ හරි ප්‍රතිපත්තියක් ක්‍රියාවට ගෙනවානම් අද අපේ රට ආසියාවේ දියුණු රට බවට පත්ත්කරන්න තිබුනා.(ස)
ගහල මදි.(නදී)
රටෙ නිතියට අවනත නොවු සිසුන්ගෙ පන්ති තහනම් කර කැම්පස් වලින් එලවා දමන්න. නිතිමය ක්‍රියාමාර්ග ගන්න. ලංකාවෙ ලමයි කැම්පස් ගියාම හිතන් ඉන්නෙ රටෙ ජනාදිපතිකම ලැබුනා කියලා. මේවට දෙමව්පියො ගුරුවරුත් වග කියන්න ඕනෑ... (නි)
තමන්ගැන හිතන්නේ නැතිව රටේ ප්‍රශ්ණ ගැන කතා කරන ළමයින්ට මේ වගේ ප්‍රතිචාර දාන්න එපා.(නදී)
සිසුන්ට අරගල කරන්න අයිතියක් තියෙනව. සිසු අරගල රටක අධ්‍යාපනයේ ගුණාත්මක බව රැකගන්න වැදගත්. (අ)
මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ
මේ ගහගන්න දෙගොල්ලොම එකම පිඩිත පන්තියේ අය. නුගත් දේශපාලකයින් ඉන්න රටක මේ දේ උරුමයි.(නදී)
මේ ඔක්කොටම හේතුව කැම්ප් ඇතුළට රිංගපු දේශපාලන වසංගතය (නි)
මගේ විශ්ව විද්‍යාල යාළුවෝ ඒ කාලේ අරගග කෙරුවත්, දැන් අරගල කරන අයව හෙලා දකිනවා? (නි)
අපරාදෙ මහන්සිය. (ත)
පොලිසියේ අය මෙහෙම හැසිරෙන එක වැරදියි (නි)
අන්තරේ ඊලග බිල්ලට පෙරමග සකසනවා.(නදී)
ඔය කියන සිසු සංවිධාන සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි. එසේ සංවිධානය වන්නන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි.(නදී)
මම ලලිත්ගේ අදහසට විරුද්ධයි.සංවිධානය වෙන්න සිසුන්ට අයිතියක් තියෙනවා,හැබැයි මහජනතාවට පීඩාවක් වන සේ හැසිරීම ලොකු වරදක්.නිදහසේ ගමන් බිමන් ගොස් කටයුතු කරගන්න මහජනයාට අයිතියක් තියෙනවනේ.ලොකුම වරද සිසුන් දේශපාලන අතකොලු වීමයි (නි)
මේ රට කොයිබට ගමන් කරනවද මන්දා? මේකටත් කියයි දේශපාලන පක්ෂ සිසුන් කුලප්පු කරලා හරි ජාත්‍යයන්තර කුමන්ත්‍රණ හරි මොකක් හරි බයිලයක් කියයි පස්සේ. උගතුන් බිහිවන එක අවම කිරීම තමයි දැන් ඉන්න අයගේ අරමුණ. එතකොට ඕනෑ තරම් හිතේ හැටියට රට කාලා යන්න පුළුවන්,බහුතරයකට තේරෙන්නේ නැහැනේ එතකොට. බුද්ධිමතුන් දේශපාලනයෙන් ඉවත්වීම තමයි අද මේ පත්වී ඇති ඉරණමට ප්‍රධාන හේතුව (නි)
සරසවි සිසුන් ලනු ගිලිනවා මදිවට අපිටද මහා කරදරයකි.රටකට ගිය කල... එතකොට කලින් හිටපු සරසවි සිසුනුත් ඔය විදියටම කළා නේද? දැන් එයාලා කෝ? තාම සටන් කරනවද? රටේ තියෙන ප්‍රශ්න මදිවට අපිට පුදුම වදයක් දෙන්නේ. (නි)