ඇවන්ගාඩ් වැටලීම කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට යැයි නීතිය, මහජන සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘මේකේ ආයුධ හංගගන නොවෙයි හිටියේ. හැමදාම ඒවා පරිහරණය වෙනවා. 2002 ආණ්ඩුව මාරු වුණ ගමන් පොලිසිය ලකුණු දා ගන්න මිලේනියම් සිටි කළා වගේ මේකත් මේ ආණ්ඩු මාරු වුණු ගමන් පොලිසිය ගිහින් පැන්නා ලකුණු දා ගන්න. ඒකයි යතාර්ථය.‘ යැයි ද ඇමැති කීවේය.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ ද එම අමාත්‍යංශයට ය. ඇවන්ගාඩ් ආයුධ නැවේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් ද, ජනපති විශේෂ විමර්ශන ඒකකයෙන් ද පරීක්ෂණ පැවැත්වෙයි.
මේ අතර සජින් වාස් ගුණවර්ධන මහතා රජයේ සාක්කිකාරයකු වූයේ මොන නඩුවක දී දැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය. මේ ආණ්ඩුව ද දූෂිතයන් ආරක්ෂා කරන බව කී දිසානායක මහතා පොලිසිය භාර ඇමැතිකම ළමයකුට දෙන්නැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ හිතාගෙන ඇති, අපි මේ මහජනයා පල් මෝඩයෝ කියලා.ඇත්ත මේ පාර අපිව ඇන්දුවා.ඇන්දුවා නොවෙයි මම හිතන්නේ අපිම ඇඳගත්තා කියලයි.එහෙමවුනේ හිටපු අය කරපු ඒවා බලාගෙන ඉන්න බැරුවයි..දැන් මුන් උන්ව සුද්දකරනවා.හරි ශෝක්...ඔහොම යමු ...අපිබලාගෙන ඉන්නේ ඊළඟ මහා මැතිවරණ එනකම් ....(රේ)
රට කබලෙන් ලිපට වැටිලද (බ)
මිල්ලේනියම් සිටි සිද්ධිය වාගේ රටේ ජාතික ආරක්ෂාව පරදුවට ගියාද ? (ම)
දැන් නම් ඉතින් අර දෙගොල්ලොම එකයි කියන කතාව අපිට විශ්වාස කරන්න වෙලා තිබෙන හැඩක් තමා පෙනෙන්න තියෙන්නේ. (නි)
මේ ඔක්කොම පොඩි දරුවො වගේ. අනේ මෙහෙමත් දේශපාලකයෝ! තවත් මැතිවරණයක් එනතුරු නුඹලා වාදකර කර ඉන්න (නි)
අපි නම් ඕක දැනගෙන හිටියා. දැන් තියෙන්නේ ජනතාව බලාපොරොත්තු වුණ රජය නෙමෙයි. අදත් ජනතාව උන් තැනම අසරණයි (නි)
රජයේ නෙමෙයි වැරැද්ද, සමහර දේශපාලකයන්ගේ (නි)
කවදා හෝ සත්‍යය ජය ගනී. කටවල් පැළෙන බොරු කියලා, කරන්න බැරි බොරු පොරොන්දු දීලා, ජනතාව ගොනාට අන්දලා සමහරු බලය ගත්තාට දැන් ඇත්ත ජනතවට තේරුම් ගිහින් ඉවරයි. ඒත් පෙරහැර ගිහින් අවසන් නිසා කරගන්න දෙයක් නැහැ. (නි)
ඒකට තමයි රහස් පොලිසියක් ඉන්නේ. ඔහොම කතා කරන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. මිලේනියම් සිටි එකෙන් ඉගෙනගත් පාඩම මොකක්ද? ජාතික ආරක්ෂාව බලාගන්න හැම කෙනෙකුටම බැහැ. (නි)
ඔව් දැනට ඇමතිකම ළමයකුට දෙන්න, ලබන පාරවත් ජන්දය ජවිපෙට දෙන්න, එතකොට ඕන නෑ ඇමතිකම ළමයකුට දෙන්න (ම)
අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
අපිට ඉතින් ඇත්ත තිත්තයිනේ. නමුත් ඇත්ත ඇත්තමයි. බොරුවෙන් රවටා ජනතාව/රට විනාශ කරන්න එපා. කවදා හෝ ඒවාට දඬුවම් ලැබෙනවා. (නි)
මම නම් හිතන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් නැත්නම් පොලිසිය රාජකාරිය හරියට කරන්න ඇති. (නි)
එහෙනම් ඉතින් ඔය කොමිසම්, පොලිසි වගේ දේවලින් කිසි වැඩක් නැහැනේ. පහුගිය ජනාධිපතිවරණේ මහා ඡන්දෙ කාලේ වේදිකාවට නැගල පොලිසියට ලකුණු දාගන්න ලැහැස්තිවෙන්න එපා කිව්වනම් ඉවරනේ. මෙතුමා එක දේශපාලන වේදිකාවකටවත් නැගපු කෙනෙක්ද? කැබිනට් සාමුහික වග කීම තුලද මේ කතාකරන්නේ? (බ)
ඇමතිතුමා කියන්නකෝ බලන්න අලුත්ම ඩිල් එක මොකක්ද කියල (බ)
ජනතා නියෝජිතයෙක් වුණාම කියන කතා සත්‍ය වගේම එහි කතා පෞරුෂත්වයක් තිබිය යුතුයි. මෙහෙමද කතා කරන්නේ? මෙයාලට පෙන්වන්න ඕනෑ විජේවීර සහෝදරයා කතා පවත්වපු හැටි (නි)
අනේ මන්දා! එයාලා කියනවා. අපි අහනවා. (නි)
මිල්ලේනියම් සිටි සිද්ධිය වගේ රටේ ජාතික ආරක්ෂාව පරදුවට ගියාද කියා සිතෙනවා. ඒ විතරක් නෙමෙයි. ජනාධිපති මන්දිරයේ බංකරය ගැනත් මේ දිනවල කතාකරනවා. මේවා රටේ ජාතික ආරක්ෂාවට අයත් දේවල් නේද? (නි)
දෙන්න එන්න ඕනේ ජේ වී පී ආණ්ඩුවක්. රට කරයි නියමෙට (ම)