කැළණියේ සිට කොළඹ ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණෙමින් සිටි සරසවි සිසුන් පොලිසියේ අණ නොතකා ඉදිරියට ගමන් කරද්දී පොලිස් ජල ප්‍රහාර ක්‍රියාත්මක විය.
එහෙත් මුල්ම ජල ප්‍රහාරය එල්ල වුයේ පොලීසිය දෙසටමය.ඒ කොළඹ ලෝටස් පාරේදීය.වැරැදි දිසාවට ජල ප්‍රහාරක නළය යොමු වීම නිසා සිය ගණන් පොලිස් නිලධරයෝ මොහොතින් තෙත් බරිත වුහ.ඒ අවස්ථාවේ සිසිහු සිටි පැත්තෙන් හු හඩ නැඟි ආවේය.
ජල ප්‍රහාරක ක්‍රියාකරු ඉන් පසු ජල නළ වටේටම යොමු කළේය.
උද්ඝෝෂණය එතැනින් අවසන් විය.
(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල නල ක්‍රියා කරුට අපගේ උත්තමාචාරය.(නදී)
මෝඩයන්ට නොතේරෙන මේවගේ දේවල් අතර, රජින්ද කියන කෙනා හරියටම අදහස කිව්වා.(නදී)
මේ තත්ත්වයෙන් හරි විශ්ව ව්ද්‍යාල ශිෂ්‍යයින් බලවත් නොවුනා නම් අද මීට වඩා දෙයක් ඔබගේ දරුවාට වෙනවා මහත්වරුනි.(නදී)
හුගක් ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ලංකාවේ මිනිස්සු කැම්පස් එක්ක කොච්චර ඉරිසියාද කියල තමා. යන්න බැරි උනාම ඔහොම හිතෙනවා ඇති.(නදී)
ඇතුලේ සත්‍ය තත්වය දන්නේ ඇතුලේ කොල්ලොනේ . මම දන්නවා එකක් කැම්පස් කොල්ලෝ බත් පැකට් එකට ,කිරිපැකට් එකට, කසිප්පු වීදුරුවට,කුඩු පැකට් එකට , තමන්ගේ ප්‍රමෝෂන් එකට ,ට්‍රාන්සර් එකහදගන්න එළියේ ඉන්න උන්වගේ කඩේ යන්නේ නැහැ .ටිකක් හිතල බලන්න ඔබ ඔබ ගැනම .(අ)
බන්දුල ඔයාගේ කටේ රත්රන් දන්නා ඕනේ හරියට හරි (දිල්)
කොහොමත් පොලිස් මාමාලා නාන්නේ නැහැනේ. (නදී)
උද්ගෝෂණ කලාම තමා වැරදි. උද්ගෝෂණ කරන තත්වයට ගෙනාවට කමක් නැහැ.(නදී)
බන්දුල පෙරේරා පොඩ්ඩක් බලන්න. . නිදහස් අධ්‍යාපනය මුළු ගැන්විලා තියෙන හැටි ඔයාට තේරේවි. විශ්ව විද්‍යාලයක ගේට්ටුවක් වත් ලඟට ගිහින් නැති හැඩයි.(නදී)
ප්‍රේමදාස මහත්තයව නැගිට්ටවලා එක මාසයකට බලයේ හිටවන්න තිබුනා නම් කොච්චර හොදද කියල මට හිතුනා.(නදී)
මෙතන මේ ප්‍රතිචාර දාන අයගෙන් කාටද පුලුවන් ලක්ෂ 65 ක් වියදම් කරලා තමන්ගේ දරුවා වෛදයවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කරන්න. තමන්ගේ අනාගතය බිලල්ට තියලා අනාගත දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කෑ ගසන මේ දරුවන්ට බනින්නේ ඇයි නුඹලා.(නදී)
බුරුවන් කියල අපේ අයට කියන බහුතරයක් අපේ ඉල්ලීම් හරියට කියෙව්වද? නිදහස් අධ්‍යාපනේ අපි ගන්නවා වගේම අපෙන් පස්සේ එන නංගිලා මල්ලිලාට දෙන්න ඕනි. අපි දන්නවා අපි ඉගන ගන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් බව. අපි පාරට බහින්නේ ඒ සල්ලි වලට අසාදාරනයක් කරනකොට.(නදී)
නිදහස් අධයාපනයක් අද තියෙනවද ?නොමිලේ අධයාපනය ලැබූ කීදෙනෙක් පිටරටවල ගොස් නැවත ඇවිත්ද ?සරසවි සිසුනි ඔබලා ප්‍රමාද වැඩියි. නිදහස් අද්‍යාපනය කප්පාදු වී බොහෝ කල් ය.(නදී)
කාර් රේස් පදින්න සතිගනන් පාරවල් වහගෙන ඉන්නකොට කාටවත් මතක් වුනාද මේක මිනිස්සුන්ට කරදරයක් කියලා කියන්න. ඒත් වීශ්ව විද්‍යාල ළමයි සාදාරණ ප්‍රශ්න වලට විසදුම් ඉල්ලලා ලැබෙන්නේ නැති තැන පාරට බැස්සම, නිදහස් අධ්‍යාපනය රැකගන්න පාරට බැස්සම පැය 2ක් 3ක් පාර බ්ලොක් වුනාම තමයි සම හරක්ට කේන්ති යන්නේ. (නදී)
මට මතකයි මේ වගේ සිසු උද්ඝෝෂණ වලට දෙමව්පියොත් සාභාගී වුණා. (ත)
අද ලෝකේ දියුනුයි. උද්ඝෝෂණ කරල අද කලේ ආණ්ඩු පෙරලන්න බැහැ. ඡන්දෙ විතරක් පාවිච්චි කරන්ඩ. වැදගත් විදිහට හැදෙන්න බොලද විදිහට හැසිරෙන්ඩ එපා.(නදී)
මේ හාමුදුරුවරුත් මොකද මහපාරේ. අනේ හොදයි. (නදී)
රජින්ද්‍ර වැස්සකටවත් විෂ්ව විද්යාලයකට ගිහින් තියනවද ? (නදී)
විශ්ව විද්‍යාල කියන්නේ උගත්තුම බිහි කරන තැනක්වත් උගත්තු කියන්නේ විශ්ව විද්‍යාල වලින්ම බිහිවෙන පිරිසකුත් නෙමෙයි චන්ද්‍ර මහත්තයෝ..මේ ඇස් පනා පිට පෙන්නේ විශ්ව විද්‍යාල වලින් මී හරක් බිහි වෙන හැටි..සේරම් මහත්තය කියන ඒවා කරන්න මේ අයට ඕක ඇතුලේ ඉන්න කාලේ වෙලාවක් නැහැ අර බංකලොත් දෙශපලනෙ දක්කන දක්කන පැත්තට දුවනවා ඇරෙන්න.. ..ඔය කියන ඒවා කරන්නේ ඕකෙන් එලියට අවට පස්සේ..(අ)
මට නම් තනියම හිනා.(නදී)
බන්දුල පෙරේරා, ශිෂ්‍යයන් රටේ අනාගතය බාරගන්න අවශ්‍ය පන්නරය ලබා ගන්නේ මෙවැනි අසාධාරණයනට එරෙහිවීම් වලින්. විශේෂයෙන්ම සරසවි සිසුන් තම දැනුම් පරාසය තුලින් අනාගතය විනිවිද දකිනවා. සමහර විට ඔබලාට සරසවි වරම නොලැබුණා වෙන්න පුළුවන්. මර්වින් සිල්වා වැනි දේශ පාලකයන් යකා නටන විට කට පියාගන ඉන්න ඔබලා උගත් තරුණයන්ගේ උද්ඝෝෂණයන්ට උඩ පැන පැන පහර දෙන්නේ ඔබලාගේම උසස් පෙළ ප්‍රතිපල කෙරෙහි ඇති ද්වේශය නිසා බව මට හැඟෙනවා.(නදී)
බොරු දේශ ප්‍රේමයක් ගැන කතා කරමින් කිසිම හිරිකිතයක් නැතිව අනාගත පරම්පරාව දේශපාලනයට ඇදලදමල අනාගතය විනාශ කරන දේසපාලන පක්ෂ ලජ්ජා විය යුතුය , නොමිලයේ උගන්වන නිසා මෙහි අගයක් නැත.(නදී)
සරසවි වල ගිහින් ඉගෙනගත්තට වැඩක් නැහැ මෙි අය දන්නේ නැද්ද තවත් මනුස්සයො මෙි පාරවල් වල යනවා කියලා. පොලිසිය ගිහින් මේ දේවල් නැවැත්තුවෙ නැත්නම් මේවා නවත්වන්නේ කවුද? නිදහසේ පාරක බැහැල යන්න බැරිවෙන විදියට උද්ගොෂන කරන එකද හරි? නැත්තම් ඒ දේවල් මර්ධනය කරල සාමය ඇති කරන්න ජිවිත කැප කරන පොලිස් නිළධාරින්ද වැරදි ? (නදී)
ඒ අයගේ රැකියාවනේ.(නදී)
ඔතනින් එළියට ආපු කී දෙනෙක් පාරට ඇවිත් පිකටින් කරනවද ඇතුළේ ඉන්න දරුවෝ ටික වෙනුවෙන්. (ත)
අරගලය කරන විශ්ව විද්‍යාල සිසුන්ට මගේ උපහාරය! (නදී)
නියම කොල්ලෝ.(නදී)
මීට අවරුදු 30 කට කලින් පේරාදෙණියේ ශාලාවල නේවාසික ශිෂ්‍යන්ට තිබුන පහසුකම් ගැන සංසන්දනය කළොත් දැන් ළමයිට ලැබෙන්න නේවාසිකාගාර කාමරය විතරයි. මේක මෙතන විශ්ව විද්‍යාල ශිෂ්ෂ්‍යන්ට මැට්ටෝ කියල බනින එක මිනිහෙක් වත් දන්නේ නැහැ. අනිත් පහසුකම් බැලුවොත් කප්පාදුව මිසක් අලුතින් ලැබිච්ච දෙයක් නැති බව. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි මතක් වෙන්නේ ශිෂ්‍යයෝ පහසුකම් ඉල්ලලා පාරට බැස්සහම. රටේ දුෂණ හොරකම් මහා පරිමානෙන් සිද්ද වෙද්දී ඒවා කාටවත් පේන්නෙත් නෑ මොකද ඒවා මිනිස්සුන්ගේ සල්ලිත් නොවන නිසා. අද නිදහස් අධ්‍යාපනය රැක ගත්තොත් හෙට මධ්‍යම පන්තික මිනිස්සුන්ගේ දරුවන්ටත් අනාගතයක් තිබේවි. සමහරු මෙතන බන කිව්වට තමන්ගේ ළමයත් අන්තිමට යන්න වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට කියල දැන ගෙන අදහස් පල කලොත් හොදයි. ලංකාවේ විශ්ව විද්‍යාල වල ශිෂ්‍යන්ට ගරහන්නේ තමන්ටවත් තමන්ගේ දරුවෙක්ට වත් විශ්ව විද්‍යාලයකට පය තියන්න බැරි උන අය බව නම් හොදටම පෙනේ.(නදී)
කැම්පස් ළමයි හරි. අද ඉස්කෝලෙට යන්නත් සල්ලි නැතුව බැහැනේ. නිදහස් අධ්‍යාපනේ වලපල්ලට ගියදාට කාටත් තේරේවි. මේ නැති වෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ අවස්තාව. ආවේගය නැත්නම් මේ රටේ වැඩ කරන්න බැහැ. ඔක්කොම ඒකාදිපති වී ගෙන එන්නේ.(නදී)
හැම කෙනෙකුට ම උපාධියක් ගැනීමේ අයිතියක් තිබෙනවා. (ස)
ජය වේවා......! (දිල්)
අලුත්ම නාට්‍ය "නුතන හිට්ලර් " නොහොත් නුතන ඒකාදිපති.(නදී)
කොහෙද අද නිදහස් අධයාපනයක් තියෙන්නේ රැක ගන්න. ඔය කැම්පස් එකේ ඉන්න ඔක්කොම මොන්ටිසෝරියේ ඉදල අම්මගේ තාත්තගේ සල්ලි ටියුෂන් මාස්ටර්ලාට පුදලා පහේ ශිෂ්‍යත්වේ ඕ ලෙවල් ඒලෙවල් ඔය ඔක්කොම කෑමක් බිමක් සෙල්ලමක් විවේකයක් නැතුව ටියුෂන් ගුරාලගේ පස්සේ බඩගාලා තමයි ඔතනට ගිහින් තියෙන්නේ. ඔතනට ගියාට පස්සේ තමයි කට්ටියට ඔය නිදහස් අධ්‍යාපනය මතක් වෙන්නේ. ඔතනට එනකම් සල්ලි දීල ඉගෙන ගන්න හොදයි ඔතනින් පස්සේ තමයි වැඩේ නරක. ඊට පස්සේ තරගයක් ඇතිවෙනවට කැමති නැහැ. ඒ කුහක කමෙන් තමයි අද අන්තරේ ඔය ප්‍රයෝජන ගන්නේ. (නදී)
මේක නිවුස් එකකට හොද වුනාට. කවදාවත් මගේ දරුවා නම් ඔයවගේ ගුටිකන්න මම යවන්නේ නැත. නමුත් මේම තත්වය උද්ඝෝෂණ නොකර වෙනස් කලහැකියි. පාලකයන් මෙන්ම සිසුන්ද යථාර්තය තුල ජීවත් වෙමින් ගැටලු නිරාකරණය කරගැනීමේ ක්‍රමය අවභෝද කරගත යුතුයි. නොදන්නවා නම් මම කියල දෙන්නම්. (මට සල්ලි එහෙම එපා රට ගැන හිතලයි කියන්නේ.) මගේ සහයෝගය අවශ්‍ය නම් ඊ මේල් කරන්න. මේ වගේ උද්ගෝශණ අවශ්‍යනම් මෙය නොසලකා හරින්න.(නදී)
දිට්ටධම්ම කර්මය පඩිසන් දීල වගේ ......(දී)
උද්ගෝෂණ මර්ධනය කරන,එකාදිපති පාලනයක් තියෙන එකම රට ශ්‍රී ලංකාව.(දී)
ඉඳල හිටලා එයාලත් මේකේ රස බැලුවට කමක් නැහැ.(දී)
හොද වැඩේ. කවදා හරි මෙයාලත් පාඩමක් ඉගෙන ගන්න එපයි (දී)
තමන් විසින් තමන්ම නා ගැනීමක්. නරකද ජල ප්‍රහාරක ක්‍රියා කරුවත් ගස් බැන්දා නම්, රාජකාරිය හරි හැටි ඉටු නොකළ වරදට? (නදී)
උද්ඝෝෂණයක් කළත් මොනව කළත් නායකයෙක් වෙන්න. අනුගාමිකයෙක් වූනොත් නිකන් ගුටිකන්න මැරුම් කන්න වෙන්නේ. පොලිසිය ගහන කොට ගහන්නේ නායකයන්ට නොවෙයි. පිටිපස්සෙන් එන අනුගාමිකයන්ට. අත්අඩංගුවට ගන්නෙත් ඒ අයව. ඒ නිසා පසුපසින් එන අය පරිස්සම් උනොත් හොදයි. අනෙක ඔය නායකයො කැමතියි. පොලිසිය ගහල ඔලු පලනවට ඊටපස්සේ එකෙක් දෙන්නෙක් මැරෙනවාටත් කැමතියි. මිනිය විකුනන්න. දුක දෙමාපියන්ට (අ)
අයිතිවාසිකම් රැකගන්න සටන් කරන ශිෂයන්ව මෝඩයෝ හැටියට දකින්නේ කොන්ද පන නැති හිවල්ලු. හැම දෙයක්ම අපිට ලැබිල තියෙන්නේ අතීත් සටන් නිසා කියල සමහර මෝඩයෝ දන්නාහ. (අ)
අයියෝ නාලා ..........(දී)
හොදටම නාල (දී)
තම තමාගේ වගකීම තේරුම් ගෙන වැඩ කිරීමෙන් රට ඉදිරියට, මේ හැම දෙයකින්ම රට ආපස්සට යාම වැළකීම අප හැම දෙනාගේම වගකීම විය යුතුය. (අ)
වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන් කියන නම වෙනස් කරලා, විශ්වවිද්‍යාල වසු පැටව් කියා දැම්මනම් තමයි වඩාත් හොද. අපේ අයියල ඔහොම ගොන් වැඩ කරන අතරේ ඉන්දියාවේ එව්වෝ අවරුදු 3න් 4න් විශ්වවිද්‍යාල වලින් එලියට ඇවිත් අතමිට සරු කරගන්නවා. අපේ එව්වෝ නාකි වෙනකන් උද්ඝෝෂණ කරලා අන්තිමට තරගකාරී රස්සාවල් නැති උනාම ආයෙත් උද්ඝෝෂණය කරනවා. මුළු ජීවිතේම උද්ඝෝෂණයක් වෙලා.(දී)
මෙයාල ඉගෙන ගන්නේ නැද්ද? හැමදාම මහපාරේද? (දී)
අර හත්වෙනි පින්තුරේ ඉන්න පොල්ගස් බඩගාන මාධ්‍යවේදියාට අපගේ උපහාරය.!(දී)
පොලිසිය නාගන්නේ අද ඊයෙ ඉඳල නෙවෙයි නේ.(දී)
මේ කාලකන්නි නිසා මිනිසුන්ට රස්සාවට යන්නත් නැ බිස්නස් එකක් කරගන්නත් නැ හැම තැනම වාහන තද බදය බස් දුවන්නම බෑ මේව කොළඹ ට එන්න කලින් නවත්තන බැරිද (අ)
නියමයි ඔහොම යමු කොල්ලනේ...............(දී)
කළකම් පල දේ...........(දී)
කට්ටිය හදන්නේ කොහොම හරි කැම්පස් කොල්ලෙක් බාගෙන මිනිය විකුණා ගන්න.මේ වනචාරී දේශපාලනයට තමන්ගේ දරුවන් ගොදුරු වනතුරු බලා නොසිට ක්‍රියාත්මක වීම දෙමව්පියන්ගේ වගකීමක්.නිදහස් අධ්‍යාපනේ නාමෙන් මේ කැම්පස් වලට රිංගල රටේ අනාගතය බාර ගන්න ඉන්නේ මේ වගේ බංකලොත් වැලේ වැල් නැති දේසපාලුවන්ට ඕන ඕන අතට දක්කන්න පුළුවන් මී හරක් රැලක් කියල දැක්කම අනේ අපොයි අපේ රටේ හෙට දවස කියල හිතෙනවා.. (දී)
මට ආරංචි උනේ ජළ ප්‍රහාරකකරු ටිකක් පදමට අරගෙන සිටිය නිසා උතුර, දකුණ මාරු වී තිබුන බවයි. (දී)
රටේ ආරක්ෂව වෙනුවෙන් දුක් විඳින පොලිස් සහ ආරක්ෂා හමුදාවලට මගේ ප්‍රණාමය (දී)
ළමයි හැමදාම මහා පාරේ ගුටි කකා ඉන්නවා (දී)
අන්තරේට දුන්න ගින්න බෑ දෙවියනි නිවා ගන්න, මේ අපේ රටේ අහිංසක ළමයින් නේද දෙවියනි සාදාරණයක් කරන්න (දී)
හැමදාම අනුන් නාවන්න ට්‍රයි කරන එකේ, මේක හොඳ පාඩම (දී)
නියමයි කොල්ලනේ......(දී)
අපේ රටේ මිනිස්සුන්ට පිස්සු හැදී ගෙන එනවා (දී)
දරුවෝ මහපාරේ හැමදාම ගුටි කනවා (දී)
ගහන්න ඕනේ දුවන්න ..අහිංසක මිනිස්සු කීදෙනෙක් මේවගේ තේරුමක් නැති වැඩ වලින් අපහසුතාවයට පත්වෙනවද.(දී)
අද ලංකාවේ අධ්‍යාපනය කොච්චර දුරට කඩා වැටිලද? (දී)
රජයේ විශ්ව විද්‍යාල ආරම්භකල දා පටන් එයින් එලියට ආ ප්‍රමාණයට වත් අද ජ වී පෙ ඡන්දය නෑ (දී)
තරිදු කට්ටිය නාවන්න උවමනාවක් නැ එත් රටේ සාමය රකින්න ඕනෙත් මෙයාලමනේ (දී)
පන්සලට වෙලා දෙන දානේ කාල ඉන්න බැරි චීවරධාරීන් මාක්ස්වාදයට කඩේ යයි(දී)
හාමුදුරුවරුන්ට ගිහියන් යන විශ්ව විද්‍යාල වලට ඇතුළුවීමට ඉඩ නොදිය යුතුය. මහා නායක හාමුදුරුවරු මේ ගැන තීරණයක් ගත යුතුමයි. හාමුදුරුවරු මහ පාරේ උද්ඝෝෂණ කිරීම දානෙ දෙන ගිහියන්ට කරන අගෞරවයක්.(දී)
මෙයාල කරන වැඩ නිසා අද හවස මිනිස්සු කීදෙනක් කටු කෑවද කියල මෙයාල හිතුවද?
කොල්ලනේ උඹලට උඹලට විතරයි. කරන දෙයක් හොඳට සැලසුම් කරලා කරපල්ලා. හෙට ආණ්ඩුවෙන් කියයි ජිනීවා විදුලි පුටුවට ගෙනියන්න මේවා කරනවා කියල. (දී)
හොද හැටි නාල වතුරම නාලා (දී)
රජින්ද,කියූ දේ හරි (දී)
දැන් ලංකාවේ සමහර සංවිදාන වලට නම් ඕන තරම් මහාමාර්ග අවහිර කරගෙන උද්ඝෝෂණ කරන්න වගේම ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්නත් අයිතියක් තියනවා. ඒ අවස්ථාවල පොලිසිය හා මෙතන ලොකු කතා කියන අය ඉන්නෙත් නැටි බඩ යට ගහගෙන.(නදී)
ලංකාවේ තරම් උද්ගෝෂණ කරන විශ්ව විද්‍යාල ලෝකේ කොහෙවත් නැතුව ඇති. මේගොල්ලෝ උද්ගෝෂණ කර කර අවුරුදු 6-7ක් ඉදලා උපාධි ගත්තට පස්සේ ආණ්ඩුවේ රස්සවාකටම තමයි යන්න වෙන්නේ. මොකද පුද්ගලික අංශයේ අය කැමති නැහැ උද්ඝෝෂකයෝ අරගෙන ඒවා අවුල් කරගන්න.(නධී) උතුරේ යුද්දේ තියෙන කළේවත් ඒ විශ්ව විද්‍යාල වැහුවේ වත් ඒගොල්ලෝ උද්ගෝෂණ කර කර කලේ නාස්ති කලේ නැහැ. ඒ ඒවායේ ජේවීපී අය්යල හිටියේ නැති හින්ද.
හොඳ වැඩේ හැමදාම ජරාව කනවා විතරයි. (නදී)
කැම්පස් වල ඉන්නේ හරක් නෙවෙයි. ඒක දන්නේ රටේ බුද්දිමත් ටික දෙනෙක් විතරයි. ඒ නිසා මෙහෙම දේවල් කරන්නම වෙනවා. අනාගතේ අපේ නංගිලා මල්ලිලා වෙනුවෙන්.(නදී)
හංවැල්ලේ දී කරගන්ඩ බැරි උන දේ කොලඹදී කරගන්න හදපු උත්සාහයක්. විශ්ව විද්‍යාල වල ඉන්න ආදරණීය දුවලා පුතාලාටයි මේ කියන්නේ ඔබලාගේ ලේ මතින් තම දුෂ්ට දේශපාලන අරමුණු ඉටුකරගන්න හදන කාලකන්ණි පාපතරයන්ට රැවටෙන්න එපා. මේ වාගේ උද්ගෝෂණ වලින් ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ වලට බලපෑමක් කරන්න බැරි බව ඉතිහාසය මේ වනවිටත් ඔප්පු කර තිබෙනවා. අද අධ්‍යාපන ක්‍රම සකසන අයත් ඒ කාලේ ඔය වගේම පෙළපාලි ගිය අය තමයි. කොහොම හරි ඉගෙනගන්න එකා ගොඩ යනවා. අරගල කරකර තමන්ගේ අධ්‍යාපනය අවුල් කරගන්නා එකා හැමදාම වලේ තමයි. අඩු තරමින් ඔබලාට උගන්වන්න ඔබලාගේ දෙමව්පියන් දුක් විඳින හැටිවත් බලා ඉගෙනුම කෙරේ හිත යොමා රටේ තීන්දු තීරණ ගන්නා තැන්වලට යන්න බලන්න. එතකොට ඔබලාටම පුළුවන් වේවි රටට ගැලපෙන හොඳ අධ්‍යාපන ක්‍රම සකසන්න. ඔබලාගේ යොවුන් ජවය බළල් අත් කරගන්නේ නැතුව තම පරම්පරාවේ දියුණුවට යොදාගන්න.(නදී)
බන්දුල පෙරේරා ඉන්නෙ පත්තර කන්තෝරුවෙද ? (නදී)
ඇත්තටම මිනිස්සුන්ට යමක් තෙරෙන්න තමන්ටම වෙන්න ඕනෙ. මෙතන දාන අයගෙ ළමයි පාසැල් වි.විද්යාලෙ යන්නෙ නැති අය වගේ. අද රටේ අධය්‍යාපනයට වෙලා තියෙන දේ සමහර මුග්දයන්ට තේරෙන්නෙ නෑ. අපේ දරුවන්ගේ නිදහස් අධය්‍යාපනය රැක ගැනීමට මේ තරුණ පිරිස ගන්නා උත්සහයට අප සහයෝගය දිය යුතුයි. (නදී)
නාවපු එකට අපේ උත්තමාචාරය. මේ චෝදනා දෙවියන්ට හෝ ජීනිවා වල කියමු, අහන්නේ නෑනේ.(නදී)
නිදහස් අධ්‍යාපනය සුරකින අපේ කැම්පස් කොල්ලන්ට වීරිය ලැබේවා(දී)
එස් බී කියන එක්කෙනානේ ඕකේ ලොක්කා. ඒ කාලේ එයත් ඔහොම තම්යි. දැන් එහාට මෙහාට පනින එක්කෙනා.(නදී)
ඉල්ලන් කනවා (දී)
අනේ හොදයි. මෙහෙම හරි නාපු එක (දී)
කොහොමත් විශ්වවිද්‍යාල වල අය සිමා චාර්ටඩ් වගේ විභාග කිට්ටු වෙද්දී විශ්වවිද්‍යාල වහ ගන්න තමා හදන්නේ.....(දී)
කතානම් ඕනි කෙනෙක්ට කියන්න පුළුවන් මහේෂ් මහත්තයා. ඒත් ඇත්ත කතාව දන්නේ මේකේ ඉන්න අය විතරයි. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි කොයිතරමට නාස්ති වෙනවද? කෝ ඔයාල ඒවා ගැන කතා කරනවද? ඉගෙන ගන්න ඒ සල්ලි පාව්ච්චි කරන අපේද වැරැද්ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඒකත් කොයිතරම් ගසා කාලද අපිට එන්නේ. යමක් කමක් දැනගෙනයි අපි කතා කරන්නේ. අපි මේකට ආවේ ඉගෙන ගන්න තමා. ඒත් මොලයක් තියන මිනිස්සුන්ට වැරදි ඉස්සරහ කට පියන් ඉන්න බෑ. තේරුම් ගන්න... අනික කැම්පස් එන්න බැරි උන ගොඩක් අය කියන්නේ මේකේ ඉන්නේ මෝඩයෝ කියල තමා. අහල නැද්ද "නරියත් කිව්වා මිදී තිත්තයි කියලා".(නදී)
එක්කෝ මේ ළමයින්ගේ ප්‍රශ්න විසදන්න ඕනේ. නැත්නම් මේවා පෞද්ගලික අංශයට පවරන්න ඕනේ (දී)
අනේ මන්දා දැන් පොලිසිය ගැන මිනිස්සුන්ට කිසිම පැහැදීමක් නැහැ වගේ (දී)
නිදහසත් අයුතුලෙස යොදගත්තහම වෙනදේවල් තමා මේ. අනේ ලන්කාව කොහෙටද මේ යන්නේ???(දී)
මේ ළමයි ගෙදර හිටියානම් ඉවරනේ (දී)
ආණ්ඩුවේ වතුර වලින් නා ගත්තා නේද? (දී)
කාට කියන්නද මේ දුක? නිල දරුවනේ (දී)
මේ වගේ විකාර වැඩ නිසා අසරණ මහජනතාවට දෙයියන්ගේ පිහිටයි (දී)
මේවගේ හිනායන ප්‍රෞර්තියක් අහන්න ලැබුනේ කාලෙකින් (දී)
නොමිලේ දෙන අධ්‍යාපනය අරගෙන ඉන්න බැරිව මෙයාලට කුලප්පුව හැදිලා (දී)
මේ ජාල ප්‍රහාරක පුහුණුව හොදටම දීලා (දී)
හරියට හින්දි චිත්‍රපටියක ජවනිකාවක් වගේ....!!!(දී)
වතුර නෙමෙයි ඕක කඳුළු ගෑස් වෙන්න තිබුනේ (දී)
පව් මේ දෙගොල්ලොම (දී)
හොද හැටි නෑවද මන්දා? (දී)
හිතන්න ටිකක්.. දුප්පත් මිනිහෙක්ගෙ පුතෙක් බී-3 ක් ගන්නවා. පොහොසත් මිනිහෙක්ගෙ පුතෙක් එස්-3ක් ගන්නවා. පොහොසත් පුතා දොස්තර කෙනෙක් වෙනවා පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහින්. දුප්පත් පුතාට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න ලකුණු මදි. ඒත් එයාට වඩා පහළ මට්ටමේ ළමයි දොස්තරලා වෙනවා. ඉස්සර හිටපු විශ්ව විද්‍යාල සිසුන් කරපු උද්ඝෝෂණ හින්දා තමයි විශ්ව විද්‍යාල පද්ධතිය මේ දක්වා රැකුණේ. අපි උපාධි ගත්තෙත් ඒ මිනිස්සු හින්දා. අපිට ලැබුණු අවස්ථාව තවත් පරපුරකට දෙන එක අපේ යුතුකමක්. දැන් විශ්ව විද්‍යාල වල ඉන්න ළමයින්ට උපාධිය අනිවාර්යෙන්ම ලැබෙනවා. එයාලගේ අනාගතය පැහැදිලියි. ඇයි එහෙනම් එයාලා මෙච්චර කෑ ගහන්නේ? අනාගත ළමයි වෙනුවෙන්.. මාධ්‍යවල පෙන්වන දේවල් විශ්වාස නොකරන දවසක සියලුම මිනිසුන් ඇත්ත දැන ගනීවි.(නදී)
රට සීග්‍රයෙන් දියුණු වෙනකොට මේවා මෙහෙම තමයි (දී)
ගිහියෝ කරන දේවල් කරන්න ගිහිල්ල බුද්ධ චීවරය කෙළසන්න එපා. (අ)
අයියෝ සල්ලි කියල වැඩක් නෑ
කඳුලු ගෑස් ජළ ප්‍රහාර බැටන් පොලු පහරට වෙඞි උණ්ඞයට බිය වූවා නම් මේ සටන් නැවතී නිදහස් අධ්‍යාපනය මියැදී හුගක් කල්.(නදී)
අම්මප මේ සරසවි වල ඉගෙන ගන්න අයද කියල හිතෙනවා රට හදන්න ඉන්නේ අනාගතේ ගොන් හරක් (අ)
ලංකාවේ jවිශ්ව විද්‍යාලවලට ගිහිල්ලා තියෙන්නේ මහා මැට්ටෝ වගයක් නේ, දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් නේද ඔබලා දේවල් කරන්නේ. අවේගයෙන් නෙවී. බුද්ධිය පාවිච්චි කරලා කටයුතු කරන්න (අ)
අපිටත් ඉඩක් දෙන්නකෝ මේ කට්ටිය රැක ගන්න හදන නිදහස් අධ්‍යාපනේ කොහෙද තියෙන්නේ කියල අහල දැන ගන්න.(ත)
මරු වීදි නාටකය. ලියල තියෙන සමහර ඒවාට ඊට එහා හිනා. රජින්දගේ මාද්‍ය වේදී කතාවේ ගුණවර්ධනගේ පදමේ කතාවටයි මට පැලෙන්න හිනා.(නදී)
සබන් කැල්ලක් ගෙනිච්චා නම් නෑම සම්පුර්ණ කරගන්න තිබ්බා.(නදී)
ඔයගොල්ලෝ නම් එක දවසයි නාගත්තේ. (නධී)
ජිනීවා වලට මේ වගේ වැඩ සටහන් අවශ්‍ය වී තිබෙනවා. බැලූ බැල්මට එය පැහැදිලියි. හොදට සංවිධාන වෙලා. ඒ අය අහිංසකව යමක් ඉල්ලන අය නොවෙයි. චණ්ඩිකමින් ඉල්ලිම් දිනා ගන්න බැරි බවත් කිය යුතුයි. මොවුන්ගේ දෙමාපියන්ගෙන්ද මේ විදිහට දේ පොල මංකොල්ල කයි. මම හිතනවා මේ දිනවල අප රට මුහුණ දී තිබෙන විදෙස් කුමන්තරණ මැද පොලිසිය ඉවසිලි වන්ත වීම හොද දෙයක්. ජල ප්‍රහාරය වැරදි ලෙස ක්‍රියා කිරීම සිදු විය හැකියි. නමුත් ඉතා අත්‍යඅවශ්‍ය මොහොතක ක්‍රියා කළ විදිය වැරැදියි.(නධී)