රත්නපුරයට ගොස් එමින් සිටි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තුන්නානේ දී පොලිස් නිලධරයකු ගසකට යට වී මිය ගිය ස්ථානයට ද ගියේය.
පාර හරහා කපා දැමු රබර් ගසක් කේබල් කම්බියක රැදී තිබියදී ගස යටින් රිංගන්නට ගොස් කේබලය කඩා වැටී ඊට යට වී පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මරුමුවට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ට දම්මවේදනිය කර්මය පල දුන් හැටි.(නදී)
නුවන් නමැති පුද්ගලයා මොලය උඩ වාඩි වෙන එක්කෙනෙක්. පොලිස් පරීක්ෂක මහතා දිවි දුන්නේ සාමය හා දේපල ආරක්ෂා කරන්න ගිහින්. දන්නේ නැති ගාථා උපුටමින් පණ්ඩිත වාක්‍ය දැමීමට පෙර විචාර බුද්ධියෙන් කරුණු කාරණා තේරුම් ගෙන අදහස් දමන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.(නදී)
මහජනතාව වෙනුවෙන් රාජකාරිය කරන්න ගිහින් ජීවිතය පූජා කරපු වීරයෙක් ඔහුට නොයෙක් දේ කියන මිනිස්සුත් ලංකාවේ තම ඉන්නවා.අයි. පි මැරුණේ එයාගේ බුදලය රකින්න ගිහිල්ල නොවෙයි.මහජනයා වෙනුවෙන් අවංකව රාජකාරිය කරන්න ගිහිල්ල.(අ)
මෑතක සිට ඕනෑම දේකට උද්ඝෝෂණය කරන්න ජනතාව පාර අවහිර කිරීමට පුරුදු වී සිටිනවා. අද ඒ නිසා පොලිස් නිලධාරියකුගේ ජීවිතයත් නැතිවී තිබෙනවා. මෙම සිරිත වහාම නතර කල යුතුයි. තමන්ගේ ප්‍රශ්නය හෝ දුක්ගැනවිල්ල කුමක් වුනත්, පාර අවහිර කර වාහන හා මහජනතාවට හිරිහැර කිරීම අතිශයින් වැරදියි. නිශ්චිතවම මෙය වැලක්වීමට පොලිසියට බලතල තියනවා. (දිල්)
වැලිවේරියේදීත් අහිංසක ජීවිත 2-3ක් බිලි වුනානේ නේද? ඒවාට වගකිවයුත්තෝ දැන් හොයා ගෙනද දන්නේ නැහැ.(දිල්)
පොලිස්පතිත් ගියානේ. කොහේ හරි ඉඳල අනිත් ලොක්කොත් එයි නේද? (නදී)
රතුපස්වලට එහා යනවා.(නදී)
මරණයකදී අප දුක් වියයුතු බව අපේ සම්ප්‍රදායක්. ආරක්ෂක සේවයට අනු යුක්ත වගකීම් දරන පොලිස් නිලධාරියෙක් නීතිය ක්‍රියාවේ යෙදීම කෙසේ වෙතත් ක්‍රියා කර ඇත්තේ කුඩා දරුවෙකු ලෙසයි. ප්‍රශ්නයකට විසඳුම් හොයන්න පොදුවේ පොලිස් දෙපාර්තමේන්තුව අපොහොසත් බව නැවත ඔප්පු කළ අවස්තාවක් මේක. තත්වය මෙහෙම නම් තමන්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් ආවේගීව හැසිරෙන ජනතාවකගෙන් ඥානාන්විත හැසිරීමක් බලාපොරොත්තු වන්නේ කෙසේද? (නදී)
නොපැකිලව රාජකාරිය කිරිමට ගොස් මෙසේ මියයාම අභාග්‍යයට කරුණකි. ඔහුට නිවන් සුව. නමුත් තොප්පිය විසිකළ පමණින් ඒ පසුපස දිවයන සුවච කීකරු සුනඛයන් මෙන් නොවී භාදක සහ මරුකපොලු වඩාත් සෝදිසියෙන් සිටියානම් මෙම අවාසනාවන්ත මරණය සිදුනොවීමට ඉඩ තිබුනා නේද? (නදී)
ඔය කතා වැඩක් නැහැ. අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියම විස්තරයක් කියාවි.(නදී)
ආවෝ! ගියෝ! විතරයි. පොලිසිය නම් හැදෙන ආයතනයක් නෙවෙයි. (නධී)