යාපනය කන්කසන්තුරේ දී  අද (21) අලුයම යතුරුපැදියකින් යමින් සිටි යාපන සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට  හේතු සෙවීමට  රහස්  පොලිසිය කැඳවා ඇත.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය යාපනයේ දී දැන් පැවැත්වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ඔවුන්ගේ වැඩ ද තහනම් කළ බව රජය කියයි.යාපනයේ උසාවිය හා විශ්ව විද්‍යාල අසල ආරක්ෂාවද තර ඇත.

යාපන  සරසවියේ  දේශපාලන විද්‍යා පීඨයේ  නඩරාසා කජාන් හා  ජනමාධ්‍ය සිසු පුවන්රාජා සුලක්ෂන් කන්දරොඩේ  මිය ගිය සිසුන් දෙනොය. ඔවුන් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30 ට  පමණ කොකුවිල් දෙසට  යතුරු පැදියෙන් ගමන් කළ බවත්  යතුරු පැදිය නතර කරන ලෙස පොලිසිය අණ කළ බවත්  යතුරු පැදිය නතර නොකරම ධාවනය කළ බවත් කියති.

පොලිසිය යතුරු පැදියට වෙඩි තබා ඇතැයි ද ඒ සමඟම යතුරුපැදිය පාර අසල නිවසක තාප්පයක වැදී අනතුරට පත්වී  ඇතැයි ද කියති.

යාපනය මහේස්ත්‍රාත් එස්. සතීශ්කරන් මහතා සිද්ධිය වු  ස්ථානයට  ගොස් මරණ පරික්ෂණය පැවැත්වීය.

යාපන රෝහලේ අධිකරණ වෛද්‍ය  නිලධරයා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විය. යතුරුපැදිය පදවා ගෙන ගිය සිසුවාගේ හිසට  වෙඩි පහර  දෙකක් වැදී ඇති බවත් යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව අනතුර  සිදු වු බවත්  පිටුපස ආසනයේ සිටි සිසුවාට  වෙඩි වැදී නැති බවත් එහෙත් ඔහු අනතුරින් ඔහු මිය ගිය බවත් වෛද්‍ය වාර්තා වල දැක්වේ.

අපක්ෂපාත පරික්ෂණයක් පවත්වන ලෙස යාපන සරසවි සිසුහු ඉල්ලති. 

සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද පරික්ෂණයක් ඇරඹීය.