IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘පොලිස්පතිට යළිත් සේවා දිගු නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු අතර ලොකු සටනක් අලුත් වටයකින් ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සඳහා ඔවුන් දේශපාලන අනුග්‍රහ ගැනීමට මේ දිනවල විවිධ උත්සාහ දරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් සති තුනක සේවා දිගුවක් පසුගියදා දෙනු ලැබීය.

එය ඔහුට දුන් තෙවැනි සේවා දිගුවයි.

මේ අතර මින් එහාට පොලිස්පතිවරයාගේ සේවය දීර්ඝ නොකර අලුතින් පොලිස්පතිවරයකු පත්කිරීමට රජය තීරණය කර ඇත.

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවය සති තුනකින් දීර්ඝ කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ජනාධිපතිවරයා සහ එම සභාව අතර මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති ධුරය සඳහා නියම සුදුස්සා තෝරා ගැනීම සඳහා මේ දිනවල කටයුතු ආරම්භවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් අධිකරණමය කටයුතු බාධාවක්වී පවතින බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ නව පොලිස්පතිවරයා ඉතාම ඉක්මනින් පත්කරන බවයි.

 



අදහස් (7)

‘‘පොලිස්පතිට යළිත් සේවා දිගු නෑ‘‘

keheliya Saturday, 21 October 2023 10:30 AM

අද පොලිසිය බාර ඇමැති සහ පොලිසියේ ඉහළ ඇවරි කෙතරම් දූෂිත වීදයත් හරක් කටා නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා පොලිසිය පාලනය කරන ආකාරයෙන් පෙනේ. ඔහු පොලිසියේ ඉහළටම කෝටි ගණන් අල්ලස් දී තිබේ. සීඅයිඩියේ අත් අඩංගුවේ සිට ගන්නා දුරකථන ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ගෙවා ඇත. ඔහු තමන් අල්ලස් දුන් අය ගැන මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ද ලබා දී තිබේ. පොලිසිය බාර ඇමැතියාම ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාජද්‍රෝහියෙකි. මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීමට බිඳක් හෝ වෑයමක් ගන්නා පොලිස්පතිවරයෙකු අවශ්‍යයි. නීති ගරුක පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට නොහැකි රටක් අරාජික එකක් නොවී වෙන කුමක් වෙන්නද?

:       3       33

Amal Saturday, 21 October 2023 11:23 AM

පොලිසිය බාර ඇමැති එල්ටීටීඊ සංවිධානයට රාජපක්ෂලාගේ කෝටි ගණන් අල්ලස් ගෙවූ රාජද්‍රෝහියෙකි...!

:       2       28

abaran Saturday, 21 October 2023 12:09 PM

පොලිස්පතිකම වෙනුවෙන් එක එකා බෙලිකපාගැනීම කෙතරම් පහත්ද? කරනවා නම් මේවෙලාවේ හොඳම වැඩේ තමයි ලංකාවේ හිටපු පළමු ශ්‍රී ලාංකික පොලිස්පති රිචර්ඩ් අලුවිහාරේ වගේ කෙනෙකු මෙම තනතුරට පත්කිරීම... ඒ වගේම ඔය ඇමැතිවත් ඔතැනින් ඉවත් කරලා වෙනත් අයෙකු පත්කිරීමත් අත්‍යාවශ්‍යයි. ඊට අමතරව පොලිස්පතිගේ අණ පිළිපදින්නේ නැතිව දේශපාලනඥයින් පස්සේ යන පොලිසියේ ඉහළ නිලධාරීන්වත් ඉවත්කිරීම හෝ දඬුවම් දීම... නැතිනම් කවදාවත් මේක හැදෙන්නේ නැහැ. දිල්රුක්ෂි බණ්ඩාරනායක වගේ කෙනෙකුත් මිට සුදුසුයි...

:       2       17

Nihal Saturday, 21 October 2023 12:15 PM

විෂය බාර ඇමැතිවත් එළවන්න... දේශබන්දුගේ නම ගාවන්නවත් එපා... ඔය දෙන්නා තරගෙට වැරැදි කරන්නේ...!

:       2       21

Sundar Saturday, 21 October 2023 01:12 PM

පොලිස්පති වෙන්න කාලෙක ඉඳන්ම දඟලපු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම ඉන්න 3 දෙනා හෝ ජ්‍යෙෂ්ඨත්වයෙන් දහවෙනියටත් පහලින් ඉන්න පොලිස් නළුවා මේ තනතුරට අවොත් පොලිසිය ඉවරෙටම ඉවරයි . අබරන් මහතාගේ අදහස කාලෝචිත එකක්. මොකද එහෙම කලොත් මින් ඉදිරියට ඒ එස් පී කාලේ ඉඳන්ම පොලිසිය පටන් ගන්න පොලිස්පතිවීමේ තරඟය වැඩකට නැති බව තෙරුම්ගත්තහම නීතිගරුකව තම තමන්ගේ රාජකාරිය ඉටුකරන්න නිලධාරීන් කටයුතුකරවී . ඒ වගේම පොලිස්පති කියන්නේ අපේ රටේ සිටින තවත් එක්තරා දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් මිසක අමුතු බලයක් හිමි සුපර් මෑන් කෙනෙකු නොවන බැවින් ඕනවට වඩා එම තනතුර අධි තක්සේරුවෙන් ස්ලකිම නවතුවහොත් ඔය තනතුරට පොරකෑම නවතීවි. ඒ වගේම විශ්‍රාමික පොලිස්පති වරයෙකුට රජයේ කිසිදු තනතුරක් ලබනොදීමද කලයුත්තක්

:       0       2

Rata Perata Saturday, 21 October 2023 02:08 PM

මේ ඔක්කොම පිස්සු නටන්නේ ගොටාගේ කාලේ වගේම දැනුත් රනිල් වගේ දුර්වල ,අකාර්යක්ෂම මොනිහෙක් ඉහලම තනතුරේ ඉන්න නිසයි

:       1       1

ගමේ එකාලා Saturday, 21 October 2023 05:04 PM

රිලෝඩ් එක මෙදාපාර වැඩ කරලා නෑ වගේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site