ශබ්ද විකාශන යන්ත්‍ර පිවිච්චි කරමින් රැස්වීමක් පැවැත්වීමට අවසර නොගෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා බලපිටිය වෙළෙඳ පොළ අසළ රැස්වීමක් අමතද්දී පොලිසිය එහි පැමිණ ඔහුට කතා කිරීමට අවසර දිය නොහැකි බව පැවසීය.
ශබ්ද විකාශන යන්ත්‍ර පිවිච්චි කරමින් රැස්වීමක් පැවැත්වීමට අවසර නොගෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා බලපිටිය වෙළෙඳ පොළ අසළ රැස්වීමක් අමතද්දී පොලිසිය එහි පැමිණ ඔහුට කතා කිරීමට අවසර දිය නොහැකි බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.ආර් ගෙ ව්‍යවස්ථාවට මිනිහෙක් ගෑණියෙක් කරන්න බෑ (අ)
සිංහ හම තමන්ම බලෙන් පොරව ගත්ත වෘකයෝ ටික එතුමාට බය බව අපි දන්නවා. හැම දාමත් බොරු බැහැ තව ටික කාලෙකින් කාට කාටත් බල ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.(නදී)
පොන්සේකා මහත්තයාගේ ගම බළපිටිය නෙවේ ,,අම්බලන්ගොඩ එය අම්බලන්ගොඩ දිනලා පෙන්නයි බළපිටිය නම් ටිකක් අමාරුයි (අ)
එහෙනං බලපිටියෙ ඔහේලා ප්‍රමෝෂන් බලාපොරොතුවෙන් වෙන්න ඕන මේක කලේ . කොටි වනසා රට බේර ගත් මනුස්සයටත් මෙහෙම නං ඔහේලාට කෙල නොවී තියෙයිද ?කොහොමටත් බලපිටියේ ඈයන්ගේ කට විතරයි වැඩ නෑ.(නදී)
කවුද අර කුඩු කන්ටේනරය නිදහස් කරන්න කිව්වා ලු නේද ? එයාව අත්අඩංගුවට ගන්නේ කවද්ද එතකොට ? (නදී)
ඔය ශබ්ද විකාශන නීතිය ආණ්ඩුවේ අයට බලපාන්නේ නැත්ද? මන් මේ දන්නේ නැති නිසයි අහන්නේ? (අ)
බලපිටිය මෙතුමාගේ ගම. පුලුවන් නම් ආසනේ දිනලා පෙන්නන්න.(නදී)
ඡන්ද වලට ඉදිරිපත්වෙන අයට පළමුවෙන්ම පිළිපැදිය යුතු නීති පිලිබදව පාඨමාලාවක් පැවැත්විය යුතුය.(නදී)
නීතියක් තියෙනවා නම් දේශපාලනේ කරන්න කලින් එම නීතියට ගරු කල යුතුමයි.(නදී)
බලපිටියේ ඉන්නේ බාලයෝ.(නදී)
දැන ගියොත් කතරගම,නොදැන ගියොත් අතරමග.අධිතක්‍ෂේරුව විනාශයේ මුල.?(අ)
ආණ්ඩුව දැනටමත් බයවෙලා (අ)
පොන්සේකා මහතා මේවා නොදැන කරන ඒවා නෙවේ. රජය අපහසුතාවයට පත්කරන්න තමයි මෙහෙම කරන්නේ. මොකද ඉල්ලුවානම් අවසර නොදී ඉන්නේ නැහැනේ. කොහොමත් මෙයා හුඟ වෙලාවට අවසර ගන්නේ නැතුවයි මේවා පාවිච්චි කරන්නේ.(නදී)
අර නැගෙනගිර පොලිසියේ 600 මරණ කොට ඔය පොලිස් ලොකු මහත්තයා හිටියද? කොටින්ට එරහිව මොනවත් කරගන්න බැරිව නේද හිටියේ.(නදී)
මහා කුඩු රජවරු එළියේ.(නදී)
පොලිසිය සෘජු තීරණ ගැනිම සතුටට කරුණක්.(නදී)
ජනරාල් තුමනි ඔබට ජය නියතයි ඔබගේ ජයග්‍රහණය අපේ ජයග්‍රහනයයි (අ)
හැබැටම සේනානායක ලංකාවේද ඉන්නේ? (නදී)
අනේ, සත්‍යා හරියට පැහැදිලි කරන්නකො,දුටුගැමුනු කවුද?එලාර කවුද?ඒ සටන ඉවර කලේ විනාඩි කීයකින්ද.? (නදී)
රටේ පොදු විපක්ෂයට පොන්සේකා එක්විය යුතුයි.(නදී)
ජනරාල් තුමනි ඔබට ජය !! (අ)
ශබ්ද විකාශන යන්ත්‍ර සහ රැස්වීම පැවැත්වීමට අවසර ගත යුතුයි.එක නොදැන නොවේ.පොලිසිය ප්‍රශ්නයක් ඇති කරගෙන ඒවා පුවත්පත්වල වලින් ප්‍රසිද්දියක් ලබා ගෙන ඒ හරහා දේශපාලන වාසි ලබාගැනීමටයි. අනෙක් කාරණය ඒවා තානාපතිවරු හරහා හියුමන් රයිට්ස් වලට ගෙනයාම මොහුගේ අරමුණයි.මොහුගේ ඇත්තේ වෛර දේශපාලනයකි. (අ)
සරත් ෆොන්සේකාට දැන් බයවෙලා. ජයවේවා ජයවේවා ජයවේවා.(නදී)
පොන්සේකාගේ ගැට වලට පොලිසිය අහුවෙලා.ෆොන්සේකා උවමනාවෙන්ම අවසර නොගෙන ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කලේ පොලිසිය එක නවත්තන බව දැනගෙන. එයා බලාපොරොත්තු උනා වගේම, එකෙන් එයාට ලොකු ප්‍රසිද්දියක් පත්තරවලින් ලැබුනා. යාගේ වැඩේ ඉටු උනා, පොලිසිය පල් උනා (අ)
මේවා දකිනකොට හිනා යනවා. මහ දවල් ඇස් වහගෙන ඇත පත ගානවා. ඇස් පනා පිට අසාදාරණ දේවල් වෙනවා. හැම දෙනෙක්ව ඒවා නොදන්නවා වගේ තමන්වම රවටා ගන්නවා.(නදී)
සඳුනි දිනලා පෙන්නුවොත් ඔයා මොකද කරන්නේ (අ)
කොහොම උනත් ආණ්ඩුවට අනාගත අභියෝගය මෙතුමා බව දන්නවා ...අපි ඔබ තුමා සමගයි.(නදී)
ප්‍රශ්නය ඇත්තේ ශබ්ද විකාශනයත් එක්කද, එහෙම නැත්නම් රැස්වීම එක්කද එසේත් නැත්නම් ශබ්ද විකාශනයක් සහිත රැස්වීමක් පිළිබඳවද? දුටු ගැමුණු රජ්ජුරුවෝ එළාරට විරුද්ධ සටන සඳහා මාගම් පුර සිට අනුරාධපුරය දක්වා මිනිසුන් එකතුකලේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන නොවේ. නියම සටන එළඹී වෙලාවේදී එළාර ගේ 26 වසරක පාලන කාලය විනාඩි කිහිපයකින් අවසන් උනා. යුද්ධයක් දිනු සෙන්පතියෙකුට රාෂ්ට පති වෙන්න බැරිද? (අ)
පොලිසියට සරත් ෆොන්සේකා මහත්මයාගේ කතාව නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉහලින් ලැබුන නියෝග වලට අනුව වැඩිම උනොත් ශබ්ද විකාශන යන්ත්‍රය තහනම් කරන්න පුළුවන්. ඒත් වැඩේ කැතයි. (නදී)
පොලීසිය ඉතා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරලනේ. (නදී)
පොලිසිය කුඩු, එතොනොල්, අපචාර වටලන්නේත් මෙහෙමද? ලංකා ආණ්ඩුවේ පොලිසියද ?පර්සිලන්තේ පොලිසියද ? අපි අනාථ වී මංමුලාවී ඇත . දැන් සිතසිතා නොසිට ක්‍රියාන්විත වෙමු අපේ ළමාපරපුර වෙනුවෙන්. (නදී)
ආංඩුව අර සුදු කොඩි කතාවක් කිව්වයි කියල මෙතුමාට නඩුදාල සියලු දේ අහිමි කලා. ඒත් අර රායප්පු ජොෂප් ල කොයී තරම් භයානක කතා ද ඊයෙ පෙරේ ද මුලු ලෝකෙටම කිව්වෙ?. ඒ මදිවට ඔව් අපි එහෙම කිව්ව කියල මෙහේ ටීවි එකටත් කිව්ව. ඒවට කෝ නඩු නැද්ද? සුදු කොඩි කතාව කොහොම වෙතත් රායප්පුලගෙ කතා වලින් නම් කවුරු කවුරුත් ඉස්සරහට ලොකු අමාරුවක වැටෙයි.(නදී)
අනේ චන්ද්‍රෝ, ඕස්ට්‍රේලියාවේ වගේ හැම එකටම පාඨමාලා තියන්න අපිට පිස්සු කියල හිතුවද ?(නදී)
මම කලින් හිතා ගෙන හිටියේ බලපිටියේ ඉන්නේ කෙලින් මිනිස්සු කියලා. අනේ බලාගෙන ගියාම ඔල්ගා දේවියගේ කට්ටියනේ ඉන්නේ. ලැජ්ජයි මිනිසුනේ.(නදී)
සේනානායකගෙ මොලේ නරක්වෙලා වගෙයි.(නදී)
ජගත් ලියනගේ අයියා. සේනානායකගේ කොමෙන්ට් එක හරි. එයා ලංකාවේ ඉන්න පුරවැසියෙක් හැටියට නිවැරදි දෙයක් සටහන් කළා කියල මට හිතෙනවා. ජගත් අයියා ඉස්කෝලෙක ඉගෙනගත්තා නම් ඔහොම හිතන්නේ නැහැ.(නදී)
ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කලයුත්තේ පොලිසියේ පුර්ව අනුමැතිය යටතේය. ඒ බව හයේ පන්තියේ දරුවෙක් පවා දන්නා කරුණක්. නමුත් දේශපාලනය ගැන ප්‍රවීණත්වයක් නො තිබුනාට රටේ නිතිය ගෙන මෙයාලා දන්නවනේ. ඉතින් ඇයි දෙයියනේ ඔය අවසරය නොගත්තේ.? අවසරේ නිසිලෙස ගත්තානම් ඕක වෙන්නේ නැහැනේ. (නදී)
පොලෝසිය අනිත් දේවල් වලට ඔය වගේම ක්‍රියාත්මක වෙනවා නම් ලංකාව ගොඩ.(නදී)
නීතිය ක්‍රියාත්මක වෙන එක හොද දෙයක්නෙ. පොන්සේකා මහත්තයා ජනපති උනානම් ඉඩදෙයිද අනිත් අයට අවසර නැති ශබ්ද විකාශන වලින් අමතන්න. රටේ ජනතාව මෝඩයො නෙවෙයි. (නදී)
ලෝකේ තියෙන හොඳම පොලිසිය.(නදි)