IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘පොලිසියට ඇඟ බේරාගන්න බෑ‘

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා ත්‍රිකුණාමල නගරයේ විරෝධතාවයක නිරත වූ පිරිසට පහරදීමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පවසයි.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීමෙන් මූලික අයිතිවාසිකම් භුක්ති විඳින්නට සෑම ජන කොටසකටම තිඛෙන අයිතිය ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්නේ යැයි ද එය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිකර යැයි ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම පරීක්ෂණයක් පැවැත්වෙන බව පමණක් පවසා ඇඟ බේරාගන්නට පොලිසියට හැකියාවක් නැතැයි ද එම සංවිධානය වැඩිදුරටත් කියාසිටී.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරුවන් වන ලාල් විජේනායක, චන්ද්‍රපාල කුමාරගේ, ජේ.සී.වැලිඅමුණ හා කේ.එස්.රත්නවේල් යන  ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මෙම නිවේදනයට අස්සන් තබා ඇත.



අදහස් (0)

‘පොලිසියට ඇඟ බේරාගන්න බෑ‘

නිශාන්ත Wednesday, 18 December 2013 10:26 AM

අපිට බස් එකක වත් යන්න නොදි බෝම්බ පුපුරවලා ගම් වලට පැනලා පොඩි ලමයාගේ පටන් මරණකොට ඔය නියන සංවිධාන කොහේද හිටියේ?(නදී)

:       0       0

උපාලි Wednesday, 18 December 2013 11:52 AM

ප්‍රමුඛ, මමත් ඔබ එක්කයි. මේ පැමිණිල්ල කරන්නේ නීතිඥයෝද නැද්ද කියන එකයි සමහරුන්ට වැදගත් වෙලා තියෙන්නේ. වැදගත් දේ ඒකද, නැත්නම් මැර කණ්ඩායම් වලට රජවෙන්න ඉඩ දීල නීතිය වල් වැදෙන්ට හැරීමද? මතක තියාගන්න, ලබ්බට තියපු අතමයි පුහුලටත් තියන්නේ කියන එක. (දිල්)

:       0       0

තබුක් සිල්වා Tuesday, 17 December 2013 05:56 PM

දේශපාලනයට යට නොවී ජනතාවගේ හදවත් හඳුනාගෙන ජනතා ප්‍රසාදය දිනාගන්න.(නදී)

:       0       0

ජාගුරු Tuesday, 17 December 2013 06:18 PM

මීට වඩා කොච්චර දරුණු වැඩ සිද්ද වෙනවද නීතිඥයන්ට කතාකරන්න? ඇයි මේකේ විශේෂත්වය.(නදී)

:       0       0

සිරා Tuesday, 17 December 2013 06:22 PM

වාමනයන් විසින් මානවයන්ගේ හිමිකම් නැතිකරලා , මේවා කාට පැමිණිලි කරන්නද ? මානව හිමිකම් දිනය කියන දේ වැදගත්කමවත් පොලිසිය දන්නවද? (නදී)

:       0       0

කුමාරන් Tuesday, 17 December 2013 07:39 PM

මානව දයාව තියෙනවා කියන ඔය සංවිධාන බඩගින්නේ ඉන්න මනුස්සයෙකුට වතුර බින්දුවක් වත් සපයන්නේ නැහැ.(අ)

:       0       0

රන්ජිත් පින්නවල Tuesday, 17 December 2013 08:10 PM

'සිරා' ඔය තරමට පොලිසියත් එක්ක තරහ නීති විරෝදී දෙයක් කරන්න ගිහිල්ල පොලිසියට මාට්ටු උනා නේද. පොලිසියත් එක්ක තරහ ගොඩ දෙනෙක් ඒ වගේ නීති විරෝදී දේවල් කරන්න ගිහින් අහු උන අය.(නදී)

:       0       0

සෝමදාස Tuesday, 17 December 2013 08:34 PM

මානව දයාව මුවාවෙන් රට විනාශ කරණ උදවිය තමයි වැඩි දෙනෙක් ඉන්නේ.(නදී)

:       0       0

ප්‍රමුඛ. Tuesday, 17 December 2013 08:59 PM

පෝය දිනයේ වත් බණක් අහන්න, පිනක් කරගන්න ඉඩ දෙන්නේ නැහැ වගේ. මානව හිමිකම් දිනයේ වත් අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන්න කියා විරෝධතාවක් දක්වන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදී රට මොකක්ද? මේවා කලයුතුද නොකළ යුතුද යන්න තීරණය කිරීමේ අයිතිය ඇත්තේ මැරයන්ටද? ඇයි මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 17 December 2013 11:36 PM

අර වතුර අපිරිසිදු වීමට විරුද්දව උද්ඝෝෂණය නළාට වෙඩි තියපු වෙලේ මේ පෙරකදෝරු කොහෙද හිටියේ. කෝ වෙඩි වැදුනු කාටවත් වන්දියක් වත් අරන් දුන්නද? (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 18 December 2013 12:06 AM

අසාධරණය වෙනුවෙන් කතා කරන්න කවුරු හරි ඉදිරිපත් උනොත් ඒ මිනිහ හෝ සංවිධානය ආණ්ඩු විරෝධී එහෙම නැත්නම් රාජ්‍ය විරෝධී කියල හංවඩු ගහනවා. ඊළඟ පියවර "සුදු වෑන්" එකකකින් ප්‍රවාහනය කරනවාද නැද්ද කියල තීරණය කිරීම.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 18 December 2013 01:21 AM

සමහරුන් කරන සාරධර්ම වලට පටහැනි වැඩවලට මුළු රටේ ජනතාවටම වන්දිගේවන්න වෙන දිනය වැඩි දුරක නැහැ. (අ)

:       0       0

ග්‍රේඩ් Wednesday, 18 December 2013 06:48 AM

මෙතන අතුරුදහන්අයට වඩා හමුදාව සමග සටන් කර මියගිය මිනීමරු කොටින්ගේ නෑයන් ඉන්නේ මෙයාලට ඕනේ හමුදාව හා පොලිසිය සමග ගැටුම් ඇතිකර පිටරටට වැරදි චිත්‍රයක් පෙන්වන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site