අතුරුගිරියේ අරංගල සැණකෙළියක දී රිවිර මාධ්‍යවේදී චාමර අමරසූරියට පහර දුන් බව කියන පොලිසියේ දෙදෙනාට එරෙහිව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ විස්තර ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා පොලිස්පතිට නියෝග කළේය.
අමරසූරිය කියා ඇත්තේ පොලිසියේ පිරිසක් යතුරුපැදි හා පාපැදිකරුවන් කිහිප දෙනකුට පහර දීමේ සිද්ධියක් ගැන විමසීමට ගිය අවස්ථාවේ තමා පොලිසියට රැගෙන ගොස් පැය හතරක් තිස්සේ රඳවාගෙන සිටි බවයි.
අතුරුගිරි පොලිසිය අධිකරණයට දැන්වූයේ අමරසූරිය පොලිස් සාමාජිකයකුට බලහත්කාරකම් කර පහර දී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය මාධ්‍යවේදියාට ගහලා
වර්ණ Monday, 11 November 2013 05:14 PM
ලංකාවේ පොලිසියට පිස්සෙක්වත් ගහන්නේ නැහැ.ගහනවා තියා හරි වැරැද්දක්වත් කතා කරන්න පුලුවන්ද ඔය කට්ටිය එක්ක. (නි)
වන්නි තිලක් Monday, 11 November 2013 09:53 AM
එජාප මන්ත්‍රීට වෙඩි තියලා. වෙඩි තැබීමක ලකුණක් වත් නෑ. පොලීසිය. පොලිසියටත් ගැහුවලු. ගහපු ලකුණක් වත් නෑ. (ස)
ආරියසේන Sunday, 10 November 2013 11:16 PM
ඉඳලා වැඩක් නැහැ අවුස්සා ගත්තොත්,දෙබරෙට ගල් ගැහ්‍රවා වගේ තමා. (නි)
පෙත්තා Monday, 11 November 2013 06:12 PM
බලහත්කාරකම් කර පහර දීම බොහොම වැරදියි. දෙකෙන් එකක් කර විභාගය පාස් වුණහම ඊළඟ එක කළා නම් ප්‍රශ්නයක් නැහැ (නි)
උපාලි Monday, 11 November 2013 06:35 AM
ජයතිලක, ඔබ හරි. පොලිසියට අතින් පයින් හරි වෙන ආයුධ වලින් හරි ගහන්න මාධ්‍යවේදීන් කවදාවත් එන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසගෙන් ගුටි කෑවට පොලිසිය ඒවා එළි කරන්නෙත් නැහැ වැඩිය. මාධ්‍යවේදීන් බොහොම දරුණුවට පහර දෙනවා පෑනෙන්. හැබැයි, ඒ සැබෑවටම පහර ලැබිය යුතු අයටයි. (නි)
පෙරේරා Monday, 11 November 2013 07:34 AM
ජයතිලක ඉල්ලන් කන මෝඩයෝ නේන්නම් ලංකාවේ ඉන්නේ බලන්නකෝ ඡන්දෙ දීල ඊට පස්සේ හූල්ල හූල්ල ඉන්න හැටි.(නදී)
ජයතිලක Sunday, 10 November 2013 08:34 PM
පොලිසියට බලහත්කාරකම් කරලා, පහරදීල ඉල්ලන් කන ජාතියේ මෝඩයෝ නැහැ ශ්‍රී ලංකාවේ.කාටද මේවා කියන්නේ දෙයියනේ ? (අ)