බදුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් රැගත් මෝටර් රථයක් අද (26) අලුයම බදුල්ල පිංඅරාවේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පොලිස් නිලධාරීන් 5 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මළ ගෙදරකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත.
තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකු බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු වාහනයක අසුන් ගත්තාම .. හිතන්නේ තටු ලැබුනයි කියල ... මෙවැනි රජයේ නිලධාරීන්ට .. වාහන පැදවීම තහනම් කළොත් රජයට හුඟක් මුදල් ඉතිරි කරගැනීමට පහසුවෙයි .. (බ)
ගොඩක් අනතුරු වලට නොසැළකිළිමත්කම තමයි මූලිකම හේතුව (නි)
කොහොමත් පොලිස් ඇඳුම් අඳින අය හිතන්නේ එයාලට නීතියක් නැහැ කියලා (නි)
මළ ගෙදර මගුල් ගෙදර කරගත්තද දන්නේ නැහැ මේ කට්ටිය දැන් කාලේ එහෙමනේ. (බ)
කොස් ගහට වෙරිවෙලා වැනි වැනී පාරේ මැද යනකොට පාරේ නීතිගරුකව එලවාගෙන ආපු කාර් එකේ හැපිලා . බලන්නකෝ හෙට අනිද්දාට මේකේ පොලිස් වාර්තාව . කොහොම වුණත් ඉක්මන් සුවය පතනවා (බ)