
( ෂේන් සෙනෙවිරත්න සහ ජේ ඒ එල් ජයසිංහ)
අලවතුගොඩ ,රතුකොහොදීගල දීගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට තුවාල සිදුකිරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
දීගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව ඊයේ (05) සැකකරුගේ නිවස ආසන්නයේදී ඔහු පරීක්ෂා කිරීමට යාමයේදී එසේ සැකකරුගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරෙමින් සැකකරු මුදවාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
පසුව කාන්තා පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් නැවත එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
විසිපස් හැවිරිදි එම සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරදකරු වී ඇති බවත් ඔහුට එරෙහිව සොරකම් චෝදනා ද තිබෙන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට ’’චන්ඩි පාට්’’ දැමූ කතුන් තිදෙනා අත් අඩංගුවට
mahinda mhaththaya Thursday, 06 February 2025 03:11 PM
දුප්පත්කම නිසා ඔවුන්ගේ සමාජ තත්ත්වය හැසිරිමද පහත් තත්වයට වැටී ඇත.