බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අත්අඩංගුවට ගැනීමට ගිය අහුංගල්ල වැලිකන්ද මාර්ගයේ සංචාරය කරමින් සිටි නිලධාරීන් දෙදෙනකුට ලොරියේ සිටි අය පරුෂ වචනයෙන් බැන වදින ආකාරය එහි සිටි අයකු එය තම ජංගම දුරකතන මගින් වීඩියෝ ගතකර ඇත.
පොලිස් නිලධාරීන්ට බැන වැදුණු වැලි ජාවාරම්කරු ඉහළ මැදිහත්වීමකින් අත්අඩංගුවටගත් බලපත්‍රයක් නොමැති වැලි ලොරිය නිදහස් කරගෙන ගිය බව එම නිලධාරීන් විසින් පොලිස් පොතෙහි සටහනක් යොදා ඇත.
මෙම පොලිස් නිලධාරීන් හට අදාල වැලි ජාවාරමකරු බැන වදින අයුරු දැක්වෙන වීඩියෝව පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග වහාම ක්‍රියාත්මක වූ
පොලීසිය ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් ආරම්භ කළේය.
වැලි ජාවාරම්කරු අද (8) අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කැරිණි.
රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාදා එල්ල කිරීම,අත්අඩංගුවට ගත් දෙයක් නිදහස් කරගෙන යාම යන චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරා ඇත.
මීට මාස දෙකකට පමන ඉහත්දී ද කොස්ගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම වැලි ජාවාරම්කරුට අයත් බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින්සිටි වැලි ලොරියක් අත්අඩංගුවට ගෙනඇති අතර එම අවස්ථාවේදීද මොහු තම බලයයොදා වැලි ලොරිය නිදහස්කරගෙන ගොස් ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ පාලන කාලේ හොරෙක් වෙන්නැති.දැන් එව්වා බෑ හරිද. දැන් රනිල් චන්ඩියා. (බ)
මිනිහගෙන් උදව් ඉල්ලගත්ත කියන ඕඅයිසී වත් රිමාන්ඩ් කළයුතුය.(ම)
එතකොට ඔහුව නිදහස් කල ඉහල නිලදරියට එරෙහිව කිසි පියවරක් නැතිද? නඩුත් බඩුත් දෙකම පොලිසියෙනේ ඉතින්!(කෞ)
දැන් චණ්ඩි වැඩි හින්දා වෙන්න ඇති දැන් ගෙවල් වලටම ඇවිල්ලා ඔලුවටම තියලා යන්නේ. ගැබිණි මාතාවන්ට මහපාරේ වෙඩි කන්න වෙලා තියෙන්නේ. (නි)
ජංගම දුරකථන වලින් මොන ජරා වැඩ කරනවා කිව්වත් මෙන්න ඒවායින් ගන්න පුළුවන් හොඳ ප්‍රයෝජන. කීයක් නම් යට යන්න තිබුන දේවල් එලිවුනාද ජංගම දුරකථන නිසා. සෙල් ෆෝනය සොයා ගත් මාටින් කූපර්ට යහපතක්ම වේවා!(කෞ)
වැඩේ වැරදි වුණත් ඔය මිනිහා කියන දෙයින් ලංකාවේ සමාජය ගැන යමක් තේරුම්ගත හැකිය. අද කාලේ මිනිසුන්ට උදව් කිරීම, ගෞරව කිරීම, ආයතනයකින් වැඩක් කරගැනීම, වැනි දේවල් සිදුවන්නේ හුදෙක්ම ලාබ ප්‍රයෝජනයක්, විශේෂයෙන්ම නීතිවිරෝධී වැඩකට උදව්වක් බලාපොරොත්තුවෙන් පමණි. අවංක අදහසකින් උපකාරයක් කරන්නේ එහෙමත් කෙනෙකි. මෙහි ඇති පුදුම දෙය නම් එය වරදක් ලෙස තේරුම් ගැනීමට ඇති නොහැකියාව සහ එය සාමාන්‍ය දෙයක් බව සිතීමයි. (නි)
සුමනපාල හරි. මේ පුද්ගලයා කරපු දේ වැරදි උනත් ඔහු කියන දේ ගැන රටේ ජනතාව නැවත හිතලා බලන්න ඕනේ. පොලිසියේ මහත්තුරු වැඩි හරියක් යැපෙන්නේ ජාවරම්කාරයන්ගෙන්. සමාජයේ අසාධාරණ විදියට මුදල් හම්බ කරන අය අත දිග හැරලා පොලිසියට වියදම් කරනවා. ඒ ඔවුන්ව නීතිය ඉදිරියේදී ආරක්ෂා කරයි කියන බලාපොරොත්තුවෙන්. (කෞ)
ඔව් ඔව් ඔය වැලි මහත්මය ගෙන් උදව් ගත් අය ගැන හොයල බලන්න (බ)
අනේ අපේ පොලිසිය! (නි)
ඒ අනුව බලනවිට පොලිසියේ කෙරුමන්ට උපකාර කිරීම නීතිවිරෝධී වැඩ කිරීමට සුදුසුකමක්ද? (නි)