හොරණ සව්ගස් හන්දියේ පෙර පාසලක පිත්තල සරනේරු පමණක් සොරකම් කළ පුද්ගලයකු සොයා ගැනීමට පොලිස් සුනඛයකු ද ගෙන ආ නමුත් මඳ දුරක් යන විට සුනඛයාට ඉව නැති විය.
පොලිසිය කියනුයේ සොරා එතැන් සිටි වාහනයක යන්නට ඇති බවයි.මේ සොරා පෙර පාසල ඇතුළේ නිදා සිටි බවටද සාක්කි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම හොරකමක් අල්ලන්නම ඔය උනන්දුව ඇතිවේවා (දී)
පෙර පාසලේ පිත්තල සරනේරු සොරකම් කිරීම බරපතල වරදක්. උපරිම දඬුවම් දිය යුතුයි. (දී)
කුසුම් ඔබ හරි. හොර වැඩ කරන පොඩි පොඩි අයට දඬුවම් දුන්නනම් ලොකු අය ඉබේම හැදෙනවා. (ස)
කම්බ හොරුන්ගෙත් හොරු, මොවුන් නම්. (නි)
කොහොමත් අපේ අය දක්ෂ කූඹියා යන තැන වහන්න මිසක් හරකා යන තැන වහන්න නෙමෙයිනේ! (නි)
පිත්තල හොරා අල්ලන්න තියන උනන්දුව අර ළඟදී මංකොල්ල කාපු බැංකු ඇතුළු ව්‍යාපාරික ස්ථාන සඳහාත් යොදවන්න බැරි ඇයි ? තාමත් ඒ හොරුන් නිදැල්ලේ. (දී)
පිත්තල සරනේරු කීයක්ද? ඕනනම් හත අටක් වෙන්න ඇති. ඕක මේ පොලිස් සුනඛයන්ව ගෙන්නාගෙන ඔච්චර උනන්දු වෙන්න තරම් දෙයක්ද, දැනට රටේ සිද්ධ වෙන හොරකම් වල හැටියට. ඒ ඇරත් පොලිස් සුනඛයෝ වුනත් පිත්තල සරනේරු කන්නේ නැති බව මේ මිනිස්සු දන්නේ නැද්ද? (ස)
ඔය හොරත් පිත්තල වෙලා ඇති.(නදී)