බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය ආශ්‍රිත පැමිණිලි 119ක් පොලිසියට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඡන්ද නීති කැඩීම හා ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 150 දෙනෙක් අත්අඩංගුවට පත් වූහ.
වාහන 35ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ඉන් තුනක් රජයේ වාහන බවත් පොලිසිය සඳහන් කරයි.
මැතිවරණ රාජකාරි සඳහා පොලිසියේ 25035ක් යොදවනු ලැබ සිටිති. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35ක් වෙති.
කැෆේ සංවිධානයට මේ වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 916ක් ලැබී ඇත.
ලබන සෙනසුරාදා (29) බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පැමිණිලි කරන්නේ විරුද්ධ පක්ෂය කල වැරදි ගැන විතරයි. අනෙක් ඒවා පැමිණිලි කලට වැඩක් නෑ. කැෆේ සංවිධානයට පැමිණිලි කරන්නේ ආණ්ඩුව කරන ඒවා ගැන. එත් ඉතින් වැඩක් නෑ. (අ)