අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පොලිස්පති හෝ පොලිස් නිලධාරියකුට නියම කළ විට ඊට ගරු කරමින් අභියාචනාධිකරණය පොලිස්පතිට අවවාද කරමින් අද (16) නියෝග කළේය.
නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අභියාචනාධිකරණය හමුවෙහි පෙනී සිටි අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා මෙම නියෝගය කළේය.
පොලිස් නිලධාරියකුට එරෙහි විනය පරීක්ෂණයක් ගොනු කළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙසට සිව් වතාවක් නොතීසි නිකුත් කර තිබියදීත් පොලිස්පති හෝ ඔහුගේ නියෝජිතයකු අධිකරණයට නොපැමිණි නිසා එම අවස්ථා හතරේදීම පෙත්සම කල්ගිය බව විනිසුරු මෙහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ නියෝග වලට කවුරුත් යටයි (නි)
නීතිය කාටත් එක හා සමානයි. පොඩි මිනිහෙක් ආවේ නැත්නම් විතරක් ක්‍රියාත්මකවෙලා හරියන්නෙ නැහැනේ (නි)
නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව දැන් අපිට පෙනෙනවා (නි)
දඩුවමක් දුන්නනම් තමා වැදගත් ...(අ)
ඒ කියන්නේ පොලිසියේ අර කලින් තිබුණු මානසිකත්වය තාම වෙනස් කරගන්න බැරුවද ඉන්නේ? (නි)
නීතිය ඉදිරියේ සැවොම එක සමානයි. (ර)
මන් හිතන්නේ නම් මෙතෙක් හිටි හොඳම පොලිස්පති මෙතුමායි. එත් ඉතින් යටතේ ඉන්න කට්ටිය පාලනය කරගන්න බැරි වුනොත් නම් අවනම්බුව ලැබෙන්නෙත් එතුමාටමයි. (ර)
නීතිය කාටත් සමානයි. (නි)
අපි එහෙම මෙහෙම කළා නම් කොහොම තියෙයිද? (නි)
ගොඩක් අය කියල තියෙනවා නීතිය හැමට සමානයි කියලා. (ර)
පිත්තල බොත්තම් අල්ලපු නිල ඇඳුම් අඳින සමහරු හිතනවා එයාලා අනිත් අයට වඩා උසස්, උගත් මනුෂ්‍ය කොට්ඨාශයක් කියලා. ඕකනේ ප්‍රශ්නේ ..... (නි)
පොලීසිය කියන්නනේ නීතිය ක්‍රියාත්මක කරන තැන. (නි)