(ඉන්දිකා රාමනායක)

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වාගන යන 118 කෙටි දුරකතනය හදිසි ඇමැතුම් ඒකකයට පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සහ ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව පොලිස් මුලස්ථාන පවසයි.

118 කෙටි දුරකතනය ඔස්සේ මෙතෙක් දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය, සම්බන්ධයෙන් තොරතුරු ලබා හැකියාව තිබු අතර , එම තොරතුරු වලට අමතරව පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද දැනුම් දිය හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.

තොරතුරු ලබා දෙන්නාගේ අනන්‍යතාවට හෙළි කරමින් හෝ නොකිරීමෙන් ඔවුනට තොරතුරු ලබා දිමේ හැකියාව පවතියි මෙම කෙටි අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මහජනය ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.