පෙබරවාරි 28 වැනි දා රාත්‍රී රාජගිරියේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙක් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළහ.
ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජයන්ත සමරවීර සහ සිසිර ජයකොඩි එම මන්ත්‍රීවරුය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියත් යහ පාලනේ හොඳ ප්‍රතිපල බුක්ති විඳිනවා වගේ , ගිය පාලනේදී මේ කට්ටිය ඔහොම හැසිරුනානම් බෙල්ල නැතුව තමා යන්න වෙන්නේ, එහෙම වෙලා, මෙයාල යහපාලනය විවේචන කරනවනේ, තව ඉල්ලීම් දිනා ගන්න වෙන්න ඇති (බ)
මේ අයට දැනුයි මතක් වෙලා තියෙන්නේ පොලිසිය පක්ෂග්‍රාහී කියලා.(හේ)
අනේ මොකටද මගේ කට! (නි)
මේගොල්ලන්ට ජාතික පොලිස් කොමිසම දැන් තියන නිසා හොඳයි. ඉස්සර නම් සොරි තමයි. (නි)
කොසොල් රජුගේ 12 වැනි සිහිනය සැබෑවෙන හැඩයි (නි)
මම හිතුවේ තාජුඩීන්ගේ මරණය ගැන කියන්න ගිහින් කියලා. අප්පච්චියේ බලනකොට ගිය ආණ්ඩුවෙන් කිසිම වරදක් නොවුණා කියලා සහතිකයක් දෙන්න පුළුවන් කට්ටියනේ ගිහින් තියෙන්නේ. (නි)
අපි බලමුකෝ කවුද පක්ෂග්‍රාහී කියලා (නි)
කමල්, ඔයාගේ කට වැඩක් නැත්නම් කපල දාගන්න? කලින් නීතිය හරියට ක්‍රියාත්මක වුනේ නැති නිසානේ, අලුත් කට්ටියකට රට බාර දුන්නේ? ඉතින් එයාලත් කරන්නේ කලින් කට්ටිය කළ දේම නම් මොකක්ද වෙනස? එහෙම කරන කට්ටිය වෙනුවෙන් කතාකරන කට කපල දාන එකම තමා හොද...(බ)
දැන් මේ කට්ටිය හොයනවා ඇති කොසොල් රජතුමාගේ 12වෙනි හීනය මොකක්ද කියල...(බ)
මේ අය රෙදි ඇඳන්ද පොලිස් කොමිසමට පැමිණිලි කරන්න ගිහින් තියෙන්නේ?(හේ)
දැන් මොකද කරන්නේ ඇමැති තුමෝ.(හේ)
අපෝ පොලිසිය පක්ෂග්‍රාහී නැහැ හරි හොදයි. එ්කනේ සුමාන ගානකට පස්සේ හරි හිරුනිකා අත් අඩංගුවට ගත්තේ. හැප්පුවේ කවුරු උනත් චම්පික ඇමති තුමාගේ රියදුරු බාරවෙලත් අත් අඩංගුවට ගත්තේ. නිවාඩු දවසේ වුනත් මහා රැ වුනත් ඇප දුන්නේ උසාවියනේ. බොරු චෝදනා කරන්න එපා. (බ)
අනතුර පිළිබඳව චම්පිකගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසිය උසාවියෙන් නියෝගයක් දෙනතුරු සිටියේ මන්ද? (බ)
ෂෙහාන්, කලින් නිතිය පැහැදිලිවම දැනට වඩා හොදට ක්‍රියාත්මක වුණා. දැන් ඉන්න යහපලනෙට කඩේ යන මැට්ටෝ ටික කොච්චර වහන්න හැදුවත් අද නිතිය හොදටම බිද වැටිලා. පෙන්නේ නැද්ද දේශපාලන පළි ගැනීම් සහ මාධ්‍ය සංදර්ශන විතරයි. සංවර්ධනයත් අඩාල වෙලා. වාසනාවකට පසු ගිය ආණ්ඩුව කොටි නැති කරපු නිසා දැන් ආණ්ඩුවට පුරසාරම් කියාගෙන ඉන්න පුළුවන් වෙලා. ප්‍රබාකරන් හිටියනම් මේ යහපාලන කාරයන්ගේ සවුදම බලාගන්න තිබුන.(අ)
පේනවා නේද අද තත්වය කෝ නිතිය යහපාලනය කියන එකේ තේරුම දන්නවද (කෞ)