දෙහිඕවිට රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ගැනීමට හොරුන් පිරිසක් ගත් උත්සාහය අසාර්ථකවී ඇතැයි පොලිසිය කියයි.
අද අලුයම පොලිසියට ලැබුණු පටිගත කළ හදිසි ඇමතුමකින් කියවුණේ හදිසියක් වහාම එන්න යනුවෙනි. එහි ගිය පොලිසිය දුටුවේ ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය කැඩීමට සොරුන් උත්සාහ කළ ආකාරයයි.
පිටුපස දොරද ඉබ්බන්ද කඩා තිබූ බවත් පොලිසිය කියයි.
පොලිසියට නිසි වේලාවට එම ස්ථානයට ළඟාවීමට හැකිවූ නිසා සොරකම වළක්වාගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරුන් පොලිස් අත්අඩංගුවට පත්වුණාද? (නි)
ක්ෂණයකින් ක්‍රියාත්මක වීම පොලිසියේ යුතුකමක්. මහජන බදු මුදලින් පෝෂණයවන රාජ්‍ය සේවය මහජන දේපළ සුරැකීමට බැඳී සිටියි. (නි)
ඔන්න මම ලකුණු දහයෙන් දහයක්ම දෙනවා! (නි)
නෑ නෑ එක යන්ත්‍රය විසින්මයි යවන්නේ හදිසි සංඥා ක්‍රමයක් (ම)
මට පේන විධියට හොරුන්ට සේප්පුව කඩා ගන්න බැරි හින්ද "හදිස්සියක් වහාම එන්න" කියල පොලිසියට පණිවිඩය යවල තියෙන්නේ හොරුම තමා. අපේ පොලිසිය කලින් කලට තැනින් තැන හොරා පොලිස් කරන නිසයි මට එහෙම හිතුනේ.(රේ)