අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පතිට නොතීසි නිකුත් කර තිබියදී විදේශගතව සිටි පොලිස්පති වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්වී කරුණ දැක්වීම පැහැර හැරීම නිසා ඔහු ඉවත් කර පොලිස් කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
නීති කොට්ඨාසයේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සැකකාර පාර්ශවයෙන් අභියාචනාධිකරණයට ගොනුකර තිබූ හබයාස්කෝපූස් පෙත්සම අනුව පොලිස්පති ඇතුළු නිලධාරීන්ට මේ මස 9 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.
එහෙත් පොලිස්පති ඇතුළු නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් නැවත 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි දෙවැනි වරටද නොතීසි නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික ගේ කට්ටිය නේද මේකට අහු වුනේ ? පොලිස් පති පස්සේ එලවන්නේ ඇයි ? (රේ)
එයා පොලිස්පති නම් කාටත් ආදර්ශයක් දීම යුතුකමයි. (ර)
ඔය ලොකු ලොක්කෝ කිසි කෙනෙක් කිසිම වෙලාවක මේ රටේ නැහැ. ඉන්නෙම පිටරටවල.අපි හිතාගෙන ඉන්නේ කට්ටිය බරටම රට දියුණු කරන්න මහන්සි වෙනවා කියලා. හැබැයි අදාළ කෙනාට ප්‍රශ්නයක් එන වෙලාවට එයා හැමවිටම ඉඳලා තියෙන්නේ පිටරටක (නි)
රටේ නීතිය සියළු දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක වනු දැකීම සතුටුයි (නි)