IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිස්පතිට දෙවැනි වරටත් නොතීසි

අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පතිට නොතීසි නිකුත් කර තිබියදී විදේශගතව සිටි පොලිස්පති වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්වී කරුණ දැක්වීම පැහැර හැරීම නිසා ඔහු ඉවත් කර පොලිස් කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

නීති කොට්ඨාසයේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සැකකාර පාර්ශවයෙන් අභියාචනාධිකරණයට ගොනුකර තිබූ හබයාස්කෝපූස් පෙත්සම අනුව පොලිස්පති ඇතුළු නිලධාරීන්ට මේ මස 9 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

එහෙත් පොලිස්පති ඇතුළු නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් නැවත 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි දෙවැනි වරටද නොතීසි නිකුත් කැරිණි.

 



අදහස් (0)

පොලිස්පතිට දෙවැනි වරටත් නොතීසි

අධිරි Wednesday, 21 October 2015 10:04 AM

චම්පික ගේ කට්ටිය නේද මේකට අහු වුනේ ? පොලිස් පති පස්සේ එලවන්නේ ඇයි ? (රේ)

:       0       0

විජිත් Wednesday, 21 October 2015 10:46 AM

එයා පොලිස්පති නම් කාටත් ආදර්ශයක් දීම යුතුකමයි. (ර)

:       0       0

කින් බෙනට් Wednesday, 21 October 2015 01:21 PM

ඔය ලොකු ලොක්කෝ කිසි කෙනෙක් කිසිම වෙලාවක මේ රටේ නැහැ. ඉන්නෙම පිටරටවල.අපි හිතාගෙන ඉන්නේ කට්ටිය බරටම රට දියුණු කරන්න මහන්සි වෙනවා කියලා. හැබැයි අදාළ කෙනාට ප්‍රශ්නයක් එන වෙලාවට එයා හැමවිටම ඉඳලා තියෙන්නේ පිටරටක (නි)

:       0       0

රන්ජිත් Wednesday, 21 October 2015 01:33 PM

රටේ නීතිය සියළු දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක වනු දැකීම සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site