IMG-LOGO

2025 ජුනි මස 03 වන අඟහරුවාදා


පොලීසිය නොකීදේත් ලියාගෙන

තමා නොකී දේ පොලීසිය තම කට උත්තරයේ සටහන් කැර ඇතැයි ද ලියා ගත් කට උත්තරය තමාට යළි කියවා නොදුන්නේයැයි ද තංගල්ල නේචර් හෝටලයේ කළමනාකාරීනී තරංගා පීරීස් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුවේදී අද ප්‍රකාශ කළාය.

රෝහීණි වල්ගම කොළඹ මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ විභාග වන මේ නඩුවෙන් තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු හය දෙනෙක් කුරාම් ෂයික් ඝාතනය කළැයිද ඔහුගේ  පෙම්වතිය වික්ටෝරියා කෙළෙසී යැයිද චෝදනා ලැබ සිටිති.

විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇය කියා සිටියේ සැකකරුවකු වික්ටෝරියාට පුටුවකින් පහර දෙනු දුටු බවයි.

එලෙස ප්‍රකාශයක් ඇය පොලීසියට කැර නැතැයි  විත්තියේ නීතීඥවරයා කීවේය.

එම සිද්ධිය තමාට අද වාගේ මතක යැයිද ඇය පිළිතුරු දුන්නාය.

මෙම නඩුවේදී සාක්කි දුන්නොත් තමා මරා දමන බවට සැකකරුවකු තුවක්කුවක් එල්ළ කර  කී බවට ඕ කීවාය.

එය පිස්තෝලයක් ද ටී පනස් හයේ අවියක් ද යන්න නොකී බවත් පොලිස් පොතේ එය ලියා ඇත්නම් තමා නොකී දෙයක් ලියාගෙන ඇති බවත් ඇය කිවාය.

වැඩිදුර විභාගය බදාදාට (23) කල් තැබිණි .



අදහස් (0)

පොලීසිය නොකීදේත් ලියාගෙන

ලක්මිණ Tuesday, 22 April 2014 04:38 PM

වැරදිකරුවන් වෙනුවෙන් එල්ලුම් ගහ අනිවාර්යයෙන්ම යළි ඇති කළ යුතුයි (නි)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 07:33 AM

විදුෂක ,සැබෑද නැද්ද කියලා මමයි දන්නේ. ඒ අය අපේ ව්‍යාපෘති වල උපදේශකයෝ. ඒ අය මටත් වඩා ඕනෑකමින් මේ ගැන අධ්‍යයනය කරනවා. (නි)

:       0       0

පීටර් Tuesday, 22 April 2014 06:00 PM

පොලිසියේ පුතාලා දූලා මොනවා කරනවාද මන්දා? ඉස්සර වගේ නෙමෙයි දැන් අපේ පොලිසිය. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 23 April 2014 08:15 AM

පිටිගල පුතේ, ගොඩ යන්න ඕනෑ නම් නුඹ කලින් අල්ලපු ඔට්ටුව පරදිනවා කියලා ඩොලර් 2000 ක්වත් කා එක්ක හරි ඔට්ටු අල්ලන්න (නි)

:       0       0

දමයන්ති Tuesday, 22 April 2014 06:13 PM

වැරදිකරුවන්ට දියයුතු දඩුවම උපරිමයෙන්ම දීලා රටට වන අපහාසය වළක්වා ගනිමු. විත්තියට සාධාරණය ඉටුවනතුරු අපි බලා සිටිනවා (නි)

:       0       0

කළණ Wednesday, 23 April 2014 08:28 AM

මට හිතෙනවා මේ නඩුවත් අර අහවල් නඩුව වගේ වෙයි කියලා (නි)

:       0       0

සයිමොන් Tuesday, 22 April 2014 07:22 PM

ලංකාවේ පොලිසිය ගැන නම් කියලා වැඩක් නැහැ. දේශපාලන ලොක්කන් ගාවා නොගෙන රාජකාරිය හරිහැටි ඉටුකරන පොලිසි සියයට පහයි තියෙන්නේ ලංකාවේ (නි)

:       0       0

චමිල Tuesday, 22 April 2014 08:26 PM

කෝ මේ බන්දුල පෙරේරාගේ අදහස් නැහැනේ පලවෙලා සමහර විට කියන්න දෙයක් නැතුව ඇති උන්නැහේට .(අ)

:       0       0

අච්නි Wednesday, 23 April 2014 10:42 AM

ඔව් පිටිගල, අර අප්පු සියා කියපු දේ ඉක්මනින්ම කරන්න. නැත්නම් ඔබ අමාරුවේ. (ස)

:       0       0

පිටිගල Tuesday, 22 April 2014 08:40 PM

මා එක්ක වැඩ කරන බ්‍රිතාන්‍ය ජාතිකයෝ තුන් දෙනෙක් මාත් එක්ක ඩොලර් 1000ක ඔට්ටුවක් අල්ලලා තියෙනවා මේ නඩුව අහක යනවා කියලා, මම තනියම කියනවා අහක යන්නේ නැහැ දඬුවම් ලැබෙනවා කියලා. මට වැඩේ කෙළවෙන ලකුණු නේද මල හත්තිලව්වේ! රුපියල් ලක්ෂයක්.... (අ)

:       0       0

විධුෂක Tuesday, 22 April 2014 10:36 PM

පිටිගල, මම දන්නා තරමින් සැබෑ බ්‍රිතාන්‍ය ජාතිකයෝ මෙවැනි ක්‍රියා වලට සම්බන්ද වෙන්නේ නම් නැහැ. ඔය ඇත්තමද???(දී)

:       0       0

කුසුම් Tuesday, 22 April 2014 11:28 PM

ගමු කෙල්ල ගෙට කිව්වලු! පිටපොට ගහගෙන එන විදිහට නම්, එකත් ඉතින් ජෝන් බාස් ටම යයි වගේ! (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 22 April 2014 11:40 PM

පිටිගල මිලානෝ අයියා අත උඩින් පරදිනවා. මේක ආසියාවේ ආශ්චර්ය බව අමතක වෙලාද ඔට්ටුව ඇල්ලුවේ? (ස)

:       0       0

ගුණේ Wednesday, 23 April 2014 12:32 PM

කොහොමත් ඔය වගේ අය සම්බන්ධ කේස් වල කට උත්තර වෙනස් වෙනවා. (ස)

:       0       0

ගයාන් Tuesday, 22 April 2014 01:26 PM

වැරදී කරුවන්ට නිසි දඬුවම් ලැබෙවා (අ)

:       0       0

වාසනා Tuesday, 22 April 2014 01:33 PM

මේ සෙල්ලම් පොලිසියක් වෙන්න ඇති. (ස)

:       0       0

භානු Tuesday, 22 April 2014 02:19 PM

මේ නඩුව ඉක්මනින් විසඳලා වරදකරුවන්ට දඬුවම් දීල ඉවරයක් කළා නම් හොඳයි. (ස)

:       0       0

නිලන්ති Tuesday, 22 April 2014 02:26 PM

වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලැබේවා. (ස)

:       0       0

ජයවර්ධන Tuesday, 22 April 2014 01:44 PM

මට නම් නිකන් පිස්සු වගේ අනේ. (ස)

:       0       0

තිලක් Tuesday, 22 April 2014 02:41 PM

ඒක සෙල්ලම් පිස්තෝලයක් වෙන්න ඇති. (ස)

:       0       0

නේසන් Wednesday, 23 April 2014 12:51 AM

වහා දඩුවම් දෙනු.(නදී)

:       0       0

ජූඩ් Tuesday, 22 April 2014 02:09 PM

අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න හිතාගෙන ඉන්නවනම් මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න. (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 22 April 2014 02:14 PM

වැරදිකරුවනට නිසි දඬුවම් ලැබේවා. (ස)

:       0       0

සුජානි Tuesday, 22 April 2014 03:10 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක් මේ .(දිල්)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 02:12 PM

ළිඳට වැටුනම ළිං කටෙන්ම තමයි ගොඩ එන්න තියෙන්නේ. දැන් නම් පමා වැඩියි. අප්පුහමිටත් අචිනිටත් ස්තුතියි. (ස)

:       0       0

රොහාන් කේ.එස්.ඒ Tuesday, 22 April 2014 04:21 PM

අපේ පොලිසිය හැමදාම ලියන්නේ කියපු නැති දේවල් කෙරන්නේ නොකරපු දේවල්.(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 22 April 2014 04:30 PM

බලන්නකෝ වෙලාව ආපුවම මොකද වෙන්නේ කියල. (අ)

:       0       0

ගුනේරිස් Tuesday, 22 April 2014 04:53 PM

මේ කතාව 100%කම නිවැරදි. මේක ඒ රාළහාමිලාගේ වැරැද්ද නෙමෙයි. පොත් පෑන් හදපු සමාගම් වල වරද. (ස)

:       0       0

පතිරණ Tuesday, 22 April 2014 04:15 PM

රට අපහාසයට පත් කළ පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 208 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 372 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 634 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site