තුන වසර ගුරුවරියක හබරණම පාසලකට මාරු කළැයි හබරණ හිරිවඩුන්න ආදර්ශ ප්‍රාථමිකයේ මව්පියන් පිරිසක් සෙසු ගුරුවරුන් හා විදුහල්පති කාමරයකට දමා දොර වසා තුන වසර සිසුන් පාරට බස්සවා උද්ඝෝෂණයක් කළැයි අද උදේ වාර්තා විය.
හබරණ පොලිසිය එහි පැමිණ දොර කඩා හිර කර සිටි පිරිස එළියට ගත් අතර නීතිය අතට නොගන්නැයි දෙමාපියන්ට අවවාද කළේය.
දරුවන් වැරදි මග නොයවන්නැයි ද පොලිසියට ඔවුනට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් මේ දේවල් අනවශ්‍ය විදිහටයි මිනිසුන් පාවිච්චි කරන්නේ උද්ඝෝෂණ වැරැදි අවබෝධ මිනිසුන්ගේ ඔලු තුලට ඇවිත්.තව ටික දවසකින් පාසලට අලුතින් ගුරුවරයෙක් ආවත් ''අපිට එයා එපා''කියා පාරට බහී.(දිල්)
කලින් කලට අධ්‍යාපනයේ නොයෙකුත් ප්‍රශ්න ඇති උනා. මම දන්නා කාලයේ උපාධි අපේක්ෂක වීරසුරිය මරා දැමීම, ධවල පත්‍රිකාව, රාගම මෙඩිකල් කොලේජ් , ආදී ප්‍රශ්න ඉතාම උග්‍ර ප්‍රශ්න. . එකල අධ්‍යාපනයට හිටියේ එකම ඇමති කෙනෙක් පමණයි. දැන් උප ඇමතිලා, අධීක්ෂණ මන්ත්‍රීලා, පලාත් සභා ඇමතිලා ඉන්නවා බුරුතු ගනන්. ඒත් වැඩක් තියෙනවද? (නදී)
මේ මාරු සිදු කරන්නේ සේවාවේ අවශ්‍යතා මත වෙන්න බැරි කමක් නැහැනේ. හැම දේකටම උද්ගෝෂණය කරන එක අද විලාසිතාවක් වෙලා. අසාදාරණයක් උනාම ,කරන්නම දෙයක් නැත්තම්, උද්ගෝෂණය කිරීම පිළිගන්න පුළුවන්. ඒත්, පොඩි,පොඩි දේවල් වලට උද්ඝෝසණය කිරීම හොද ආදර්ශයක් වෙන්නේ නෑ. අනික දරුවන්ව යොදාගැනීම හොද දෙයක් නෙමෙයි මේවාට. මොකද හෙට අනිද්දා මේ ලබා ගන්න ආදර්ශේ හේතුවෙන් දෙමාපියන්ට පවා අවනත නොවී,හැම දේකටම රණ්ඩු කරලා,බය කරලා වැඩ කරන්න පටන් ගනීවි. මේ දේවල් ලොකු විනාසයක ආරම්බයක් කියලා කියන්න බැරි කමක් නෑ. (නදී)
මිනිස්සු උද්ගෝෂණය කරන්නේ ඔවුන්ට අවශ්‍ය කරුණු නීති මාර්ගයෙන් හෝ පැමිණිලි වලින් කරගන්න බැරි නිසා.(දී)
ළමා මනස විනාශ කරන ඒක පාපයක්. ඔවුගේ ළමා සිතුවිළි, සිතීමේ නිදහස,නිර්මාණශිලි බව නැත්තටම නැතිවෙනවා මේ මී හරක් වැඩ වලින්. අභියෝගවලට මුහුණ දෙන්න ළමයින්ට පුරුදු පුහුණු කරනවා කියන්නේ උද්ඝෝෂණය නෙමෙයි. අද ළමා ලෝකය විනාශ කළොත් හෙට වැඩිහිටි ලෝකය වෙනස් වේවි.(නදී)
කියන්න කණගාටුයි, අද වැඩිහිටි පරපුර බාල පරපුරට විශාල අවාදර්ශයක් ලෙස සමාජය තුල හැසිරෙමින් සිටිනවා. සමහර කුඩා දරුවන් තුල තිබෙන හික්මීම, වැඩිහිටියන් තුල දකින්නත් නැහැ. වැඩිහිටියන් උම්මන්තකයින් ලෙස හැසිරෙන රටක අනාගත පරපුර ගැන කතාකරන්න දෙයක් ඉතිරි වෙයිද? (අ)