පොලිසිය බොරු චෝදනා කරමින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඇඹිලිපිටියේ සාදයක දී තරුණයකු මිය යෑමේ සිද්ධියේ අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ  විජිත පුංචිහේවා මහතා කියයි.

පුංචිහේවා මහතා කියනුයේ තමා අසනීප වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. රෝහලේ පොලිස් මුරපොලේ පිරිසක් තම නම සඳහන් කරමින් එවැන්නෙක් සිටීදැයි විමසා ඇති බවත්, රෝහලට ඇතුළු වූ දිනය, ඇතුළු වූ කාරණය ආදිය සොයා ඇති බවත් පුංචිහේවා මහතා කියයි.

පුංචිහේවා මහතා බලපෑම් කළ බව කියමින් මෙම නඩුවේ සාක්කිකරුවකු බව කියන පුද්ගලයකු පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

මීට පෙර පුංචිහේවා මහතාගේ නිවස අසල නාමපුවරුවක් ද කඩා බිඳ දමා තිබිණි.

ඇඹිලිපිටියේ සිද්ධියෙන් පසු මිය ගිය තරුණයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුල සිටම කටයුතු කළේ නීතීඥ පුංචිහේවා මහතා පව පවුලේ උදවිය කියති.