සුළු සිද්ධියකදී පවා ජනතාව කලබල වී පොලිසියට ගැසීම පොලිසිය ගිනි තැබීම දැන් පුරුද්දක් බවට පත්වෙලා. නීතිය අතට ගන්න කව්රුවත් සූදානම් වෙන්න එපා. නීතිය කි‍්‍රයාත්මක කරන්න පොලිසිය ඉන්නවා. පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් ඇත්නම් එය අකුරට පරීක්‍ෂා කර නඩුදාන්න පුළුවන් වගන්ති හා පනත් තිබෙනවා. ජනතාවට පොලිස් බලතල අතට ගන්න පුළුවන් කමක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේදී අද පැවැසීය. රුපියල් කෝටි 24 ක වියදමින් ඉදිකළ තංගල්ල නව පොලිසිය විවෘත කරමින් ජනපති එසේ කීය. සාමය ආරක්‍ෂා කිරීමට නම් ජනතාවත් පොලිසියත් අතර සුහඳතාවයක් තිබිය යුතු බව ද ජනතාවගේ බදු මුදලින් තමන් වැටුප් ලබා ගන්නා බව පොලිසිය අවබෝධ කරගත යුතු බව ද ජනපති කීය. මෑතකදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයෑමෙන් පසුව දොම්පේ පොලිසියට ගැසූ පිරිසක් රුපියල් කෝටියක පමණ අලාභ හානි කළහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ගහන්න එන්න එපා කියන එකත් අණ කිරීමක් මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින ඔය මහත්වරු මෙයට වඩා මානූෂික විය යුතුයි ඔවුන් මානුසික වීමට ඔවුන්ගේ සිත් මානුෂික විය යුතුයි සිත් මානුෂික විමටනම් ම්ම්ම්...... මොකක්ද කළ යුත්තේ ඔවුනගේ සිත්වලට දෙන පිඩනය අඩුකළ යුතුයි ලොක්කනගේ කුණු හරුප වලින් පීඩා විදින පොලිස් පොඩ්ඩෝ ඒ පීඩාව පිට කරන්නේ ජනතාවගෙන්. හරි හමන් මුදලක් වැටුප් හැටියට ලැබෙනවාවම් කළට වේලාවට නිවාඩුවක් ලැබෙනවානම් මානසික කායික අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කරනවානම් මේ දෙපාර්තමේන්තුවේත් රජයේ අනෙකුත් තැන්වලට වැඩිවෙන වටුප් වැඩි වෙනවානම් අපූරුයි අද කියන්න තියෙන්නේ රජය විසින් පොලිසියට ගහන්න එපා කියන වචනයයි ...
අද පොලිසියෙන් නීතිය ඉටු වෙනවද
පොලිසියට ගැහුවේ නැතිනම් කොහොමද අපි යුක්තිය ඉටු කර ගන්නේ. ගැහුවම තමයි පොලිසියට තේරෙන්නේ.
මේ රටේ මිනිසුන්ට නීතිය හා අධිකරණය පාක්ෂික භාවයෙන් තොරව ක්‍රියාත්මක වෙනව කියල තේරුම් යනවනම්, ඔය වගේ දේවල් කරන්න පෙළඹෙන්නෙ නෑ.. ඕව කිය කිය රට වටේ යන්න උවමනාවෙන්නෙත් නැහැ. පොලිසි වලින් සිදුකරන දේවල් හා රටේ සිද්ධවෙන දේවල් වලින් මිනිස්සුන්ට මේ රටේ තියෙන නීතියකින් හෝ අධිකරණයකින් තමන්ට සාධාරණයක් ඉෂ්ධ වෙයි කියල හිතන්න පුල්වන්ද? සුප්‍රසිද්ධ අපරාධකාරයින් චූදිතයින් නොවී අධිකරණ වලින් නිදහස් වීම, නිර්දෝෂීන් අපරාධකාරයින් කර විවිධ චෝදනා යටතේ දඩුවම් දීම, අධිකරන වලදීද දූෂිතයින් ලෙස තීන්දු වූ දූෂිතයන් විශේෂ සමා යටතේ නිදහස් කිරීම, රජය හා පොලිසිය අපරාධකාරයිගේ පාර්ෂවය ගෙන අපරාධකාරයින් ආරක්ෂා කිරීම වගේම පහුගිය මැතිවරණයේදී සිදුවූ භාරත දුමින්ද ගැටුමේදී ජනාධිපතිවරයාගේ සිට සියලු රජයේ මැති ඇමති වරුන් ක්‍රියාකළ ආකාරය තුලින් පොදු මහජනතාවට මෙන්ම ජාත්‍යන්තරය වෙත ලබා දෙන පණිවිඩය කුමක්ද? මා පෙර සදහන්කළ පරිදිම මේ රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදී ඇති බව නොවේද? ජනතාව නීතිය අතට ගැනීම වරදක් වුවත්, ජනතාව ඒ වෙත යොමු කර ඇත්තේ මෙවන් පසුබිමක් නොවේද?.. ජනපතිතුමනි, මෙම ක්‍රමය සහමුලින්ම වැරදියි! මෙය නිවැරදි කර මේ රටේ ජනතාවටත්,ලෝකයටත් මේරටේ නීතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයත් ඇති බව පෙන්විය හැක්කේ ඔබට පමණකි.. මේ රට තවත් ලිබියාවක් හෝ රුවන්ඩාවක් වීමට ඉඩ නොතබන්න.. විදේශයන්ට අපේ රටේ ප්‍රශ්ණ වලට ඇතුල් වීමට ඉඩ ලැබී ඇති මෙවන් අවස්ථාවන් වලක්වන්න...
පොලීසිය මිනිසුන්ට ගැසීමත්, මිනිසුන් පොලීසියට ගැසීමත් අතර මා දකින්නේ නුගත් කමයි. (පොලීසියේ අය මහත් මා ගති අය විය යුතුයි. ජනතාව නීති ගරුක විය යුතුයි. එවිට සියලු ප්‍රශ්න විසදේ).
හිමාලි කියන දේ හරි.. අද පොලිස් නිලධාරින් සිටින්නේ ලොකු පීඩනයකින්.. හරියට කලට වේලාවට නිවාඩුවක් ලැබෙන්නනේ නැහැ.. උද්දමනයට සිරිලන වැටුපක්.... අද ඔවුන්ට ලැබෙන්නේ නැහැ.. මේ දේවල් ගැන කතා කරන්න කවුරුවත් නැහැ.. ඔවුන්ට මේ දෙවල් ඉල්ලන්නත් බැහැ.. මොකද පොලිස් නිලධාරීන්ට මේ අයිතිය නැති නිසා.. මේ දේවල් ගැන වගකිව යුතු නිලධාරීන් සොයා බලනවානම් ඔවුන් මේ විදියට හැසිරෙන්නේ නැති වෙයි... මොකද ඔවුනුත් මනුෂයින් වන බැවින් ...
පොලීසිය අපට ගහන්නේ ? පොලිසිය නීති ගරුක විය යුතුයි,පොලිස් බලතල අතට ගන්න පුළුවන්ද.
පොලිසියේ අගේ මිනිසුන්ට දැනෙන්නනම් දවස් දෙකක් පොලිස් මහත්තුරුන්ට නිවාඩු දිලා බලන්න තේරේවි ඒ අයගේ අගේ