IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘පොලිසියට ගහන්න එන්න එපා’

සුළු සිද්ධියකදී පවා ජනතාව කලබල වී පොලිසියට ගැසීම පොලිසිය ගිනි තැබීම දැන් පුරුද්දක් බවට පත්වෙලා. නීතිය අතට ගන්න කව්රුවත් සූදානම් වෙන්න එපා. නීතිය කි‍්‍රයාත්මක කරන්න පොලිසිය ඉන්නවා. පොලිසියට විරුද්ධව පැමිණිල්ලක්  ඇත්නම් එය අකුරට පරීක්‍ෂා කර නඩුදාන්න පුළුවන් වගන්ති හා පනත් තිබෙනවා. ජනතාවට පොලිස් බලතල අතට ගන්න පුළුවන් කමක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේදී අද පැවැසීය. රුපියල් කෝටි 24 ක වියදමින් ඉදිකළ තංගල්ල නව පොලිසිය විවෘත කරමින් ජනපති එසේ කීය. සාමය ආරක්‍ෂා කිරීමට නම් ජනතාවත් පොලිසියත් අතර සුහඳතාවයක් තිබිය යුතු බව ද ජනතාවගේ බදු මුදලින් තමන් වැටුප් ලබා ගන්නා බව පොලිසිය අවබෝධ කරගත යුතු බව ද ජනපති කීය. මෑතකදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයෑමෙන් පසුව දොම්පේ පොලිසියට ගැසූ පිරිසක් රුපියල් කෝටියක පමණ අලාභ හානි කළහ.



අදහස් (0)

‘පොලිසියට ගහන්න එන්න එපා’

හිමාලි මහේෂිකා අමරසිංහ Sunday, 06 November 2011 03:31 PM

පොලිසියට ගහන්න එන්න එපා කියන එකත් අණ කිරීමක් මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින ඔය මහත්වරු මෙයට වඩා මානූෂික විය යුතුයි ඔවුන් මානුසික වීමට ඔවුන්ගේ සිත් මානුෂික විය යුතුයි සිත් මානුෂික විමටනම් ම්ම්ම්...... මොකක්ද කළ යුත්තේ ඔවුනගේ සිත්වලට දෙන පිඩනය අඩුකළ යුතුයි ලොක්කනගේ කුණු හරුප වලින් පීඩා විදින පොලිස් පොඩ්ඩෝ ඒ පීඩාව පිට කරන්නේ ජනතාවගෙන්. හරි හමන් මුදලක් වැටුප් හැටියට ලැබෙනවාවම් කළට වේලාවට නිවාඩුවක් ලැබෙනවානම් මානසික කායික අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කරනවානම් මේ දෙපාර්තමේන්තුවේත් රජයේ අනෙකුත් තැන්වලට වැඩිවෙන වටුප් වැඩි වෙනවානම් අපූරුයි අද කියන්න තියෙන්නේ රජය විසින් පොලිසියට ගහන්න එපා කියන වචනයයි ...

:       0       0

රොහාන් Sunday, 06 November 2011 03:25 PM

අද පොලිසියෙන් නීතිය ඉටු වෙනවද

:       0       0

සිල්වා Sunday, 06 November 2011 03:36 PM

පොලිසියට ගැහුවේ නැතිනම් කොහොමද අපි යුක්තිය ඉටු කර ගන්නේ. ගැහුවම තමයි පොලිසියට තේරෙන්නේ.

:       0       0

‍ශ්‍රී මිත්‍ර Sunday, 06 November 2011 05:20 PM

මේ රටේ මිනිසුන්ට නීතිය හා අධිකරණය පාක්ෂික භාවයෙන් තොරව ක්‍රියාත්මක වෙනව කියල තේරුම් යනවනම්, ඔය වගේ දේවල් කරන්න පෙළඹෙන්නෙ නෑ.. ඕව කිය කිය රට වටේ යන්න උවමනාවෙන්නෙත් නැහැ. පොලිසි වලින් සිදුකරන දේවල් හා රටේ සිද්ධවෙන දේවල් වලින් මිනිස්සුන්ට මේ රටේ තියෙන නීතියකින් හෝ අධිකරණයකින් තමන්ට සාධාරණයක් ඉෂ්ධ වෙයි කියල හිතන්න පුල්වන්ද? සුප්‍රසිද්ධ අපරාධකාරයින් චූදිතයින් නොවී අධිකරණ වලින් නිදහස් වීම, නිර්දෝෂීන් අපරාධකාරයින් කර විවිධ චෝදනා යටතේ දඩුවම් දීම, අධිකරන වලදීද දූෂිතයින් ලෙස තීන්දු වූ දූෂිතයන් විශේෂ සමා යටතේ නිදහස් කිරීම, රජය හා පොලිසිය අපරාධකාරයිගේ පාර්ෂවය ගෙන අපරාධකාරයින් ආරක්ෂා කිරීම වගේම පහුගිය මැතිවරණයේදී සිදුවූ භාරත දුමින්ද ගැටුමේදී ජනාධිපතිවරයාගේ සිට සියලු රජයේ මැති ඇමති වරුන් ක්‍රියාකළ ආකාරය තුලින් පොදු මහජනතාවට මෙන්ම ජාත්‍යන්තරය වෙත ලබා දෙන පණිවිඩය කුමක්ද? මා පෙර සදහන්කළ පරිදිම මේ රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදී ඇති බව නොවේද? ජනතාව නීතිය අතට ගැනීම වරදක් වුවත්, ජනතාව ඒ වෙත යොමු කර ඇත්තේ මෙවන් පසුබිමක් නොවේද?.. ජනපතිතුමනි, මෙම ක්‍රමය සහමුලින්ම වැරදියි! මෙය නිවැරදි කර මේ රටේ ජනතාවටත්,ලෝකයටත් මේරටේ නීතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයත් ඇති බව පෙන්විය හැක්කේ ඔබට පමණකි.. මේ රට තවත් ලිබියාවක් හෝ රුවන්ඩාවක් වීමට ඉඩ නොතබන්න.. විදේශයන්ට අපේ රටේ ප්‍රශ්ණ වලට ඇතුල් වීමට ඉඩ ලැබී ඇති මෙවන් අවස්ථාවන් වලක්වන්න...

:       0       0

සිරී පීරිස් Sunday, 06 November 2011 05:27 PM

පොලීසිය මිනිසුන්ට ගැසීමත්, මිනිසුන් පොලීසියට ගැසීමත් අතර මා දකින්නේ නුගත් කමයි. (පොලීසියේ අය මහත් මා ගති අය විය යුතුයි. ජනතාව නීති ගරුක විය යුතුයි. එවිට සියලු ප්‍රශ්න විසදේ).

:       0       0

රොෂාන් Sunday, 06 November 2011 08:25 PM

හිමාලි කියන දේ හරි.. අද පොලිස් නිලධාරින් සිටින්නේ ‍ලොකු පීඩනයකින්.. හරියට කලට වේලාවට නිවාඩුවක් ලැ‍බෙන්න‍නේ නැහැ.. උද්දමනයට සිරිලන වැටුපක්.... අද ඔවුන්ට ලැබෙන්නේ නැහැ.. මේ දේවල් ගැන කතා කරන්න කවුරුවත් නැහැ.. ඔවුන්ට මේ දෙවල් ඉල්ලන්නත් බැහැ.. මොකද පොලිස් නිලධාරීන්ට මේ අයිතිය නැති නිසා.. මේ දේවල් ගැන වගකිව යුතු නිලධාරීන් සොයා බලනවානම් ඔවුන් මේ විදියට හැසිරෙන්නේ නැති වෙයි... මොකද ඔවුනුත් මනුෂයින් වන බැවින් ...

:       0       0

OSCAR Monday, 07 November 2011 08:54 AM

පොලීසිය අපට ගහන්නේ ? පොලිසිය නීති ගරුක විය යුතුයි,පොලිස් බලතල අතට ගන්න පුළුවන්ද.

:       0       0

k.m.u.c බණ්ඩාර Monday, 07 November 2011 09:44 AM

පොලිසියේ අගේ මිනිසුන්ට දැනෙන්නනම් දවස් දෙකක් පොලිස් මහත්තුරුන්ට නිවාඩු දිලා බලන්න තේරේවි ඒ අයගේ අගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site