පසුගිය ජනවාරි හතර වැනි දා ඇඹිලිපිටියේ මැන්දිස් ගොඩනැගිල්ලේ සාදයක අවුලක් බේරීමට ගිය පොලිසියට පහර දුන්නේයැයි කියමින් ගොඩනැගිල්ලේ හිමකරු පද්මසිරි මෙන්ඩිස්, ඔහුගේ පුතුන් කිහිප දෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ඇඹිලිපිටි පොලිසියෙන් පවරා ඇති නඩුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ජනක කැකිරිදෙනිය මහතා හමුවේ අද කැඳවිණි.
පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ නේෂන් ට්‍රස්ට් බැංකුව, වැලිබල් ෆිනෑන්ස් හා එදිරිසිංහ සමාගමේ සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශන සහිත දෘඩ තැඩිය රහස් පොලිසියෙන් ලබාගෙන ඇති බවයි.
එහි පිටපත් පොලිසියට ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට එරෙහිව රහස් පොලිසිය වෙනම පරීක්ෂණයක් පවත්වාගෙන යයි.
ඇඹිලිපිටි පොලිසියෙන් පවරා ඇති නඩුව ලබන මැයි 25ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් පොලිසියේ බඩුත් පොලිසියේ (ම)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කිවුවලු. (නි)
මහජනතාව ඉදිරියේ පොලිසිය බබා වෙන්න යනවා වගෙයි (නි)
යහපාලනයේ පොලිස් නීතිය!(ම)