යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරිහු පස්දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මස (3)තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මේ පිරිස අතර උප පොලිස් පරික්ෂකවරයෙක් පොලිස් සැරයන් වරයෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක් සිටිති.

මෙය රිය අනතුරක් බව පොලිසිය මුලින් ප්‍රකාශ කළ අතර එක් සිසුවෙකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇතැයි පසුව අනාවරණය විය.