ශිෂ්‍යයන්ගේ පෙළපාළියට පහර දීම ඉතා වැරදි බව පුරවැසි බලය ව්‍යාපාරයේ ගාමිණී වියන්ගොඩ මහතා කියයි.
‘ශිෂ්‍ය සටන්වලට කාලයක් තිස්සේම පාලකයන් ගැහුවා. එකයි අපි වෙනසක් කළේ. ප්‍රජාතන්ත්‍රවාදය ගේනවායැයි කියන අලුත් පාලනය යටතේ මෙවැනි පොලිස් පහරදීම් කිසි සේත් බලාපොරොත්තු වෙන්න බැහැ.
ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් සාධාරණ ද අසාධාරණ ද, ඔවුන් මෙහෙයවන්නේ කවුද කියාත් සොයා බැලිය යුතුයි. ඒ කුමකින්වත් සිසුන්ට පොලිසියෙන් පහරදීම සාධාරණී කරණය කරන්න බෑ.‘
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -
‘පොලිසිය අවම භලය භාවිත කළා කිව්වා. පසුගිය ආණ්ඩුව කළෙත් ඕකයි. මුලින් බැටන් පොල්ල, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, රබර් උණ්ඩ ඉන් පස්සේ වෙඩි උන්ඩ. පසුගිය ආණ්ඩුවක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරද්දි පහර දුන්නා.
මේ පහර දීම සාධාරණී කරණය කරන්න උත්සාහ කිරීමම හොඳම විහිළුවක්. සිසුන් ආයුධ සන්නද්ධව හිටියේ නෑ. ඉල්ලීම් වෙනුවෙන් පාගමන් යන පිරිසට පහර දීම දැඩි ලෙස හෙළා දකිනවා.‘
නීතීඥ ප්‍රතිභා මහානාමහේවා -
‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි වගන්තිය අනුව පුරවැසියන්ට භාෂණයේ නිදහස තිබෙනවා. සාමකාමීව රැස්වෙන්න පුළුවන්.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තිබෙනවා විවියන් ගුණවර්ධන එදිරිව හෙක්ටර් පෙරේරා කොල්ලුපිටිය ස්ථානාධිපති. විලිවියන් ගුණවර්ධන ඇතුළු පිරිස පෙළපාළියක් යද්දි කොල්ලුපිටිය පොලිසිය ළඟින් පෙළපාළිය නවත්වනවා. ඉදිරියට යන්න දෙන්නේ නෑ. පහර දී පෙළපාළිය විසිරවනවා. ඒ ගැන නඩු තීන්දුවේ සඳහන් වෙනවා සාමකාමී පෙළපාළි යා හැකි බව.
පෙළපාළිය සාමකාමී නැති නම් විසිරුවා හරින්න පොලිසියට බලයක් තිබෙනවා. එම බලය අවම බලය විය යුතුයි. අවම බලය අවස්ථාවෝචිතයි.
වැටුණු පසුත් පහර දෙන්න බෑ. එළවා එළවා ගහන්න බෑ. එසේ වී තිබෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකියි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන දැන් පින්තුර ගත්තු අය... (ර)
තමුන්ට වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වැදෙන්න පින නැති නූගත් සම්පත් වැනි අය උගත් සිසුන්ට වෛර කරන බව අපට සිතා ගත හැක (අ)
කමක් නැහැ...යහපාලානේ තියෙනවනේ. (අ)
ඩොනල් වික්‍රමසිරි තමන් ගිහින් තියෙන්නේ වැස්සට විතරද?සම්පත් කියපු දේ වරදක් නැති බව පිලි ගන්න. මම හොඳට දන්නා නිසා කියන්නේ මේ වගේ රැලියකට සියයට 75 යන්නේ කිසිම දෙයක් නොදැන.මචන් වරෙන් කිව්වම යනවා අපිත් ගිහින් තියෙනවා බර පතල කම දන්නේ යමක් වුනාට පස්සේ. (අ)
දැන් කාලයක් යනකන් මේ දේ අල්ලගෙන දගලයි කට්ටියම.(හේ)
මගී ජනතාව වෙනුවෙන් මේ පාරවල් වහලා උද්ඝෝෂණ කරන,ඒවාට නායකත්වය දෙන කාලකන්නින්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට යන්න කවුරුත් නැද්ද?මානව හිමිකම් තියෙන්නේ එයාලට විතරද? මිනිස්සු කොතරම් පිඩාවක් කොලඹ නගරයේ මාර්ගයක් ජනාකීර්ණ වෙලාවට අවහිර වුනාම විදිනවද? මුන්ට ගැහුවා මදි මටනම්..(හේ)
හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ්‍රස් නෑ..(බ)
"සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියවූ" කියල වෙන්න ඇති ගහන්න ඇත්තේ...හ්ම්ම් (බ)
මේ සිසුන්ගේ ප්‍රශ්නය බොහෝ කාලයක් තිස්සේ තියන එකක් එකට බැට්ටන් ප්‍රහාර දෙන්න ඕනේ විශේෂයෙන්ම ඉස්සර හිටපු උසස් අධ්‍යපන ඇමති එස්. බි. දිසානායකට. ඔහු තමා උසස් අද්‍යාපන තාක්ෂණ ආයතන විනාශ කරේ. (අ)
ලංකාවේ පොලිසිය අතීතයේ සිටම කළේ අහිංසක මිනිසුන් වැරදී කරුවන් ලෙස හංවඩු ගැසිම , වැරදී කරු කියා පිළිගන්න තුරු මාරක වද හිංසා කිරීම , එහෙත් රජයේ ලොක්කකු හෝ සල්ලි කාරයකු දුටු ගමන් දෙකට නෙමිලා ඔවුන්ට වැද ආචාර කරලා , ඔවුන් ඉදිරියේ බලු කුක්කන් වගේ සිටීම (බ)
පහර දීම පමණක් නොවෙයි බොරු කීමත් පොලිසියේ රාජකාරියක් කියල පොලිස් කොමිසම හරහා අනුමත කර ගත්තහම මාධ්‍යයට මීට පස්සේ ඕව ගැන කතා කරන්න වෙන්නේ නැහැ. (බ)
මෙතැන අදහස් දක්වල තියෙන සමහර අය වැස්සකටවත් ඉස්කෝලේ නොගිය කට්ටිය. (බ)
පොලිස් කොමිසමේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සමග එකතු වී පොලිසියත් මහජනතාවත් අතර සම්බන්ධතාවයේ ගුණාත්මක වෙනසක් කිරීමට කතා බහ කරගෙන පැය ගානක් ගෙවුනා පමණයි. ලංකාදීප පුවත්පත මාධ්‍යය නිදහසක් වෙනුවෙන් මෙන්ම සදාචාර සම්පන්න සිවිල් සමාජයක් ගොඩනංවන්න කරන මෙහෙයෙයි එක උදාර කර්තව්‍යක් මේ සිද්ධිය වාර්තා කිරීමෙන් කර ඇත්තේ. පොලිසියට කරන්න තිබුනේ මාධ්‍යයට දොස් පැවරීම වත් වැටුන ළමයාට පහර දී ඇයව ඔසවා තැබුවා කියන්න වත් නොවේ ජාතිය ව්‍යාසනයට පත්කළ අඳුරු යුගයක් අවසන් කොට ශිෂ්ඨ සම්පන්න රටක් ගොඩ නංවන්න සැවොම සහජීවනයෙන් කටයුතු කළ යුතුව ඇති මොහොතක පොලිසිය මේ අන්දමින් අතීත ආවර්ජනයක යෙදීම අත්තෙන්න්ම ශෝචනීයයි.(රේ)
දැන් ඉතින් ඔහොම යමුකෝ!! (නි)
චන්න බුවනක, මම ඔබට නවසීලන්තයේ සිට හිස නමා ආචාර කරමි. ප්‍රංශයේ, රුසියාවේ හා ඇමරිකාවේ පවා විශ්ව විද්‍යාල සිසු කලබල වලදී පොලිසිය ඉතා සංයමයෙන් ක්‍රියා කරනවා. (නි)