නියෝජ්‍ය පොලිස්පති තනතුරු වල අවශ්‍යතාවයන් ඇතවී ඇති බවත් එම තනතුරු සදහා පත්විමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ වසර 5 ක් සිටීම මුලික සුදුසු කමක් වුවත් එය වසර 4 දක්වා අඩු කළ බවත් පොලිස් නිලධාරින්ගේ දුක් ගැනවිලි විමසා ඒවාට විසඳුමක් ලබා දීම මුලික අරමුණ බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මහනුවරදී දළඳා සමිඳු වැඳ පුදා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේ පැවැසිය.
පොලිස්පතිවරයා අස්ගිරි - මල්වතු මහනාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පොලිස්පති ලෙස පත්වු පුජිත් ජයසුන්දර මහතා සහකාර පොලිස් නිලධාරියකු ලෙස පත්වි ක්‍රමක් ක්‍රමයෙන් ආගම දහමට ලැදිව නිලයෙන් නිලය උසස්විම් ලබා තම චරිතයට කැළලක් වන ක්‍රියාවන් නොකර අවංක භාවයෙන් දක්ෂතාවයෙන් පිරිපුන්ව සේවය කළ නිසා 34 වැනි පොලිස්පති ලෙස පත්වීමට හැකියාව ලැබුණු බව පැවසූහ.
ඉදිරියේදි පොලිස් සේවයටත් මහජනතාවටත් විශාල සේවයක් කිරිමට හැකියාව ලැබෙන්නට කියා තමන් පාර්ථනා කරන බවත් උන්වහන්සේ පැවසූහ.
වරකාගොඩ ඥානරතන අස්ගිරි මහනාහිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ජයසුන්දර මහතා ආගම මුලිකව යහපත් දිවි පැවැත්ම කරගෙන ධර්මානුකූලව ධෙර්යවන්ත ගමනක් ගිය බවත් නාහිමියෝ කීහ.
මාධ්‍ය වේදින් හමුවේ පොලිස්පති මෙසේ අදහස් දැක්වීය.
‘ධර්මානුකූලව ජීවත්විම හා උත්තරිතර සංඝරත්නය සමග තිබූ බැඳීම හා අවවාද අනුශාසනා ලබා පොලිස් සේවයේ නියැලිම නව පොලිස්පති තනතුර ලැබිමට මනා පිටු වහලක් වුණා. සෙංකඩකලගල පුරවරය මට මහා සුවිශේෂ ස්ථානයක් වුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති තනතුරේ සිට පොලිස් කොස්තාපල් තනතුර දක්වා ඉස්සර තිබුන අකාරයට නොව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා පොලිස් කේෂත්‍රය තුළ වෙනසක් ඇති කරන්න ඕන. අපි අපේ රාජකාරිය හරියට කරන්න ඕන‘
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නැවැත්වූවේ වෙනත් විදිහකට ශක්තිමත්ව ප්‍රතිසංවිධානය කිරීමට බවත් ඒ ගැන සාකච්ඡා කර මාධ්‍යට අවශ්‍ය කරුණ අවශ්‍ය විදිහට දෙන්න ප්‍රතිසංවිධානය කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු ලෙස පොලිස්පතිවරයා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක කිරීමේ හා පොලිස් සේවයේ සැබෑ වෙනසක්, අපට පෙනෙන දැනෙන වෙනසක්, කරන්නට ඔබට ශක්තිය ලැබේවා! (බ)
එදත්, අදත්, හෙටත්, අනිද්දත්, දිගටමත්, කෙළින් කතාකරන, කෙළින් වැඩ කරන දුර්ලභ චරිතයකි (නි)
පොලිස්පතිතුමනි, අපි ඔබතුමා විශ්වාස කරමු. චිරං ජයතු! (නි)
ජයවේවා ....ජයවේවා...ජයවේවා...(බ)
ඔබ තුමා යන ගමනේ සතුටුදායක වෙනසක් අපි දකිනවා. කියනවා වගේම ඒවා ක්‍රියාත්මක කරන්නත් වාසනාව ලැබේවා. (බ)
තවම නම් ඉස්සර පොලිසියම තමයි. තාම වෙනසක් නෑ. (හේ)
ඔහු වාසනාවන්තයෙක්, නිර්මාණශීලී අයෙක්. ඔහු පොලිස් සේවයට අලුත් සංකල්ප ගෙනෙනවා ඇත. ඒ තුළින් රටටත්, සමස්ත ජනතාවටත් බේදයකින් තොරව පිළිගත හැකි නීතිය හා සාමය රකින බොහෝ දේ කරනවා ඇත. එයයි අද රටට අවශ්‍ය. ඔබට තෙරුවන් සරණයි! (නි)
කලබල වෙන්න එපා තාම පටන්ගත්ත විතරයි ,මොකද යහපාලනය ගැනත් අපි හිතුව හොද දේවල් වෙන්නේ නැහැ ,රට දියුණු කරන වැඩ වෙනුවට මහින්ද ගෙන් බේරෙන්න කාලය කා දමනවා ,මාධ්‍ය කටියත් මේක රටේ ලොකුම ප්‍රශ්නය කරගෙන අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදෙනවා ,කවුරු පොලිස්පති වුනත් ලොකු වෙනසක් කරන්න බැහැ,නමුත් චන්ද්‍ර ෆර්නැන්ඩෝ යමක් කළා (බ)
එහෙම තම ඉන්න ඕනි පොලිස්පති තුමනි. පත්තර කාරයින්ගේ කටවල් අකුලාගෙන මර බයේ හිටියේ පහුගිය ආණ්ඩුව කාලේ. දැන් නිදහස ටිකක් දුන්නම රට ගිනි තියන්න හදනවා. එයාලට ඕනි විදියට නටන්න දෙන්න එපා. එහෙම වුනොත් හිටපු ආරක්ෂක ලේකම් වගේ තදට ඉන්න. ඔලුව දන්නා දුන්නම කඳත් ගෙන රජවෙන්න හදන්නේ.(බ)
ජයවේවා ඔබතුමාට! (නි)
ඔබතුමාට අපේ සුබ පැතුම්! මම ඔබතුමා පුද්ගලිකවම ප්‍රියකරන අයෙක් නොවන නමුත් මට අහිංසක ආඩම්බරයක් තියෙනවා (නි)
මෙතුමාට ජයෙන් ජයම වේවා! (නි)
සාමාන්‍යයයි.