(නිමන්ති රණසිංහ)

වැලිකඩ පොලීසිය තුළදී විදුහල්පතිනියකට සිය කලිසමේ සිපරය ගලවා පෙන්වා ලිංගික අතවරයක් කළැයි කියන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (27) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කරනු ලැබුවේ කොටුබැම්ම, ඇතුල්කෝට්ටේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කෝට්ටේ ගමගේ ඩෙන්සිල් පද්මසිරි නමැත්තාය.

තම පාසල අපකීර්තියකට පත් කරමින් වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බවට සදහන් කරමින් විදුහල්පතිනියක් ඉකුත් මාර්තු මස 23 වැනිදා පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත් පසුව සැකකාර හිටපු නාගරික මන්ත්‍රීවරයා සහ අදාළ පැමිණීලිකාර පාර්ශ්වය පොලීසියට ගෙන්වා සිද්ධිය සමතයකට පත් කළ බවත් වැලිකඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සමතයකට පත් දෙපාර්ශ්වය පොලිසියේ සු`ථ පැමිණීලි අංශයෙන් එළියට ගොස් ආපනශාලාව අසලට ගොස් ඇති අතර, එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිය කලිසමේ සිපරය ගලවා පැමිණීලිකාර විදුහල්පතිනියට පෙන්වා ඇති බවත්, එම සිද්ධිය පැමිණීල්ලේ ගුරුවරුන් සහ දෙමාපියන් විසින් වීඩියෝ ගත කරනු ලැබ ඇති බවත් වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.