කොස්ලන්ද, මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූවන්ට නිවාස ලබාදෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (1) බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවයක නිරත වූහ.
උදෑසන ඇරඹුණු උද්ඝෝෂණය සවස 4 වනවිටත් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණයේ කැපී පෙනෙන දෙයක් වූයේ උද්ඝෝෂණය කළවුන්ට පොලිසිය හා මාධ්‍යවේදීන් ආහාර සැපයීමයි.
කොළඹ වෝඩ් පෙදෙසේදී පසුගිය බ්‍රහස්පතින්දා එච්එන්ඩීඒ සිසුන්ගේ උද්ඝෝෂණයේදී ලේ හැලූ පොලිසිය බණ්ඩාරවෙලදී කෑමදීම පොලිස් ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියක් බව කියති.
ඡායාරූප - ආර්.කෝගුලන්








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිස්කට් වලට වඩා දවල්ට බත් පැකට් එකක් බෙදුවානම් තව වටිනවා. (ර)
විහිළු වැඩ. හරියට පොලිසියේ උවමනාවෙන් උද්ගෝෂණය කරන්න ලැහැස්ති කරලා වගේ. මිනිසුන්ට කන්න බොන්න දෙන එක වෙනම වැඩක්. නමුත් රටේ සාමය ආරක්ෂා කරන පොලිසිය මෙවැනි දෑ කිරීමෙන් වෙන්නේ උද්ගොෂකයන්ට රුකුලක් දීම නොවේද? (ර)
මට නම් අදහාගන්නත් අමාරුයි මේ දකින්නේ ඇත්තක්ද කියලා (නි)
හොඳ දේ අපි අගය කළයුතුයි (නි)
සාමකාමී උද්ඝෝෂණයකයි කලහකාරි උද්ඝෝෂණනයයි අතර වෙනස....ඒ අස්සේ තව එකෙක් ඒකටත් ජාතිය ආගම ගාවගන්න හදනවා...(බ)
මෙහෙ හිටියේ සිංහල අය, එහෙ හිටියේ දෙමළ අය...කොන්දේ පන තියෙනවා නම් අතක් උස්සාවිද ?(රේ)