ආරක්ෂක රාජකාරි සඳහා බුත්තල පැල්වත්ත මං සංදියේ පොලිසිය යොදවා තිබියදීත් එහි කඩ තුනකට සොරුන් පැනීම සම්බන්ධයෙන් එහි රාජකාරි කළ පොලිස් සාමාජිකයන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව බුත්තල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
ආරක්ෂක රාජකාරි සඳහා බුත්තල පැල්වත්ත මං සංදියේ පොලිසිය යොදවා තිබියදීත් එහි කඩ තුනකට සොරුන් පැනීම සම්බන්ධයෙන් එහි රාජකාරි කළ පොලිස් සාමාජිකයන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව බුත්තල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් කිව්වා වගේ මුළු පොලිසියම දන ගැස්සුවොත් රජයේ වියදමින් පිටරට ගිහින් ජාත්‍යන්තර සම්මේලනයක් නරඹල එන්නත් පුළුවනි. (දී)
එහෙම තමයි අලුත් ක්‍රමය (දී)
රාත්‍රියේ මුර සංචාරයේ වෙනුවට ගෙදර ගිහින් නිදා ගන්න ඇති, එහෙම නැත්නම් ඔහුන්ගේ අනුදැනුම ඇතිව මෙම හොරකම සිදුවෙන්න ඇති. (දී)
කට පරිස්සම් කර ගත්තොත් හොඳයි. (ශාන්තට ) (ස)
මෙයාලා දෙන්නා ඉදලා තියෙන්නේ හොරුන්ගේ ආරක්ෂාවටද? (නි)
හොරා පොලිස් සෙල්ලමක් ගිහිල්ලා.(නදී)
වැඩ තහනම් කරලා වැඩක් නැහැ. මුළු පොලිසියම දණ ගස්සන්න ඕනෑ මහත්තයෝ (නි)
මෙවැනි උසස් පොලිස් නිලධාරීන් ඉන්න එක වටිනවා.මොකද පොඩ්ඩෝ කරන වැඩ හොයන්න කොන්ද පණ ඇති නිළදාරින් අවශ්‍යයි (නි)
ඕව මොනවද මම සිද්ධි දෙකක් කියන්නම්. භීෂණය කාලයේ පොල්ගස් ඕවිට සමුපකාරයේ මුරකාරයන් බැඳලා දාලා සේප්පුව රාත්‍රියේ හොරු( දේශප්‍රේමීන් ) අරන් ගීයා. උදයේම එහි පැමිණි පොලිසිය සියල්ලම පරීක්ෂා කර හොඳින් තිබෙනවා කියා පොතේ අත්සන් කර ගීයා. මුරකරුගේ කට සහ අතපය බැඳලා මේ කියන පොලිස් පොත තියන තැනට අඩි දහයක්වත් නැති දුරකින් සිටියත් පොලිස් නිලධාරීන් ඔහු දිහා බලන්නේ වත් නැතිව පොත අත්සන් කරලා ගීයා. කොට්ටාව මහල් වරාවේ රජයේ වීවින් එක දේශප්‍රේමීන් කඩලා ගියාමත් උදයේ පොලිසියෙන් ඇවිත් අත්සන් කරලා ගීයා, පොලිසියෙන් පාන්දර කොළඹ බස් එකෙන් ඇවිත් බස් එක වීවින් එක ළඟ නතර කරලා දුවලා ගිහින් පොත අත්සන් කරලා ආපසු බස් එකට නගිනවා. මේවා ඇත්ත සිද්ධීන් (නදී)
එහෙම හරිද? රාළහාමිලා හිටියේ පාරේ යන හොරු අල්ලන්නනේ. පාර අයිනේ කඩ කැඩුවට ඒ ගොල්ල මොනවා කරන්නද? (ස)
අනේ අපි කොච්ච්ර හොරෙන් යනවද ලයිෂන් නැතුව පාරේ. අල්ලයි අපේ නැට්ට, (නදී)
ළඟදි අපේ හඳුනන කට්ටියක් මුරකාරයා ඉදිද්දිත් හොරකමක් වෙලා කියලා කැමරාවක් සවිකළා. සුමානයක් ගියේ නැහැ කැමරාව හොරු අරන් ගිහින්.හුඟ දෙනෙක් කිව්වා මුරකාරයාගෙන්ම අහලා බලන්න කියලා. මොනවා වුණාද දන්නේ නැහැ. (නි)
දැන් දැන් පොලිසියේ මහත්තුරු කරන හොරා පොලිස් වැඩ දිහා බලපුවම මේකත් ඒ නිලධාරින්ගේම වැඩක් වෙන්න බැරිත් නෑ. (ස)