කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි පාසල් සිසුවකු සහ එක්දරු පියකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර දුන්නාදැයි පරීක්ෂණ පවත්වන ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රාහුල් හක් මහතාගේ ප්‍රකාශයක් අද (15) සටහන් කර ගත්තේය.
පැය තුනක් පමණ ඒ මහතාගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි කියයි.
කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දින 12ක් රිමාන්ඩ් බාරයේ සිට නිදහස ලැබූ පාසල් සිසුවා සහ කැළුම් අත්තනායක නම් එක්දරු පියා කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.
ඔවුන් දෙදෙනා නිදහස ලැබීමෙන් පසු ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබද්දී පොලිසියෙන් මුලින්ම ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තේය. තමන් අත්අඩංගුවට ගෙන දින තුනක් පොලිසියේ රඳවා ගනිමින් පහර දුන් බව ඔවුන් පොලිසියට කියා ඇත.
මේ වන විට 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි. ඒ අතර ඔවුන් දෙදෙනා පොලිස් භාරයට ගන්නවා දුටු පිරිස් ද, ඔවුන් පොලිස් බාරයේ තබා ගත්තායැයි කියන කාලයේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පිරිස් සහ එම කාලයේ රාජකාරි කළ පොලිස් නිලධාරීහු ද වෙති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත්, අත්අඩංගුවට ගැනීම ගැන පොත්වල දැමූ සටහන් පරීක්ෂා කිරීමටත් තිබෙන බවයි. විමර්ශන අවසානයේ පරීක්ෂණ වාර්තාව පොලිස්පතිට ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා කීවේය.
සිසුවා සම්බන්ධ වෛද්‍ය වාර්තා දෙක අනිවාර්යයෙන් වෙනස් විය යුතු බවත් හේතුව අවස්ථා දෙකකදී කරුණු දෙකක් සම්බන්ධව කළ පරීක්ෂණ වාර්තා නිසා බවත් මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන්. රාහුල් හක් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසීයට, පොලිස් පරීක්ෂණ... (ර)
අන්තිමේදී වෙන දේ මම දන්නවා. ඒත් ඒවා ගැන කතා කරන්න මට අයිතියක් නැහැ (නි)
සුපුරුදු ලෙස ගුරු සංගමේ කළ දුටු කල වල ඉහිනවා..අපරාධකරුවෙක් එකවර අත් අඩංගුවට ගන්න පොලිසියට දිවැස් නැහැ.සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බැරි නම් මුළු පොලිස් දෙපර්තුමෙන්තුවම මේ මානව හිමිකම් සංවිධාන වලට සියල්ල කර ගන්න දීල පැත්තකට වුනා නම් ඉවරයි.මේ සිසුව අත් අඩංගුවට පත් වුනේ සැක පිට. මෙපමණ අහල පහල මිනිස්සු සිටියදී ඔහු අත් අඩංගුවට පත් වුනේ ඔහුගේ චර්යාවේ වැරැද්දකට ..ඔහු ජිවත් වුණු අකාරයේ ඔහු ගිය ගමන් මගේ වැරැද්දකට..ඒක තේරුම් අරන් ඔහුට අද නිවැරදි ගමන් මග තොර ගන්න අවස්ථාව ලැබිල තියෙනවා.. ඒ ගැන සතුටු වෙලා තම ගමන් මග නිවැරදි කර ගන්නවා මිසක් මේ ගුරු සංගම් වල මානව හිමිකම් සංවිධාන වල පටු අවශ්‍යතා ඉටු කර දෙන්න බිලි වෙන එක නෙමෙයි මේ සිසුවාගෙන් විය යුත්තේ..අත් අඩංගුවට ගන්න සැක කරුවෙක්ගෙන් සුරතල් කරලා ප්‍රකාශ ගන්න බැහැ..යම් සීමාවකට යටත් වෙලා බලපෑමක් කරන්න වෙනවා අනිවාර්යයෙන්. සීමාව ඉක්මවා ගිය වගක් නම් අපිට මෙයාලව දැක්කම පෙන්නේ නැහැ..මන් හිතන්නේ ඉදිරියේදී අපේ රටේ අපරාධ දරුණු ලෙස වර්ධනය වේවි. මේ යන විදියට සියලු පොලිස් නිලදාරීන් තම ඇග බේරා ගැනීම මිසක් අපරාධ මර්දනයක් ගැන නොසිතාවී.ඔවුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි. යහපාලනය ඉදිරියේදී මේ රට අපරාධකරුවන්ගෙන් පිරුණු පාතාලය රජවුණු ගෙදරට පැනල ගැණු දරුවෝ ඇදන් ගිහින් දුෂණය කරලා මරණ තත්ත්වයට පත් වුණු අපරාධකරුවන්ගේ සැක බිය නැතිවුණු විසලාවක් කරන බවනම් අපිට සක් සුදක් සේ පැහැදිලියි. (අ)
අපරාධයේ බිහිසුණුකම නිසාම පොලිසිය පමණ ඉක්මවා කටයුතු කළ බව පෙනෙනවා. නියම සැකකරුගෙන් පළමුවෙන් ප්‍රශ්න කළ වෙලාවේ ඇඟේ තුබුණු තුවාල ගැන ප්‍රශ්න කළා නම් පොලිසියට මෙවැනි අපහසුතාවයක් නොවෙන්න ඉඩ තිබුණා (නි)
අනේ මන්දා මොකුත් හිතාගන්න අමාරුයි (නි)
යහපලගේ හොදම ලිපිය මේක තමා. (අ)
මේ ක්‍රමය හරියන්නේ නැහැ. පොලිසියෙන් ජනතාවට වෙන අසාදාරන ගැන හොයල පොලිසිය වැරදිනම් නීතිමය කටයුතු කරන්න ඒ සඳහා පමණක් පොලිසියට ඉහල වෙනම ආයතනයක් පිහිටුවන්න වෙනවා. එදාට මේ රටේ නිතිය හරියටම ක්‍රියාත්මක වෙයි. එතෙක් මේ වගේ දේවල් වෙන එක නවතින්නේ නැහැ. (ර)
පොලිසිය පමණක් නෙවෙයි වැරදි, මෙතෙන අදහස් දමපු සමහරු කියනවා මම දුටුවා; වැලි කතරේ තැම්බෙන අපිට ඝාතකයා මුණෙන් පෙනෙනවා කියල. ඒ මෙහි පළවූ සේයාගේ පියාගේ ඡයාරුපයක් දැකල. විගසින් නිගමන වලට පැමිණීම හොද නැහැ. ඒ දේවල් වලින් වුණේ කුපිත වීම් දුරදිග ගියානම් සේයාගේ තාත්තට, සීයට , පාසල් සිසුවාට, සහ කොන්ඩයා නමින් හැඳින් වුණ පුද්ගලයාගේත් ජීවිත ගොඩක් අවාසනාවන්ත වෙන්න තිබුණ . ඇත්තට ම යහපාල මහතාගේ මෙවර කමෙන්ටුව විශිෂ්ටයි . (අ)
බෙනට්, ඔබ හරියටම හරි. අනිවාර්යයෙන්ම පොලිසිය සහමුලින්ම ප්‍රතිසංස්කරණය කළයුතුමයි. පොලිසිය කරන වැරදි වලට ඉක්මනින්ම දඩුවම් දෙන ක්‍රමයකුත් ඉක්මනින්ම ඇති කළයුතුයි. (නි)
මේක ලියන්නේ පිවිතුරු යහපාලටමයි. පොලිසියට පුහුණුවක් දීලා පඩි දීලා සේවයේ යොදවන්නේ මිනිස්සුන්ගේ බදුමුදලින්. මුලික පරීක්ෂණයක් නැතුව මින්ස්සුන්ගෙන් කතා අහල කාවවත් අත්අඩංගුවට ගන්න පොලිසියට අවශ්‍ය නැහැ. (ර)