නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කැරණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනකු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනකුට ලබන 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇතැයි ඇතැයි පොලිස් ආරංචි කියයි. උසස්වීම් ලද මැක්සි ප්‍රොක්ටර් මහතා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයට, රොහාන් ඩයස් මහතා යාපනය දිස්ත්‍රික්කය, ජයන්ත වික්‍රමසිංහ මහතා වව්නියාව දිස්ත්‍රික්කයට, ටී.බී.සම්සුදීන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයට, ගාමිණී මතුරට මහතා ගාල්ල දිස්ත්‍රික්කයට, යූ.කේ.දිසානායක මහතා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට පත්කැර තිබේ.
මෙතෙක් යාපනය දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කිත්සිරි ගණේගම මහතා පුත්තලම දිස්ත්‍රික්කයටත්, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ මහේෂ් පෙරේරා මහතා විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිකුත් කළ වාර්තාවක දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් පොලිසියනේ. ඒ නිසා මට වැඩක් නැහැ (නි)
මේකත් එක විදියක ග්‍රහ මාරුවක් වගේ. මුළු ලංකාවටම ඒරාෂ්ටකයක් වගේ. හැබැයි හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා වගේ පොලිසියේ අය මාරු කරලා හරියන්නේ නැහැ. (නි)
හොදට කඩේ ගියොත් උසස්වීම් ස්තීරයි (දිල්)
හොද උගත් පොලිස් පොඩ්ඩෝ ඉන්නවා උසස් වීම් ගන්න බැරිව . ඒ අය ගැනත් සොයා බලා කටයුතු කරන්න ! (ස)