IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිසියට කඩු පහරදුන් IRC කාරයා පොලිස් වෙඩි පහරින් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෙන්නප්පුව කොලොන් ජාඩිය ප්‍රදේශයේ පොල්වත්තක දී පොලිස් කොස්තාපල්වරයකුට අද සවස කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදුකර තවත් පොලිස් කොස්තාපල්වරයකුට  ද ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකුට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි.

වෙඩි කා මියගිය පුද්ගලයා දිවයිනේ අපරාධකරුවන්ගේ ලයිස්තුවේ (IRC) සිටින පුද්ගලයකු යැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කඩු ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඔහුගේ එක් අතකට සහ එක් ඇඟිල්ලකටකඩු පහර වැදී ඇති අතර එම ඇඟිල්ලේ කොටසක් කැපී වෙන් වී ගොස් ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි වැදී බව පෙනී යන්නේ යැයි ද පොලීසිය සඳහන් කරයි.

මෙසේ වෙඩි කා මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව කොලොං දහඩිය ප්‍රදේශයේම පදිංචිව පුද්ගගලයෙකි.

මාරවිල ,වෙන්නප්පුව, දන්කොටුව සහ කොස්වත්ත යන පොලිස් වසම්වල පසුගිය කාලයේ සිදුවූ රන්මාල කඩාගෙන යෑමේ සිද්ධීන් පහළොවකට පමණ මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකි යයිද එම උසස් පොලිස් නිලධාරියා කීය.

මනුස්ස ඝාතනයක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ විභාග වන නඩුවකට නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ අයෙක් බවද පොලිසිය පවසයි.

 



අදහස් (1)

පොලිසියට කඩු පහරදුන් IRC කාරයා පොලිස් වෙඩි පහරින් මරුට

කිරිපුතා Wednesday, 29 March 2023 07:10 PM

මෙවැනි අපරාධ කාරයින් නිදැල්ලේ ඉන්නවා කියන්නෙ අපේ අධිකරණ පද්ධතියෙ දුරුවලතාවයක් නේද ? මේ අවස්ථාවේ වුව ඔහු අල්වා උසාවි දැම්මේ නම් අවුරුදු දාහක් විතර නඩු අහලා නිදොස්කොට නිදහස් කරනවා. අවුරුදු දාහක් කිව්වේ තව උපදින භවයන් කීපයකුත් එක්ක. මොකද අපේ රට හැදෙන පාටක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site