මංගල දැන්වීම්වල මනාලියන් සොයා ගොස් අපල උපද්‍රව දුරු කිරීමටත්, මනාලයා වශී කර දීමටත් ඉදිරිපත් වී රුපියල් ලක්ෂ 10ක පමණ රන් වංචා කළැයි කියන හඳහන් බලන්නෙක් මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය විසින් ලබන 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අනුරාධපුර සේන පුරයේ එච් කේ රුවන් රංජන (43) එම පුද්ගලයාය.
වශී ගුරුකම සඳහා මනාලිය ලවා රන් භාණ්ඩ පහක් ඔතවා රතු රෙදි කඩක තැමීමෙන් පසු එම රන් වංචා කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු මේ ආකාරයට මාරාවිල, අනුරාධපුරය, බටුවත්ත ගෙවල් තුනකින් රන් ආබරණ වංචා කර ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිසිය කේන්දරකරුගේ කේන්දරය බලයි
බුද්දි Sunday, 09 March 2014 10:26 AM
අදහස් දක්වන අපිටත් කේන්දරේ බලා ගන්න වෙලා. මගේ නමින් කවුදෝ කෙනෙක් අදහස් දානවා . එකම නම තියෙන්න පුළුවනි. නමුත් මට සැකයක් තියෙනවා මගේ ඊ මේල් ගිණුම හැක් කරලා කියලා. හැමොගෙන් ම ඉල්ලන්නේ ප්‍රවේසම් වෙන්න කියලා.(නදී)
ගයාන් පරපිටිය Friday, 07 March 2014 11:45 PM
හොදටම හිතුවොත් කව්ද කියන්ඩ වැරදි කාරයා.(නදී)
සමන්ති Saturday, 08 March 2014 07:12 AM
අනේ මෙහෙමත් මොඩ වැඩ (දිල්)
ටෙනිසන් Saturday, 08 March 2014 08:14 AM
සාක්ෂරතාව ඉහල තැනක ඉන්න ලාංකිකයෝ, තවමත් වල්මත් වුවන්මෙන් ,අදුරේ අතපත ගාන්නේ ඇයි කියල හිතගන්නත් අමාරුයි (දිල්)
දයා අලහාකෝන් Saturday, 08 March 2014 09:32 AM
තවමත් අපේ රටේ මිනිස්සුන්ගේ මොලය හොඳ නැහැ.(නදී)
සත්‍යයා Saturday, 08 March 2014 10:26 AM
කේන්ද්‍ර හරහා කලත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම් හරහා ගියත් මේ හැම ව්‍යාසනයකටම මුල රටේ පවතින ආර්ථික අහේනිය හා එහි අවජාතක දරුවන් වන වංචාව, බොරුව, දුෂණය, ඝාතන හා හිංසාව රජ කරන නිසයි. රටක හිඳිය යුත්තේ එක පාලකයයි. ඔටුනු දැරිය යුත්තේ එක පුද්ගලයයි. මුළු ජාතියටම කිරුළු පළන්දන්න පටන් ගත් දා සිට හැමෝම පාලකයෝ වෙලා හිතු මතේට වැඩ කරනවා.(නදී)
රත්නසිරි Saturday, 08 March 2014 11:32 AM
කේන්දර හදන අයවත් දන්නේ නෑ ඒ අයට වෙන්නේ මොනවද කියලා. මේ වගේ විවිධ වංචනික මිනිසුන්ට අසුවන්නෙත් වංචනික අයමයි. මිනිසුන් වසී කරගෙන රවටා ගෙන කොහොමද පවුල් ජීවත හරියන්නේ. රැවටීම කළ හැමෝම අද පොලිසියේ සේවා අහලා දැකලා අනිත් අයවත් යමක් ඉගෙන ගන්නවා නම්.(නදී)
සේන Saturday, 08 March 2014 07:46 PM
මේ ඔක්කොටම මුල අන්ධ විශ්වාසය. (දිල්)
වාසනා Friday, 07 March 2014 04:19 PM
වාහන වලින් කහ ඉරේදී හප්පලා මිනි මරණ අයට ඇප.(නදී)
චන්ද්‍රා Friday, 07 March 2014 07:33 PM
දියුණු වන සමාජයේ දිනපතා අලුත් අලුත් දේ නිතර අහන්න දකින්න ලැබීම පුදුමයක් නොවේ, පුදුමය නම් මිනිසා විසින් මිනිසා රවටා සුරා කන සහ රැවටී සුද්ධවෙන තවත් ජාතියක් ලොව ඇද්ද?..........(අ)