මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා අවසන් වරට පොලිස්පතිවරයාට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (06) තීන්දු කළේය.
ඒ අනුව පෙත්සම සම්බන්ධ විරෝධතා දෙසැම්බර් 17 වැනිදාට හෝ ඊට පෙර ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට නියම විය.පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නයෝමි කරවිට මහත්මිය පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා ඊට විරෝධය පළ කළේය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා මීට පෙර අවස්ථා කීපයකදීම කල් ලබාදී ඇතත් මෙතෙක් විරෝධතා ගොනු කර නැති හෙයින් කල් ලබාදීමට විරෝධය පළ කරන බව ජනාධිපති නීතීඥ ඉගළහේවා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ! මෙවන් දෙයක් වෙයි කියලා අපි සිතුවාද? (නි)
මටත් හිතාගන්න බැහැ මොනවා වෙයිද කියලා (නි)
තීරණාත්මක අවස්ථාවක් (නි)
අපි බලමු එතුමා ගන්නා තීරණය මොකක්ද කියලා (නි)
නීතිය කාටත් සම වියයුතුයි. (නි)
නීතිය කාටත් සමානයි (නි)
ඔය කුමන කොට්ඨාශයක් හරි හදලා රටේ මුදල් ගසා කාපු වංචනිකයින්ට නීති මඟින් දඬුවම් ලබා දෙන එක තමයි ජනතාවගේ ප්‍රාර්ථනය වෙන්නේ. නීති තර්ක ගෙනවිත් හොරු රකින්න වැට බඳිනවා නම් ඒක ජනතාද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ (නි)
පොලිස්පතිතුමා මොන තීරණය ගත්තත් අපි එතුමා සමඟ ඉන්නවා (නි)
අපරාද මැඩලීමට විශේෂ පොලිසියක් පිහිටුවීම වරදක්ද? (නි)
ඔය කුමන කොට්ඨාශයක් හරි හදලා රටේ මුදල් ගසා කාපු වංචනිකයින්ට නීති මඟින් දඬුවම් ලබා දෙන එක තමයි ජනතාවගේ ප්‍රාර්ථනය වෙන්නේ. නීති තර්ක ගෙනවිත් හොරු රකින්න වැට බඳිනවා නම් ඒක ජනතාද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ. (ර)
අපි බලා ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)
ඔක්කොම සමානනේ . ඔක්කොම හොරු තමා ,අපේ මාදුළුවාවේ හාමුදුවෝ ආසනීප වුන එක වීතර ඒ වුනේ (රේ)
හොරු අල්ලන එක නම් හොඳය . ඒක කරන්න පොලිසියට තියෙන නීති හොඳටම ඇති දේශපාලුවෝ මේවට නොගැවී ඉන්නවා නම් . මේ ඒක ඒක කොට්ටාශ ගෙනෙල්ල කරන්නේ රජයට අවනත නොවන හොරු දඩයම් කිරීම (රේ)
..හොරු සමග හෙළුවෙන් ...දැන් නැවතත් පෙන්වනු ලැබේ. (අ)
මොනවා වෙන්නද ඉතින් මේක නීති වීරෝදී එකක් (අ)
ආණ්ඩුවේ ඇතුලෙම හොරු 3 දෙනෙක් ඉන්නවා , අැවන්ගාඩ් සිද්දියට සම්බන්දකම් ඇති අය වෙන්න ඇති. (අ)
නීතියේ ස්වාධීන (නොවන)බව බොහොම පැහැදිලිව පේනවා මේකෙදි අභියාචනාධිකරණය කටයුතු කරන හැටියෙන්... (බ)
මොනවටද මෙච්චර කල් දෙන්නේ. සතියකින් ඕක කරන්න බැරිද? (ර)
අඩු ගානේ මේ මුල්‍ය අපරාධ කොට්ඨාසය නිසා ටිකක් හරි හොරකම් හෙළි දරව් වුණා. හොරු හෙළි දරව් වුණා. මේකට විරුද්ධව උසාවි ගිය බුද්ධිමතුන් මේ වෙනුවෙන් ගේන විකල්පය කුමක්දැයි කිව යුතුයි. මේක හොඳ නැත්නම් මීට වඩා හොඳ දෙයක් යෝජනා කල යුතුයි (ම)