1990.06.11 වැනිදා නැගෙනහිර පොලිසිවල සාමාජිකයන් 652 කු සුදු කොඩි රැගෙන කොටි සංවිධානයට යටත් වීමෙන් පසු ඉන් 252කු තිරුක්කෝවිල් රූපස්කුලම් කැලෑවට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ 23 වැනි සංවත්සරය නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාරේදී අද සැමැරිණි.
සුදුකොඩි රැගෙන යටත් වූ සියලු දෙනාම මරා දැමූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද කරුණා.(නදී)
මේක කරුමවාදෙට අනුව උන දෙයක්ද.(ස)
මේක වුනේ පොලිසියට නිසා මම නම් දුක් වෙන්නේ නැහැ.මොකෝ පොලිසිය ගැන දුක් නොවන තැනට අපව පත්කළෙත් පොලිසියමයි. (නි)
මරන්න අණ දුන් කෙනා දැන් ඇමති කෙනෙක්ලු. (නදී)
අර ඝාතකයෝ නේද මේ ආණ්ඩුව දැන් උස්සගෙන ඉන්නේ?(නදී)
මේ උත්සවේට කරුණාටත් ආරාදන කලානම් කොච්චර හොඳද ?(නදී)
ඔය මරණ 650 භාරව කෙලින්ම කටයුතු කරපු අර දැන් ඇමති ඔය උත්සවයට ආවේ නැද්ද?(නදී)
ලංකාවේ පොලිස් ඇදුමත් හරිම කැතයි. ඇයි ඒ ගැන හිතන්නේ නැත්තේ. දියුණු රටවල වගේ ඇදුමක් දුන්නා නම් කෝච්චර දෙයක්ද . සල්ලි වැය වෙන්නේත් නැහැනේ. මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙනවා. (නි)
බොරූ ඒ ගොල්ල වෙඩි තිය ගෙන.(නදී)
මේ අපරාධය කරවපු කොටියා දැන් රජසැප විදිනවා.(නදී)
මෙම ඝාතනයට වගකිව යුතු අය අද ලොකු පුටුවල යහතින් වැජබෙන්නට ඉඩ හැර මෙවැනි සිහිකිරීම් සිදු කිරීම හාස්‍යජනකය.(නදී)
පොලිසියේ රාජකාරි කරන අතරතුර අත්අඩංගුවට පත්වූ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලදාරියා එතකොට මෙතුමා නේද? (නදී)
සුබසිංහ, ඔයා සිංහල බෞද්ධයෙක්ද? (නි)
මේ වගේ රණවිරුවන් කොටින්ට පාවා දුන්න එදා හිටපු පාලකයන්ට මෙලොවදීම විපාක ලැබුනා. (නි)
ඕක කලේ කවුද කියල මතක නැ නේද? (නදී)
රත්න , යුනිෆොර්ම් එක නෙමේයි කැත. පොලිසියේ ඉන්න මිනිස්සුයි කැත. අලි බඩවල් කොටු කකුල්.(නදී)
ටිකිරි මොලේට මේවා තේරුම් ගන්න බැහැ නොවැ. කරුනා ප්‍රජාතන්ත්‍රවාදියකු වීද නැද්ද නොවේ ප්‍රශ්නය. එදා සහ අද සිටි ඔය සෑම දේශපාලන බබෙක්ම කිවේ අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන වගයි. රටේ නිතිය අනුව අපරාධ කරපු සෑම පුරවැසියෙකුටම දඬුවම් ලැබිය යුතුය. එය, ත්‍රස්තවාදියකු ප්‍රජාතන්ත්‍රවාදියකු වුණා කියා හෝ සමාජවාදියකු ප්‍රජාතන්ත්‍රවාදියකු වුණා කියා හෝ පැහැර හැරිය නොහැක. සමස්තයක් වශයෙන් ගත්කල අපේ පොලිසිය ගැන පැහැදීමක් ජනතාව තුල නැත. කාර්යශුරි පොලිස් නිලධාරීන් නැත්තා නොවේ. නමුත් ඔවුන් හිඟය. පොල් ගෙඩි සොරකම් කරන පාසල් සිසුවියක් උසාවියට ඉදිරිපත් කරන අපේ පොලිසිය දරුණු මිනීමැරුම්, මං කොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ කරන අය දැක දැකත් අහක බලා ගනිති. කළුතර බෝධිය අසල මල් විකුණන අහිංසකයින් අත් අඩංගුවට ගැනීමට උත්සුක වන අපේ පොලිසිය මැරකම් කරන ඇමති පුතාලා දැක දැකත් අහක බලා ගනිති.(නදී)
රත්න, හිස රදයට කොට්ටේ මාරු කරලා වැඩක් නැහැ.(නදී)
හරිම කණගාටුයි.(ස)
දැන් අපේ මිනිස්සුන්ට යුද්දයක් තිබුනද කියලවත් දැන් මතක නෑ. (ස)
මගේ අයියත් මේකෙන් ජීවිතය පුජ කලා.(ස)
හරිනම් මෙවන් අපරාධ ගැන තමයි ජිනීවා මානවයෝ කථාකළ යුත්තේ.සාමනේර සහ පොලිස් නිලධාරීන් කොටි මිලේච්චයන් අතින් බුරුතුපිටින් ඝාතනය කරද්දී, කිසිදු වාර්තාවක් ජාත්‍යන්තරයට ඉදිරිපත් නොකර එම ඝාතන සාධාරණීකරනය කළා. සුදුකොඩි රැගෙන යටත් වූ කොටි මැරුවාය කියා අපට ඇති යුරෝපීයන්ගේ බලපෑම මේවාට කෝ? මේ උවදුරින් ගැලවීමට අදටත් අප රටට උදව්කරනා චීනයට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
මානවහිමිකන් වලට පින්සිද්ද වෙන්න අද කාලේ පොලිසියට යන අය අඩුවෙන් ගුටි කනවා. මේ මානව හිමිකන් තව තව වැඩි වෙන්න ඕන. එහෙම උනොත් විතරයි පොලිසියෙන් අපට වෙන අසාදරනකන් නවත්තගන්න පුළුවන් වෙන්නේ.(ස)
සුබසිංහ,කරුමවාදය එදා පැවතුනේ මුළු රටේමයි. ත්‍රස්‌තවාදියනි, තොපට ශාප වේවා. අපට තවමත් මතකයි ලෝකයම දුක්වුන ඒ දවස. මිලේජ්ජ දිනයක්. යුද්ද නොකරපු, අසරණ දරුවන්ගේ පියවරු, අසරණ බිරින්දෑවරුන්ගේ බාරකරුවන්, සහෝදර සහෝදරියන්ගේ සහෝදරයන්, අසරණ මවු පියවරුන්ගේ දරුවන්. පවුල් කියක් එදින අනාථ අසරණ වුනාද? (නි)
මේකට කෙලින්ම වග කියන්න ඕනෑ කවුද කියලා හැමෝම දන්නවා.මේවා මතක තියාගෙන මිනිස්සු ඡන්දෙ දැම්මොත් හොදයි. (නි)
දැන් පොලිසියේ අලුත්ම වැඩේ තම කුඩු අහු උනොත් උසාවි දමන්නේ ගංජා. ගංජා කිලෝවක් අහුඋනොත් දුසවී දමන්නේ ග්‍රෑම්200 විතර. මේවා මෙහෙම කරන්න පගාවක් කනවා. හැබැයි නීතියත් රැකලා. ලකුණුත් වැටිලා, අපරාද කාරයෙකුත් අල්ලලා. ඔක්කොම ගොඩත් ගිහින්.(නදී)
මෙයාලා හිටියා නම් පගාව කොච්චර අරන් තියෙවිද මේ වෙද්දී....(ස)
පොලීසියට යන අහිංසක අය ගුටි කාල මැරුණොත් කවුද දුක් වෙන්නේ. ඇයි එහෙම ඒවා වෙලා නැද්ද.(ස)
ඊනියා බටහිර විරෝධියෝ මොනවා කිවුවත් අද වෙද්දී පොලිසියට ප්‍රශ්නයක් විසදා ගන්න යන අය අඩුවෙන් කරදර විදින්නේ මානව හිමිකම් වලට පින් සිද්ද වෙන්නයි (නි)
මේකට වගකියන්න ඕනේ කරුණා අම්මාන්.(නදී)
අපේ හතුරාගේ හතුරා හොදම මිතුරා වෙයි කියලා කතාවක් තිබෙනවා නේද? (නි)
අසියෑ දුෂිතම පොලිසිය ලංකාවේ තියනවයි කියලා එක අවුරුද්දක වාර්තාවලින් පෙන්නුවා. එවැනි වාර්තා පිට වාර්තා තියන මේ කාක්කි මහත්තුරුන් අපේ රටට ආඩම්බරයක්.(නදී)
දැන් අලුත්ම ක්‍රමේ තමා සල්ලි අතට ගන්නේ නැහැ, හැමදාම බඩු ගන්න කඩේට දෙන්න කියනවා.නැතිනම් බාර් එකට සල්ලි දීලා යන්න කියනවා. (නි)
මෙයාල ජරාව කන්නේ පඩි මදි නිසා නෙමෙයි.මොකෝ පඩි ගැන විස්තර රස්සාවට යන්න කලින්ම දැනුවත් කරනවනේ.ඕනෑ නම් නොයා ඉන්නත් තිබුනා.නමුත් එහෙම කරන්නේ පගා ගැහිල්ල දැන් අපේ සංස්කෘතියේම කොටසක් වෙලා නිසා... (නි)
මේක වුනේ පොලිසියට නිසා මම නම් දුක් වෙන්නේ නැහැ. මොකෝ පොලිසිය ගැන දුක් නොවන තැනට අපව පත්කළෙත් පොලිසියමයි. පොලීසියට යන අහිංසක අය ගුටි කාල මැරුණොත් කවුද දුක් වෙන්නේ. ඇයි එහෙම ඒවා වෙලා නැද්ද?(නදී)
මිය ගිය සියලුම දෙනාට මොක් සුව පතමු! එක අතකට ඔවුන් අද පොලිසියේ සිදුවෙන ජඩ වැඩ බලන්නට ජීවත් නොවුන එකත් හොඳයි (නි)
පාගා ගැහිල්ල විතරයි. කොන්ද පන නැති කම, ලොක්කෙක් දැක්කම පහට නැමෙන්නේ. පොඩි මිනිහෙක් ගිහාම සිංහයෝ වගේ. ගැහැණියෙක් දැක්කම හතර ගාතෙන් ඇඹරෙනවා. මොනරෙක් දැක්කම කට කන ගාවට යනවා.(නදී)
මෙයාල හිටියා නම් මොන තරම් ජරාවක් කාල තියෙයිද මේ වෙද්දී. මොකෝ එහෙම නොවෙයි කියල කාටවත් සහතික නිකුත්කරන්න පුලුවන්ද.(ස)
මන් නම් මෙහෙම කියන්නේ බොහොම වග කීමෙන්. 71,88,89 තාම මතකයි. මේ රටේ ඒ කාලේ මිය ගිය ගොඩක් වෙලාවට අහිංසකයෝ. ඒ මිනිස්සුන්ගේ නම් ලැයිස්තු හදල මේ කාකි කාරයන්ට දුන්නේ මේ උතුම් කියන සංස්කෘතියෙන් බිහි වෙච්ච ආණ්ඩුවේ වන්දි බට්ටයෝ. 60000 දෙන මරා දමද්දී කවුද දුක් උනේ.(නදී)
පොලිසියේ 650ක් සමුල ඝාතනය කරපු පුද්ගලයන්ට පොලිසියටම කියල සැලියුට් ගස්සන එක කොතරම් අවාසනාවක්ද?(ස)
ආ මේ අර පෑන මේ කනින් දමලා අනික් කනින් එන්න ගහපු අපේ උදවිය නොවැ.(නදී)
652 මරපු කෙනා පාර්ලිමන්තුවේ ඒවා දැන් සේරම අමතකවෙලා අස්චාර්ය.(නදී)
මුළු දවසම බයිසිකල් පාගල පාගල අවුවේ කරවේවි දුක් විදිමින් මාළු විකුණන මාළු කාරයන්ගෙන් තෝර මාළුවෙක් සල්ලි නොදී අරන් යනවා මන් දැකල තියනවා. මාළු කාරය යන්න ඇරලා බනිනවා.(ස)
මෙහිදී දිවිපිදු නිරායුධ අහිංසක පොලිසියේ විරුවන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු අතර නිවන්සුව පතනවා. ඔවුන් නැවතත් ඉහත අදහස් දක්වා ඇති නොමිනිසුන් පිරි සිරිලංකාවේ නොඉපදේවා! ඉහත අදහස් දක්වා ඇති අයට කරුනා අම්මාන් ප්‍රජතන්ත්‍රවාදියෙකු වුන එක මේ ශත වර්ෂයේ වුනු ලොකුම වැරැද්ද වෙලා. බැරිවෙලා හරි ප්‍රභාකරන් සාමය පිලිගත්තා නම් ඔයාලා කොහොම සලකන්නද බලපොරෝත්තුවෙලා හිටියේ. අනික කාටවත් මතක් වෙලා නැහැ යුද්දය වවා ගෙන කන්න ඕනවට කීප වතාවක්ම බොරු සාම සාකච්ඡා වලට ගිහිල්ලා අහිංසක පොලිස් නිලධාරීන්ව නිරායුධ කරලා මිනීමරු ත්‍රස්ත වාදීන්ට අමු අමුවේ පාවාදීපුවා ඒකාලේ අපේ රට පාලනය කරපු අපේ දේශපාලන බබාලා ගැන. අනික ඉහතින් අදහස් දක්වල තියන වැඩි දෙනෙක්ගේ අදහස් හරිම කැතයි. මොකද පොලිස් නිලධාරීන් කරන අසීරු, අපහසු රාජකාරිය ගැන ටිකක්වත් හිතලා නැහැ. අඩුම තරමේ අවු වැසි නොබලා කොළඹ නගරේ වාහන හසුරවන පොලිස් නිලධාරීන් ගැනවත් ඒ සත් ගුණවත් මහත්වරු දැකල නැතිද , පසුගිය යුද කාලයේ එහෙම එකක් තිබුනා කියල මතකනම් පොලිස් නිලධාරීන් කල සේවය මෙතරම් ඉක්මනට අමතක වෙලාද ? ඔබලා සමහර විට තාම ජීවත්වෙලා ඉන්නේ පොලිස් නිලධාරින් නිසා වෙන්නත් පුළුවනි. පොලිසියට ඔය තරම් ගරහන්න්නේ නීති කඩන අයයි. පොදුවේ පොලිසියේ ඔය කියන තරම් වරදක් නැහැ. ඒ අයත් අපි වගේම ශ්‍රී ලාංකිකයෝ තමයි.(නදී)
අනේ මෝඩද මහත්තයෝ පොලිසිය ආචාර කරන්නේ සැලියුට් ගහලා මීස ඇදලා නෙමෙයි.(නදී)
කමල්, සිංහල බෞද්ධද, සිංහල කතෝලිකද, මුස්ලිම්ද, සුන්නි මුස්ලිම්ද යන ජාති වදී හෝ ගෝත්‍රවාදී අදහස් වලට මේ ප්‍රශ්නේ කොටු නොකර පොදුවේ ලාංකීය පොලිසියෙන් ඔබට මට ඇදුනුම් කමක් හෝ වෙනත් සම්බන්දතාවයක් නොමැතිව සාධාරනය ඉටුවේද කියා කියන්න.(නදී)
දිනපතා ව්‍යායාම් කරමින් ශරීර යෝගියතාවේ තබාගන්න ඕන මේ අය. හරියට අපේ හමුදාවේ සහෝදරයෝ වගේ. නමුත් බලන්න බඩවල් ආරලා ඇවිත් තියන හැටි.කොහොමද එහෙම වෙන්නේ. කොහොම ජරාවක් කනවා ඇතිද. මන් අහගෙන පොලිසියේ ගොඩ කට දියවැඩියාවයි ප්‍රෙෂර් එකයි තියනවා.(නදී)
මේවට වගකිවයුත්තව ඡන්දෙන් පාර්ලිමේන්තුවට එන්න බැරිනිසා තමා ලැයිස්තුවෙන් ගත්තේ.(නදී)
මේ අපේම සහෝදරයෝ. මොනවා කළත් හැමවිටම පොලිසියේ හැමෝටම බනින්න එපා. මේ විරුවන් සිහිකිරීම යුතුකමක්. කටට ආවට නිකම් කියවන්න එපා. (නදී)
කවුරු මොනා කිව්වත් ලංකාවේ පොලිසියේ 99% ක්ම ඉන්නේ සක්කිලියෝ සහ කසඩයෝ. ඔන්න ඊයේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ඇරෙස්ට් කරලා වියාපාරිකයෙක් මරලා. ඔන්න ඕක තමයි ලංකාවේ නියම තත්වේ. (නදී)
රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ඒ නිලධාරීන්ට විරුවන්ට අපහාස වනසේ අදහස් ලිවීමෙන් තම ජාතියම පහත් තත්ත්වයට පත් වනවා කියා තමන්ම සිතන්න. විරුවණ්ට නිවන් සුව පතමු. (ස)
මම මෑතක සිට ලංකාදීප කියවන්න ගත්තේ. මම කැමතියි මධ්‍යයස්ත මාධ්‍ය ව්‍යාපාර වලට. දේශපානයට ගැති වුන මාධ්‍ය වලින් සාදාරන විවේචන හෝ සියල්ල සත්‍ය දැන ගන්න බැහැ (නි)
ආ පැතුම් ඔයාගේ අයිය වගේම 88 දී මගේ මස්සිනාට පෙන්වමින් මගේ අක්කව දුෂනය කරලා තිබුනේ ඔය කාකි ඇදපු අය. වරද උනේ මෙගේ මස්සිනා ගමේ ග්‍රාම සේවකගේ සිත දින නොගැනීම. ඒ බැවින් ඔහුගේ නම ලැයිස්තුවට ඇතුලත් උනා. ඔහුගේ මිනිය කඩුගන්නාව කන්දෙන් පහලට දමල තියෙද්දී හමු උනා.(නදී)
තාම අපේ පොලිසිය දන්නේ ගහල ප්‍රසන කරන්න පමණයි. මනොවිද්දීයත්මකව ප්‍රශ්න කරන්නේ නැහැ. වෙනරටවල නම් හර්ද ස්පන්දනය, ඇසෙ කළු ඉංගිරියාවේ හැසිරීම සහ චරියා රටා, සහ ජිපිඑස් වලින් පවා මිනිසුන්ගේ හැසිරීම් ගැන ඇහැගහගෙන ඉදලයි අල්ලගන්නේ.(ස)
කට්ටිය හොදට පොලිසියෙන් කාලා වගේ අදහස් වලින් පෙන්නේ.(නදී)
ගිය හකුරට නාඩන්නේ -තියෙන හකුර රැක ගන්නේ. ඒ දවස්වල මොන තරමක් අහිංසකයෝ මලාද? අංගුලිමාලලා රහත් උනා. පිරිත් තාමත් අපි රකිනවා. අප වෙනුවෙන් මියගිය ඒ අහිංසකයන් සමරන දා පිරිසුදු සිතින් පින් දී එවැනි මරණ නොවේවා කියා පතමු නේද මල්ලියේ?(ස)
මතකද ප්‍රේමදාස උඩුගම්පොල කියන නිලදාරියා. සොත්ති උපාලිටත් සැලියුට් ගහපු මෙයාලා අපි දැක්කම සිංහයෝ වගේ. වැඩක් කර ගන්න නම් ප්‍රාදේශීය බලවතෙක්, නිතිඥචයෙක්, දොස්තර කෙනෙක් , ව්‍යාපාරිකයෙක්, දේශපාලකයෙක් ලව්වා දුරකථන ඇමතුමක් දෙන්න ඕනා. නැතිනම් සල්ලි විසි කරන්න ඕනා.(නදී)
ඔවු ඔවු කට්ටිය කියන විදියට වරදක් කියන එක ජාතියට කරන නිගාවක්. (ස)
මේවා අපේ සද්ගුණවත් කරුනාවන්ත ඇමතිවරයෙකුට මඩ ගහන්න පොලිසියෙන් කරන වැඩ. බලන්න මෙතන එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වත් ඉන්නවද? මේ පොලිසියේ නිලධාරීන්ට ආණ්ඩුවෙන් යටත් වෙන්න කියලා කීවහම ඒ ගොල්ලා බැහැ කියල කැලයට ගිහින් සිය දිවි නසාගෙන.(නදී)
ඔය 600 ගණන මරපු වෙලාවේ ඒ ප්‍රශ්නය ඒ කාලේ හිටපු ජන නායකයා වෙතට වාර්තා කෙරුණා. මොකක්ද එතුමා ගත් පියවර? මොකුත් නැහැ.(ස)
බාප්පා, කොච්චිය, කොස්සා. කියලා මේ මහත්තුරුන්ට කියන එකට මම නම් පොඩ්ඩක් වත් කැමති නැහැ.(ස)
ප්‍රධාන ආරාධිතයා කවුද? (නි)
පොලිස් කියන වචනේ හැදිලා තියෙන්නේ ඉංග්‍රීසි වචනවල මුල් අකුරු වලින්.(පලයිට්, ඔබිඩියන්ට්. ලොයල්, ඉන්ඩිපෙන්ඩන්ට්, කෙයා, එෆිසියන්ට්) මෙයින් ලංකාවේ පොලිසියට උරුම එකදෙයක් මට දන්නා කෙනෙක් පෙන්වාදෙත්වා....(ස)
ඔවු ඔවු සිල්වා, මේ තරමින්වත් අඩු වෙලා තියෙන්නේ ඔය මානව හිමිකන් නිසා තමයි. (නි)
සුබසිංහ මහත්තයෝ ඔය ලාංකිකයෙක්ද? (නි)
මේ කට්ටිය මැරුවේ, මරන්න ඕඩර් දුන්නේ කවුද? මට නම් මතක නැහැ. (ස)
මියගිය සියළු දෙනාට නිවන්සුව පතමි. ඔය මානවහිමිකම් කට්ටිය කොහෙද හිටියේ එතකොට? ඔවුන් මේවා දන්නේ නැද්ද? (ස)
මේවා පේන්නේ නැද්ද ? මානුෂික අයිතීන් රකින කෑ ගහන අයට, රාජ්‍ය නොවෙන සංවිදාන වලට මේවා පෙන්නේ නැද්ද ? ඩොලර් වලට යුරෝ වලට රට පවා දෙන රටක මේවා කාට පේන්නද ? (ස)
මරන්න ඕඩර් දුන්න කෙනා අපේ පොලිසියේ. මේවා කාට කියන්නද.?(නදී)
පොලිස් නිලධාරීන්ට නිවන් සුව ! (නි)
මේ උත්සවයක්ද ?කරුණා ආවේ නැද්ද ජනාදිපතිතුමා ආවද ? මේ අය වෙඩි තියාගෙන මැරුන නිසා කරුණාටත් එන්න තිබුනා .(නදී)
මොනවා වුනත් මැරුනේ ගොඩක් සිංහල අය.මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනෑ අය දැන් නිහඩයි (නි)
|*** වෙඩි තබා ඝාතනය කිරීමේ 23 වැනි සංවත්සරය*** හරිද මේ වාක්‍යය..?(නදී)
මරපු කෙනා පාර්ලිමේන්තුවේ.(නදී)
පොලිසියෙන් වෙන අසාධාරනකම් වලට ඕනෑම කෙනෙක්ට මානව හිමිකම් නඩුවක් දමන්න අයිතිය ඇත. නමුත් නඩු දමන්නේ ඉතා සුළු පිරිසක්. හැමදේම කරුමෙට බාරකරන නිසාද කියන්න මම දන්නේ නැහැ (නි)
අප වෙනුවෙන් රට වෙනුවෙන් දිවි දුන් අහිංසක විරුවන් සැමට නිවන් සුව අත්වේවා ! නැවතත් මිනිස් ආත්මයක්ම ලබා අප රටේම ඉපදේවා! (නි)
පොලිසියෙ කෙනෙකුට තිබහට වතුර වීදුරුවක්වත් දෙන්න හිතෙන්නේ නැහැ මට නම්. (නි)
යන්නේ කොහද මල්ලේ පොල් කියන අයත් ඉන්නවා. (ස)
දිවි දුන් නිළධාරීන්ට නිවන් සුව! (නි)
මේ වැඩිදෙනාගේ අදහස්වලින් පෙනෙන්නේ පොලිසිය ගැන සමාජයේ ඇති කලකිරීම නේද. පොලිසිය මේ තත්වය හැකි ඉක්මනින් හදගතයුතු යන්න මගේ අදහසයි.(ස)
මෙම ස්මාරකයට වාස් ගුනවර්දන ගෙනගොස් දණගසා වැන්දවිය යුතුය.(නදී)
මේකේ තියන අදහස් බැලුවහම 90% පොලිසියට විරුද්ධව තමයි. නමුත් ඇත්ත පොලිසිය මේ තත්වයට හරවාගෙන තියෙන්නේ මේ විරුද්ධව අදහස් දාල තියන අයමයි. සාදාරන විදියට මනුස්සයින් වගේ ජීවත් වෙනවා නම් අපිට පොලිසියක් අවශ්‍ය වෙන්නේ නැහැ අනවශ්‍ය විදියට.අපේ වැරදි වලට අනුන්ට දොස් කියලා වැඩක් නැහැ.. (නි)
ඔව් මට එය මටක් වුනා. දැන ඉතින් සුවඳ තවරා ගත්තු අහවලත් ''දේශප්‍රේමියෙක්නේ'' (නි)
කවුද මේ වගේ සංවත්සර සමරන්නේ තමන්ගේ යහළුවන්, යෙහෙලියන්, මිතුරන් මැරැණහම. මේ වගේ පොලිසියක් දැන් ලංකාවෙත් බිහිවෙලානේ.(නදී)
මේ වගේ රණවිරුවන් කොටින්ට පවා දුන්න එදා හිටපු පාලකයන්ට මෙලොවදීම විපාක ලැබුනා. ඒ අයගේ මිනියේ කෑලිත් නැතිඋනා කරපු පව් වැඩ වලට. ඒත් දැන් ඉන්න කෙනා පොලිසියට යටත් වෙන්න අණ දුන්නේ කව්ද කියල දන්නේ නැති බබා වගේ ඉන්නේ.(නදී)
මානව හිමිකන් විරෝධියෝ ලංකාවේ ඉන්න එක හරියට විදුලි බිලට පක්ෂව පෙළපාලි යාම වගේ.මොකෝ පොලිසියෙන් සමාන්‍ය ජනයා ගුටිකන එක අඩු වුනේ මානව හිමිකම් නිසා වගේම පහුගිය දවස්වල දේශපාලකයන්ගෙන් ගුටි කාපු පොලිස් නිලදාරියෝ වෙනුවෙන් පෙනී හිටියෙත් මානව හිමිකන් කොමිසම. (නි)
අපේ රටේ පන්ති බෙදේ තුරන් වෙනතාක් තුරාවට දොස්තරලා, ඉංජිනේරුවෝ, පොලිසියේ තදයෝ,හමුදාවේ ලොක්කෝ, දෙසපලකයෝ, කළමනාකරුවෝ, සහ අනෙකුත් නිලදාරියෝ පොඩි මිනිස්සුන්ට සද්දේ දමාවි.පොඩි මිනිස්සු ගරුත්වය යන නමින් පන්ති බෙදේ පෙන්වති.(ස)
ඔය 650 මරාපු කෙනාට දැන් පොලිසියේ අය සැලියුට් ගහනවා.(නදී)
ප්‍රධාන ආරාධිතයා විධියට ආවේ නියෝජ්‍ය ඇමති කරුණා අම්මන් මහත්තයා නෙමෙයිද? එහෙම ආවා නම් මේ අයට එතුමා ඉදිරියේ සැලියුට් එකක් ගහලා මියගිය පොලිස් විරුවො සිහි කරන්න තිබුණා.(නදී)
අවුරුදු 23ක අමිහිරි අත්දැකීමට එම මියගිය අයට අපි පින් පමුණුවමු! (නි)
රතික් ඔබ අමතක කරන්න එපා පොලිසියට කරන්න පුළුවන් රටේ තිබෙන නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් බව. හිතල බලන්න නීතියේ සලකුණ තරාදියක් අතේ තියන අන්ධ කන්‍යාවියක්. සාධාරණය ඉටු කිරීමට සැරසෙන්නේ මොකුත් කර කියා ගන්න බැරි කෙනෙක්. දැනට දශක කීපයකට කලින් ඔබට මතකනම් ඒ කාලේ පොලිසියට ක්‍රියා කිරීමට සිදුවූ ආකාරය. හැම දේශපාලන නායකයටම මැර හමුදාවක් හිටියා. ලංකාව පාලනය කලේ ඔවුන්ට උවමනා ආකාරයට මැරවර නායකයන්ට රජයෙන් ගවුරව නාම පවා ලැබුනා. නමුත් ඒ කාලයේ වැරදි කල කිසිම දේශපාලන නායකයෙකුට, පොලිස් නිලධාරියකුට උසාවියකින් දඬුවම් ලැබුනා කියල මාධ්‍යවල තිබුනද. අද තත්වය ඊට වඩා වෙනස් නේද? ඒ ගැන අපට සතුටු වන්න පුළුවනි. මාද්‍ය වල පලවන දේ ගැන හොඳින් මධ්‍යස්තව බලන්න. ඒවායේ ලොකු අකුරින් පලවෙන්නේ ජනප්‍රිය මාතෘකා විතරයි. මමදන්න තරමින් පසුගිය කාලයේ ලංකාවේ සිදුවුන සෑම අපරාධයකම අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගේන්න ලංකාවේ පොලිසියට පුළුවන් වෙලා තියනවා. නීතියට පිටින් ගිහින් දරුණු අපරාධ කරපු අයට දඬුවම් කල අවස්ථා පසුගිය කාලයේ දකින්න ලැබුනා. මොනවා උනත් දිගින් දිගටම පොලිසියට ගරහන්න එපා මොකද සත්‍ය ඊට වඩා බොහම සංකීර්ණයි.(නදී)
ඔක්කොම මැරුවේ කරුණා. දැන් අරයගේ ඔඩොක්කුවේ නිදි.(නදී)