කළුතර කැලිඩෝ වෙරළ තීරයේදී ප්‍රසිද්ධීයේ මත් පැන් බොමින් සිටි ඇමැතිවරයකුගේ දේශපාලන ආධාරකරුවන් පිරිසක් පොලිස් කණ්ඩායමකට පහරදුන්නැයි අත්අඩංගුවට ගැනීමට සොයයි.
කළුතර කැලිඩෝ වෙරළ තීරයේදී ප්‍රසිද්ධීයේ මත් පැන් බොමින් සිටි ඇමැතිවරයකුගේ දේශපාලන ආධාරකරුවන් පිරිසක් පොලිස් කණ්ඩායමකට පහරදුන්නැයි අත්අඩංගුවට ගැනීමට සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර දිස්ත්‍රික්කයේ ඇමතිවරු රැසක් ඉන්නවා.නමුත් මේ සිදුවීම ඇසූවිට එක්තරා නමක් සිහියට එනවා. (නි)
වහාම මොවුන්ගේ බල බිද, අඩු කඩා දමා, පොලිසියේ ගෞරවය රැකගත යුතුය, (නි)
මොකද්ද ඔට්ටුව? මම නම් කියන්නේ මෙයාලා අල්ලන්නේ නැහැ කියලා. (නි)
ලංකාවේ නීතියේ ආධිපත්‍යය පිරිහී තියෙන බව තහවරු වෙන තව එක් නිදසුනක් මේ. දේශපාලනය බලය මුවාවෙන් රටේ නීතියේ ක්‍රියාවලියට බාධා කිරීමෙන්, රටේ නීතිය පිරිහී සෝමාලියාව වැනි තත්ත්වයකට ලංකාවත් ඇද වැටීම ප්‍රතිපලය විය හැක. (නි)
පොලිසිය ඔයතරම් දුර්වලද? පොලිසියට බලය පෙන්වන්න දුන් හොද අවස්ථාවක් මගහරින්න එපා.(නදී)
අත් අඩංගුවට අරන් ආයුධ පෙන්නන්න අරන් ගියොත් මිසක නැත්නම් අනිවාර්යෙන් නිදහස් වෙනවා. ඒක අනිවාර්යෙන්ම සිදු වෙන බව අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. (නදී)
කාගෙ උනත් කමක් නැහැ. අල්ලලා දෙන්න දඩුවම්. (ස)
අද ලංකාවේ බහුතර පොලීසි පාලනය කරන්නේ දේශපාලකයෝනේ (නි)
හදිස්සියේ මාරු කලොත් කියලා හිතෙන්න ඇති, නැති නම් ඇට්ටි හැලෙන්න දෙන්න එපැයි පොලිසිය.
අද හැමතැනම වගේ මෙහෙමයි (නි)
සොයයි ? (ස)
ගුටි කාල ඉන්න එක සැපයි අම්පාර පැත්තට මාරු වෙනවට වැඩිය කියා සිතන්න ඇති.(ස)
දැන් ඉතින් පහරදුන් අයව අල්ලලද? (නි)
ඔව් ඉතින්, මෙයාලට තඩිබාන්න පුළුවන් අපි වගේ අහිංසක කොල්ලන්ට තමයි. (නි)
අර සිංහල කියමනක් තියෙනවනේ ගෙදර අයිති කාරයට වඩා ඒ ගෙදර කටුකන බල්ලා සැර වැඩියි කියලා.(නදී)
ෂුවර් එකටම ආයුධ ටික හංගලා ඇති. (නි)
ඇමතිවරුන්ගේ පසුබාග වලට වැද වැටෙන කොන්ද පණ නැති පොලිස් ලොක්කෝ තමයි කළුතර වැඩි ප්‍රමාණයක් ඉන්නේ.පොලිස්පති තුමනි, කරනවානම් මෙන්න කරන්න ඕන දේ..මාධ්‍ය මගින් මුලින්ම ඇමතිට මේකට අත දාන්න බැරි පරිසරයක් නිර්මාණය කර අත දැම්මොත් හත් පොලේ ගාගෙන වැඩේ හුලා වෙන තත්වයක් හදල ඊට පස්සේ කට්ටියට නෙලන්න බිව් රන් කිරි කටින් එන්න දෙන්න ආයෙත් ඇමතිගේ නම නොකියන්න..මේ රජයේ පැවැත්ම තියෙන්නේ මේ එක අමතියෙකුගෙන් වත් නෙමෙයි..ජනාධිපති තුමාගේ හැකියාව නිසා..එතුමාගේ නමට මිනිස්සු තාම සලකනවා මේ ඇමති රොත්ත තමයි ජනාධිපති තුමාවත් මිනිස්සුන්ට එපා කරවල කවද හරි ජනාධිපති තුමා ගෙදර අරින්නේ.(දිල්)
කටු කන අයගේ ගණන් බලාපන්කො.(නදී)
අපි අපිට ගහන්න කියලා ඒ ගොල්ලන්ට කිව්ව නිසා අපිට ගැහුවා කියල පොලිසිය තව ටිකකින් කියයිද දන්නේ නැහැ. (නදී)
රටේ නීතිය බාර අමාත්‍යංශයක් තිබෙනවා නේද? මේවාට නේද පෙළපාලි යන්න ඕනෑ? නීතිය ආරක්ෂා වුණේ නැත්නම් අනාගතය මීට වඩා දරුණු වෙනවා. (නි)
ඒ අයගේ ගෝල බාලයන්ට තිබෙන සවිය පළාතේ පොලිසියට නොමැතිද? (නි)