ත්‍රී රෝද රියකින් පැමිණ මාලඹේ පිට්ටුගල හන්දියේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලිසියට අනුයුක්ත නිලධාරීන් දෙදෙනකුට පහර දී පළා ගිය සිව් දෙනකුගෙන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
ත්‍රී රෝද රිය පිළිබඳව ඇතිවූ සැකයක් මත එය නැවැත්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට එහි සිටි සිව් දෙනකු පහර දී පළා ගොස් ඇතැයිද ඔවුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් පසු පිට්ටුගල අතුරු මාර්ගයකදී ත්‍රී රෝද රිය නවතා තිදෙනකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
එක් අයකු පළා ගිය බවත් ත්‍රී රෝද රිය තුළ තිබී ගල්කටස් ගිනි අවියක් හා උල් පිහි 2ක් සොයාගත් බවත් පොලිසිය පවසයි. සැකකරුවන් තංගල්ල හා අනුරාධපුර පදිංචිකරුවන් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්හරි අපරාධයකට සම්බන්ධ අයද දන්නෙ නැහැ (නි)
නොනවත්වා යාම හේතුවෙන් අපරාධකරුවන් ලෙස බොරුවට පැමිණිලිකර අපරාධකරුවන් සමග ගතකිරීමට ඇතුලට දමා අනාගතයේ සමාජය පිළිබඳ වෛරයෙන් අපරාධකරුවන් වීමට නියමිත දැනට අහිංසක පිරිසක් බව නිසැකවම කිව හැකිය. (බ)