පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 සැප්තැම්බරයේ දී උද්ඝෝෂණය කරද්දී වැලිවේරිය ඌරුවල සභාවේ පන්සලට පහර දුන්නේයැයි රතුපස්වල ගම්වැසියන් 23 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව මාර්තු 24 වැනි දා විභාගයට ගැනීමට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා අද නියෝග කළේය.
වතුර ඉල්ලූ ජනතාවට පොලිසිය බොරු නඩු පටලවා ඇතත් වෙඩි තබා තුන් දෙනකු මරා දැමීම ගැන තවම කිසිත් කර නැතැයි ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ බර්නි අල්විස් මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ දී කීහ.
නඩුව පැවැත්වෙන බව ආරංචි වී වැලිවේරිය රතුපස්වල ගම්වැසියෝ රැසක් සහ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ද අධිකරණයට පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය පවතිනවා යයි උපකල්පිත නිසා අපිට මොකුත් කියන්න බැහැ (ම)
කමක් නැහැ බොරු නඩු දැම්මට දැනටමත් සීයට අසූවක් හිරගෙදර ඉන්නේ අහිංසකයෝ නේ. (බ)
ගිනි පිඹින්න අණ දුන් පුද්ගලයත් ලංකාවට ඇවිල්ල නේද ඉන්නේ? (බ)
වැරදිකරුවන් අදටත් නිදහසේ නොවේද? (නි)
මේ ගැන ලොවම බලන් ඉන්නවා විසදුමක් ලබා දෙන්න.(හේ)
ඇත්ත තමයි. මේ ප්‍රශ්නය තවමත් එක තැනනේ (නි)