රාජකාරියේ යෙදෙන පොලිස් සාමාජිකයින් ඉලක්ක කරගෙන සිදු කරන පහර දීම්  ගැන සෝදිසියෙන් සිට වැරදි කරුවන් නීතීයේ  රැහැනට හසු කර ගැනීමට පියවර ගන්නැයි  මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා  පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් සාමාජිකයින්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේ රැල්ලක් පෙන්නට ඇතැයිද එය ඔවුන්ගේ මානවහිමිකම් කඩ කිරීමක් යැයිද මහානාමහේවා මහතා කියයි.