කොස්ලන්ද, මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූවන්ට නිවාස ලබාදෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (1) බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවයක නිරත වූහ.
උදෑසන ඇරඹුණු උද්ඝෝෂණය සවස 4 වනවිටත් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණයේ කැපී පෙනෙන දෙයක් වූයේ උද්ඝෝෂණය කළවුන්ට පොලිසිය හා මාධ්‍යවේදීන් ආහාර සැපයීමයි.
කොළඹ වෝඩ් පෙදෙසේදී පසුගිය බ්‍රහස්පතින්දා එච්එන්ඩීඒ සිසුන්ගේ උද්ඝෝෂණයේදී ලේ හැලූ පොලිසිය බණ්ඩාරවෙලදී කෑමදීම පොලිස් ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියක් බව කියති.
ඡායාරූප - ආර්.කෝගුලන්
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය කොළඹදී ගාගත් මඩ බණ්ඩාරවෙලදී සෝදාගනී
සෙනරත් Sunday, 01 November 2015 12:00 PM
බිස්කට් වලට වඩා දවල්ට බත් පැකට් එකක් බෙදුවානම් තව වටිනවා. (ර)
ඉසුරන්දි Sunday, 01 November 2015 12:18 PM
විහිළු වැඩ. හරියට පොලිසියේ උවමනාවෙන් උද්ගෝෂණය කරන්න ලැහැස්ති කරලා වගේ. මිනිසුන්ට කන්න බොන්න දෙන එක වෙනම වැඩක්. නමුත් රටේ සාමය ආරක්ෂා කරන පොලිසිය මෙවැනි දෑ කිරීමෙන් වෙන්නේ උද්ගොෂකයන්ට රුකුලක් දීම නොවේද? (ර)
යසාන් Monday, 02 November 2015 07:40 AM
මට නම් අදහාගන්නත් අමාරුයි මේ දකින්නේ ඇත්තක්ද කියලා (නි)
කපිල Monday, 02 November 2015 01:36 PM
හොඳ දේ අපි අගය කළයුතුයි (නි)
ක්‍රිෂ් Monday, 02 November 2015 08:28 AM
සාමකාමී උද්ඝෝෂණයකයි කලහකාරි උද්ඝෝෂණනයයි අතර වෙනස....ඒ අස්සේ තව එකෙක් ඒකටත් ජාතිය ආගම ගාවගන්න හදනවා...(බ)
කෝලිත Sunday, 01 November 2015 06:05 PM
මෙහෙ හිටියේ සිංහල අය, එහෙ හිටියේ දෙමළ අය...කොන්දේ පන තියෙනවා නම් අතක් උස්සාවිද ?(රේ)