කටුගස්තොට නිත්තවෙල මං සන්ධියේදී රථවාහන පරික්ෂාවේ යෙදී සිටි කටුගස්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකු කාර් රථයක් පරික්ෂා කිරිමට යාමේදි පහරදුන් බව කියන එහි රියදුරු නොවැම්බර් 24 දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සදහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර කාර් රථයක් පදවාගෙන ආ පිරිසක් ගැන සැක සිතී එය නවත්වා පරික්ෂා කිරිමට යාමේදි එහි රියදුරු ඔවුන් දෙදෙනාට පහර දී කාර් රථයේ පැමිණි තරුණියක්ද තවත් පුද්ගලයන් දෙදෙනෙක්ද සමග පළාගොස් ඇතැයි කියති. සැකකරුවන් කාරය අතරමග දමා ගොස් ඇති අතර එම මෝටර් රථයේ ලියකියවිලි පරික්ෂා කිරිමේදි එය කුලියට ගත් මෝටර් රථයක් බවද අනාවරණයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකි එහෙම කියන්න එපා.(ර)
රිමාන්ඩ් කරලා විතරක් හරියන්නේ නැහැ. (ර)