ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා ත්‍රිකුණාමල නගරයේ විරෝධතාවයක නිරත වූ පිරිසට පහරදීමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පවසයි.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීමෙන් මූලික අයිතිවාසිකම් භුක්ති විඳින්නට සෑම ජන කොටසකටම තිඛෙන අයිතිය ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්නේ යැයි ද එය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිකර යැයි ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම පරීක්ෂණයක් පැවැත්වෙන බව පමණක් පවසා ඇඟ බේරාගන්නට පොලිසියට හැකියාවක් නැතැයි ද එම සංවිධානය වැඩිදුරටත් කියාසිටී.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරුවන් වන ලාල් විජේනායක, චන්ද්‍රපාල කුමාරගේ, ජේ.සී.වැලිඅමුණ හා කේ.එස්.රත්නවේල් යන ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මෙම නිවේදනයට අස්සන් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට බස් එකක වත් යන්න නොදි බෝම්බ පුපුරවලා ගම් වලට පැනලා පොඩි ලමයාගේ පටන් මරණකොට ඔය නියන සංවිධාන කොහේද හිටියේ?(නදී)
ප්‍රමුඛ, මමත් ඔබ එක්කයි. මේ පැමිණිල්ල කරන්නේ නීතිඥයෝද නැද්ද කියන එකයි සමහරුන්ට වැදගත් වෙලා තියෙන්නේ. වැදගත් දේ ඒකද, නැත්නම් මැර කණ්ඩායම් වලට රජවෙන්න ඉඩ දීල නීතිය වල් වැදෙන්ට හැරීමද? මතක තියාගන්න, ලබ්බට තියපු අතමයි පුහුලටත් තියන්නේ කියන එක. (දිල්)
දේශපාලනයට යට නොවී ජනතාවගේ හදවත් හඳුනාගෙන ජනතා ප්‍රසාදය දිනාගන්න.(නදී)
මීට වඩා කොච්චර දරුණු වැඩ සිද්ද වෙනවද නීතිඥයන්ට කතාකරන්න? ඇයි මේකේ විශේෂත්වය.(නදී)
වාමනයන් විසින් මානවයන්ගේ හිමිකම් නැතිකරලා , මේවා කාට පැමිණිලි කරන්නද ? මානව හිමිකම් දිනය කියන දේ වැදගත්කමවත් පොලිසිය දන්නවද? (නදී)
මානව දයාව තියෙනවා කියන ඔය සංවිධාන බඩගින්නේ ඉන්න මනුස්සයෙකුට වතුර බින්දුවක් වත් සපයන්නේ නැහැ.(අ)
'සිරා' ඔය තරමට පොලිසියත් එක්ක තරහ නීති විරෝදී දෙයක් කරන්න ගිහිල්ල පොලිසියට මාට්ටු උනා නේද. පොලිසියත් එක්ක තරහ ගොඩ දෙනෙක් ඒ වගේ නීති විරෝදී දේවල් කරන්න ගිහින් අහු උන අය.(නදී)
මානව දයාව මුවාවෙන් රට විනාශ කරණ උදවිය තමයි වැඩි දෙනෙක් ඉන්නේ.(නදී)
පෝය දිනයේ වත් බණක් අහන්න, පිනක් කරගන්න ඉඩ දෙන්නේ නැහැ වගේ. මානව හිමිකම් දිනයේ වත් අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන්න කියා විරෝධතාවක් දක්වන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදී රට මොකක්ද? මේවා කලයුතුද නොකළ යුතුද යන්න තීරණය කිරීමේ අයිතිය ඇත්තේ මැරයන්ටද? ඇයි මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? (නදී)
අර වතුර අපිරිසිදු වීමට විරුද්දව උද්ඝෝෂණය නළාට වෙඩි තියපු වෙලේ මේ පෙරකදෝරු කොහෙද හිටියේ. කෝ වෙඩි වැදුනු කාටවත් වන්දියක් වත් අරන් දුන්නද? (නදී)
අසාධරණය වෙනුවෙන් කතා කරන්න කවුරු හරි ඉදිරිපත් උනොත් ඒ මිනිහ හෝ සංවිධානය ආණ්ඩු විරෝධී එහෙම නැත්නම් රාජ්‍ය විරෝධී කියල හංවඩු ගහනවා. ඊළඟ පියවර "සුදු වෑන්" එකකකින් ප්‍රවාහනය කරනවාද නැද්ද කියල තීරණය කිරීම.(නදී)
සමහරුන් කරන සාරධර්ම වලට පටහැනි වැඩවලට මුළු රටේ ජනතාවටම වන්දිගේවන්න වෙන දිනය වැඩි දුරක නැහැ. (අ)
මෙතන අතුරුදහන්අයට වඩා හමුදාව සමග සටන් කර මියගිය මිනීමරු කොටින්ගේ නෑයන් ඉන්නේ මෙයාලට ඕනේ හමුදාව හා පොලිසිය සමග ගැටුම් ඇතිකර පිටරටට වැරදි චිත්‍රයක් පෙන්වන්න (අ)