ජංගම දුරකතනයකින් අමතමින් රිය ධාවනය කළ බවට පුද්ගලයකුට නිනාසර පැමිණිල්ලක් කර ඔහු පීඩාවට පත් කිරීම වෙනුවෙන් වන්දි ලෙස රුපියල් හතලිස් දහසක් ගෙවන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පල්ලම පොලිස් ස්ථානාධිපතිට හා එහි රථ වාහන අංශයේ ස්ථානාධිපතිට නියෝග කළේය.
නිකවැරටිය වැව රවුම් පාරේ ව්‍යාපාරික මොහොමඩ් බාස්කාන් අහමඩ් පාරුක්ට එරෙහිව මේ නඩුව පවරා තිබුණි. මහේස්ත්‍රාත් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
පල්ලම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එයි එම් නසීම් ඔහුට රුපියල් තිස් දහසක් ද, පල්ලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මසිරි රාජපක්ෂට රුපියල් දස දහසක් ද ගෙවිය යුතු යැයි නියෝග කළේය.
එම දෙදෙනාම මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බොහෝ දෙනෙකුට තම වෘත්තිය පිලිබඳ කිසිදු අවබෝධයක් නොමැති බව පැහැදිලියි. මාර්ග නීති උල්ලංඝනය කිරීම් ඕනෑතරම් තිබියදී, තම පසුම්බියට අමතර යමක් එකතුකර ගැනීම තම වෘත්තිය ලෙස සලකා ක්‍රියා කරන නිලධාරීන් එමටයි. මාර්ග අනතුරකදී උවත්, බොහෝවිට වැරදි කරුගේ පැත්ත ගනිමින් වැරදිකරුවන්ගෙන් පහසුවෙන් මුදල් ගසා කෑමට හුරුවී සිටින නිසා නිවැරදි කරුවන් පවා, මහා මාර්ගයේදී අසරණ අවස්ථා එමටයි. යම් ලෙසකින් කාන්තාවකට පොලිසියට යාමට සිදුවුව හොත්, බොහෝවිට පොලිසියේ සිටින සාමාන්‍ය නිලධාරීන් කාන්තාව දෙස බලන බැල්මේ අප්‍රසන්න කම දැනෙන්නේ, කාන්තාවකට මිස වෙන කාටවත් නම් නොවේ. උගත්, බුද්ධිමත්, වැදගත්, නිලධාරීන් පොලිස් සේවයට බඳවා ගැනීමට ලැබේවා යන්න මගේ පැතුමයි!(නදී)
ලංකාවේ පොලිසිය බොහෝ විට කරන්නේ අහිංසක මිනිසුන් බොරු චෝදනා වලට ලක් කර උසාවි දමා කරදර කිරීම පමණි . බොහෝ විට වැරදි නොකරත් වරද පිළිගෙන කියක් හෝ ගෙවා එලියට ඒමට අපේ අය පුරුදුව සිටින නිසා මෙය බෙහෙවින් කරති (ත)
මෙතන උනේ වෙන දෙයක් වෙන්න බෑරිද? (නදී)
සමහර පොලිස් මහත්තුරු ඉන්නවා මොබයිල් නැති රියදුරන් නවතා මොබයිල් එකෙන් කතා කලා නේද කියල අහන.(නදී)
ලැජ්ජාවට ඇපීල් එකක් දැම්මට තීන්දුවේ වෙනසක් වෙන්න බැහැ. මේ ට්‍රැෆික් ඕ අයි සී උසාවියේදී සාක්කි දෙනකොට කියලා තිබුනේ එයා ""රථ වාහන නඩු සොයාගන්න ගියා"" කියලා. ඒ වගේම මොබයිල් ෆෝන් එකෙන් කතාකිරීම වරදක් වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ මොන වගන්තියෙන්ද කියලාවත් එයා දැනගෙන හිටලා නැහැ. කාකි සූට් එක දැම්මම මේ ගොල්ලෝ හිතන්නේ ""අපි තමා නීතිය"" කියලා. (නදී)
පොලිසියෙනුත් නිරපරාදේ උසාවි දාන අවස්ථා ඕන තරම් තියනවා. දවසක් මම පොලිස් කෙනෙකුට සර් කියල කතා කලේ නෑ කියල මාව උසාවි ලිව්වා බොරුවට බයික් එකේ අධික සයිලන්සර් සබ්දය කියලා. සාමාන්‍යයෙන් ලොරියකවත් නෑ ලිමිට් එක පනින තරම් ශබ්දයක්. මම ඉතින් වරද පිලි ගත්තා. මොකටද නිකම් චාටර් වෙන්නේ.(නදී)
බොරු චෝදනා කරනවාට හොඳයි. (ත)
බොරු චෝදනා ඉදිරිපත් කිරීම කලාවක් වෙලා . (ත)
ගරු අධිකරණය මේක සාක්කි ඇතුව ඔප්පු කල නිසා මෙහෙම තීන්දුවක් දෙන්න ඇති. ඒත් අද රටේ ඉන්න ගොඩක් ලොකු ලොකු වාහන වල අයත් බස් එලවන අයත් ෆෝන් එක කනේ ගහගෙන එලවන එක ලොකු දෙයක් කියල හිතන්නේ. (නදී)
දැන් ඔය 40000ත් අපි ගෙවන්න එපැයි.(නදී)
පොලිසියේ ඉන්න අයට හොඳ පාඩමක්. (ත)